UNDP සහ Hatch's CONNECT වැඩ සටහනින් අනාගතය සඳහා බලාපොරොත්තුවක් | සිළුමිණ

UNDP සහ Hatch's CONNECT වැඩ සටහනින් අනාගතය සඳහා බලාපොරොත්තුවක්

දක්ෂතාවය සහ අධිෂ්ඨානය දිරිමත් කිරීමේ විශිෂ්ට නවෝත්පාදයක් ලෙස , බොහෝ දෙනා අපේක්‍ෂා කරන ලද CONNECT Demo Day හි ආරම්භක ප්‍රදර්ශනය Hatch සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව සංවිධානය කර තිබිණි. ජුලි 20 වැනි දින කොළඹදී පැවති මෙම උත්සවයේදී රටේ අනාගතය සඳහා වඩාත් දීප්තිමත් සහ තිරසර අනාගත මාවතක් දල්වමින් උද්‍යෝගිමත් මෙන්ම සවිමත් සුවිශේෂී නව්‍ය ව්‍යාපාර 18ක් වේදිකා ගත විය. තිරසර ආහාර දාම, පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය තාක්‍ෂණය සහ EdTech වැනි අත්‍යවශ්‍ය අංශ සඳහා හදිසි අවශ්‍යතා සපුරාලීම අරමුණු කරගත් නව්‍යකරණයන් රැසක් මෙහිදී ප්‍රදර්ශනය කළ අතර ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා මෙහෙයවීමට උර දීම අධිෂ්ඨාන කර ගනිමින් දැඩි කැපවීමකින් යුතුව ව්‍යවසායකයින් විසින් මෙම ප්‍රදර්ශනය වෙනුවෙන් දායකත්වය සපයන ලදි.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් Hatch හි CONNECT වැඩසටහනේ කළමනාකරු වන නිරේෂ් රත්නගෝපාල් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයේ වැදගත්කම ප්‍රකාශ කළේය. Hatch සහ UNDP සුසංයෝගයේ සහයෝගීතාවයෙන් බලගැන්වෙන මෙම CONNECT වැඩසටහන නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට පමණක් නොව නව නිර්මාණකරුවන්ගේ සිහින සැබෑ කර ගැනීමට ද අත්වැල සපයන වේදිකාවකි. මෙහිදී විවිධ අංශවල පුරෝගාමීන් ඔවුන්ගේ විසඳුම් සමඟින් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කළ අතර ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වයේ දියුණුව පිළිබඳව මෙම උත්සවය කදිම සාක්ෂියක් විය.

Comments