AIA 2023 වාර්ෂික අලෙවි සම්මාන උලෙළේ දී සේවා විශිෂ්ටත්වය ඇගයුමට | සිළුමිණ

AIA 2023 වාර්ෂික අලෙවි සම්මාන උලෙළේ දී සේවා විශිෂ්ටත්වය ඇගයුමට

AIA ඉන්ෂුවරන්ස්, ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම (ජාත්‍යන්තර කැපිටල් ෆිනෑන්ස් 2022,2021 සහ ග්ලෝබල් බෑන්කින් සහ ෆිනෑන්ස් රිවිව් 2020,2019-වෙතින් ප්‍රදානය කරන ලදී) නොබෝදා ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටලයේ අති උත්කර්ෂවත් අයුරින් පැවතී 2023, AIA අලෙවි සම්මාන උලෙළේ දී සිය විශිෂ්ට වෙල්ත් ප්ලෑනර්වරුන්, ඇගයුමට ලක්කරන ලදී.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර , නියෝජ්‍ය ප්‍රධාන විධායක උපුල් විජේසිංහ ප්‍රධාන ඒජන්සි විධායක චානක ලියනගේ ඇතුළු AIA හි විධායක කමිටු සාමාජිකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ මෙහෙයුම් කණ්ඩායම් සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වන ලද අතර දිවයිනේ නන් දෙසින් පැමිණ සිටි වෙල්ත් ප්ලෑනර්වරුන්, වෙල්ත් ප්ලෑනර් කළමනාකරුවන්, Three Tier කළමනාකරුවන් සහ බෙදාහැරීම් ඒකක ප්‍රධානීන්ගෙන් උත්සව සභාව සමන්විත විය.

‘Chasing Greatness, Across Time’ යන තේමාව යටතේ පවත්වන ලද මෙම අලෙවි උලෙළේදී AIA හි වෙල්ත් ප්ලෑනර්වරුන්ගේ අතිවිශිෂ්ට කාර්යසාධනය පමණක් නොව සේවාලාභීන්හට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට සහය වීම යන උදාර ප්‍රතිඥාවට සැබෑ අරුතක් එක්කිරීම සඳහා මෙම විජයග්‍රාහී අලෙවි වෘත්තිකයින් කරන්නා වූ කැප කිරීම් වෙනුවෙන් ද ඔවුන්ව සම්මානනීයව ඇගයීමට ලක්කරන ලදී.

 

Comments