DIMO Healthcare වෙතින් ZEISS Selective Laser තාක්‍ෂණය හඳුන්වා දෙයි | සිළුමිණ

DIMO Healthcare වෙතින් ZEISS Selective Laser තාක්‍ෂණය හඳුන්වා දෙයි

මෙම ප්‍රතිකාරය මඟින් ග්ලුකෝමා රෝගීන්ගේ දෛනික ඖෂධ අවශ්‍යතාව සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ අක්ෂි වෛද්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී වෙනසක් ඇති කරමින් මවුන්ට් ලෝටස් රෝහලේදී ප්‍රථම ZEISS SLT යන්ත්‍රය ස්ථාපනය කිරීම සිදුකෙරිණි. ZEISS සඳහා බලයලත් දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරමින් DIMO Healthcare රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට උසස් විසඳුම් ගෙන ඒමට කැපවී කටයුතු කරයි. මෙම ප්‍රතිකාර ක්‍රමය එක්සත් රාජධානියේ National Institute for Health and Care Excellence (NICE) හි නිර්දේශවලට අනුකූල වන අතර, Chronic open-angle ග්ලුකෝමා රෝගී තත්ත්වයෙන් පෙළෙන්නන් ලෙස අලුතින් හඳුනාගත් පුද්ගලයින් සඳහා මූලික ප්‍රතිකාරය ලෙස හඳුනාගෙන ඇත.

Comments