ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් ක්‍රීඩාවට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයෙන් අනුග්‍රාහකත්වය | සිළුමිණ

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ රගර් ක්‍රීඩාවට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයෙන් අනුග්‍රාහකත්වය

පාසල් රගර් ක්‍රීඩාවේ ඉදිරි පෙළ ප්‍රමුඛයෙකු වන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය විසින් පසුගියදා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ රෝලර් ඩෝ නිෂ්පාදනයේ පුරෝගාමියා වන ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය මීට පෙරද කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායම සදහා විවිධාකාරයේ අනුග්‍රාහකත්ව පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ පාසල් රගර් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඩී. එස්. සේනානායක විද්‍යාලය දක්වන දායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සෑම අවස්ථාවකම සහයෝගය දක්වයි.

ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර 1987 වර්ෂයේදී ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය දරා ඇති අතර ඔහුගේ සහෝදරයන් වන තුෂාර චන්දන කුමාර සහ මහේෂ් කුමාරද ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය 1989 සහ 1994 යන වසරවලදී දරා ඇත. මංජුල ආරියකුමාරගේ පුත්‍රයා වන ඩෙවින් ආරියකුමාර ද 2012 වර්ෂයේදී කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් කණ්ඩායමේ නායකත්වය දරමින් සිය පරපුර සහ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රගර් ක්‍රීඩාව අතර ඇති සබඳතාව තව දුරටත් වර්ධනය කර ඇත. “ත්‍රී සිංහ සමූහ ව්‍යාපාරය සෑම විටම සිය ආයතනික සමාජ මෙහෙවර මැනවින් අවබෝධ කර ගනිමින් සමාජ ප්‍රගමනයට සිය උපරිම දායකත්වය සපයනවා. සමාජයට ගුණ ගරුක, ඉවසිලිවන්ත, නොසැලෙන, ශක්තිමත් නායකයන් බිහි කිරීමට ක්‍රීඩාවෙන් ලැබෙන්නේ සුවිශාල දායකත්වයක්. කළමනාකාර අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර පවසන ලදී.

Comments