Coke Kottu Beat Party මහනුවර වර්ණවත් කරයි | සිළුමිණ

Coke Kottu Beat Party මහනුවර වර්ණවත් කරයි

සිය ජනප්‍රිය ‘Is cooking’ ප්‍රවර්ධන වැඩසටහන සමඟින් කෝක් කොත්තු බීට් සාදයේ තවත් වැඩසටහනක් පසුගියදා මහනුවර දී සාර්ථකව නිමාවට පත් විය. මියුරු සංගීතයෙන් සහ ප්‍රණීත කොත්තු වර්ගවලින් රසවත් වූ මෙම වින්දනීය සැණකෙළිය පසුගිය ජූලි 29 වන සෙනසුරාදා දින කුණ්ඩසාලේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර ප්‍රවේශපත්‍ර ලෙස කොකා-කෝලා බෝතල්වල ලේබල් ඉදිරිපත් කරමින් 25,000කට අධික ජනතාවක් මෙම සැණකෙළිය සඳහා එක්ව සිටියහ. තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන මිඩ්ලේන් සහ තවත් කලාකරුවන් හතර දෙනෙකුගේ විවිධ අංගවලින් වර්ණවත් වූ මෙම අපූරු සන්ධ්‍යාවට සහභාගීවූවන්ට විවිධ රසවත් කොත්තු වර්ග රසවිඳිමට අවස්ථාව උදා විය. එක්ව සිටි සැමගේ විශේෂ අවධානය දිනා ගත් අංගය වූ Coke Kottu Battle හි ජයග්‍රාහකයාට රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් එහිදී පිරිනැමිණි.

Comments