නවලෝක රෝහල් සමූහයට මිලියන120ක බදු පෙර ලාභයක් | සිළුමිණ

නවලෝක රෝහල් සමූහයට මිලියන120ක බදු පෙර ලාභයක්

නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මඟින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු පෙර ලාභය 158% කින් වර්ධනයක් අත් පත් කර ගැනීමට සමත් වී ඇත. මෙම මූල්‍ය වාර්තාව මඟින් නවලෝක රෝහල් සමූහය විසින් මෑතකදී සිදු කළ ව්‍යුහාත්මක වෙනස්කම්, වැඩිදියුණු කරන ලද සායනික සේවා සහ විශිෂ්ට රෝගී සත්කාරක සේවා ආදී ධනාත්මක මෙහෙයුම් ක්‍රියාකාරීත්වයන් මෙම මූල්‍ය කාර්යසාධනය සඳහා හේතු විය. නවලෝක සමූහයේ පිරිවැටුම රුපියල් බිලියන 2.6ක් වූ

අතර එය පෙර වර්ෂයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 2.1ට සාපේක්ෂව 21%ක වර්ධනයක් පෙන්නුම් කරයි. මීට සමාන්තරව නවලෝක සමූහයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 580ක් වූ අතර එය පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් මිලියන 200ට සාපේක්ෂව 185%ක වර්ධනයක් අත්කර ගෙන ඇත.

නවලෝක රෝහල් සමාගමේ කොටසක ඉපැයීම් ද සාධනීය අගයකින් වර්ධනය වී ඇති අතර එය 2023 වර්ෂයේ ජූනි 30 වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේ 0.085ක් ලෙස දැක් වුණු අතර මෙම අගය පෙර වසරේ දැක්වුණේ 0.148ක් ලෙසටය.

Comments