සුසීගේ අයිතියට ඉඩ දියව්... | සිළුමිණ

සුසීගේ අයිතියට ඉඩ දියව්...

සුසී ලාංකේය නාමය ඔලිම්පික් ඉතිහාසයේ දෙවැනියට සටහන් කළ නාමයයි. එහි පළමු තැන ඩන්කන් වයිට්ට හිමි බව කාට නැතත් සුසීට අමතකය.

සුසී තමාව කාත් කවුරුවත් නඩත්තු කරන්නේ නැතැයි පවසමින් මහා නාඩගමකට මුල පිරුවාය.

අපි දෙන්නා සුසීගේ පිකට් එකකට යනවා. එනවා නම් ටොරිංටන් එකට එන්න. ජෙරියා පණිවිඩයක් කොටලා තිබ්බා.

ර්‍ණටටඪජඥ එකෙන් එළියට බැහැලා 120 බස් එකක එල්ලුණා. බස් එකේ අය කතා වෙන්නෙත් සුසීගේ පදක්කම වෙන්දේසි කරන එක ගැනයි.

ඇත්තද ඔය පදක්කම කෝටි විසිපහකට විකුණන්න පුළුවන් කියලා සුසී කියලා තිබුණේ.

ඒ විතරක්ද ඊළඟ මැතිවරණයට ක්‍රීඩා ඇමැතිගේ ඡන්දයට ඒකෙන් වියදම් කරන්නත් පුළුවන් කියලා තිබ්බේ.

එහෙනම් ඉතින් මොකටද ඇමැතිතුමා කියන්නේ ඒක අමාත්‍යංශය ගන්නවා කියලා. ඔය විකුණලා ගන්න ගානෙන් කීයක් හරි ඉල්ල ගත්තා නම් ඉවරයිනේ.

අනික ඉතින් සුසී ඔය කතාව එළිපිට මීට කලින් කිව්වේ නැති වුණාට, එයා ඔය පදක්කම දිනපු දවසේ ඉඳලා කළේ ඔය විකුණගෙන කාපු එක තමයි.

කොහොම හරි බස් එකත් කොට කොට ම ටොරින්ටන් ආවා. මම රෝයල් එක ළඟින් බැස්සා.

ටොමයි - ජෙරියයි බෝඩ් කෑලි උස්සගෙන කෑ ගහන සද්දේ ඇහුණට බෝඩ්වල ලියලා තියෙන දේ හරියටම පේන්නේ නෑ.

සුසීගේ අයිතියට ඉඩ දියව්...

සුසීගේ දේ සුසීට විකුණන්න අයිතියක් නැද්ද?

සුසී පදක්කම විකුණගෙන කෑවම අපිට මොකද?

දිව්වේ අපිද?

ඇයි කට්ටිය සුසීට මේච්චර බය?

කාඩ්බෝඩ්වල ලියලා තියෙන දේවල් දැක්කම මමත් හොල්මං වුණා.

මොනවද ජෙරියෝ මේ?

ඇයි ඔයාට තේරෙන්නේ නැද්ද?

මේ අඬවැඩියාවෙත් කෙළවරක් තියෙන්න ඕනෑ කියලා.

ටොමා පැනපු ගමන් කිව්වා.

දැන් බලන්න මොහොමඩ් අලී උදාර අරමුණක් වෙනුවෙන් තමන් දිනාගත් ඔලිම්පික් පදක්කම ගඟට විසි කළා. ඒ කියලා මොහොමඩ් අලීට දොස් කියපු කෙනෙක් හිටියද? අදටත් දොස් කියන කෙනෙක් ඉන්නවද? අනාගතයේදීවත් කිසි කෙනෙක් දොස් කියයි කියලා හිතනවද?

ඒක ඇත්ත ජෙරියෝ, දැන් බලපන් ඊට පස්සේ සුසී කිව්වොත් මාව තොපි නඩත්තු කරන්නෙත් නැත්නම්,මට මේක විකුණගෙන කන්න දෙන්නෙත් නැත්නම්, මම මේක පෑලියගොඩ පාලම උඩට ඇවිත් කැලණි ගඟට විසි කරනවා කිව්වොත් මොනවද කරන්නේ?

විසි කරපිය කියලා අහක බලාගන්නවා මිසක් වෙන කරන්න දෙයක් නෑ මචං, නැත්නම් ක්‍රීඩා ඇමැති තීරණය කරන්න ඕනා තවදුරටත් සුසිව නළවලා... අනාගතයේ තවත් ක්‍රීඩා ඇමැතිවරු කී දෙනෙකුට මේ හිසරදය ඉතුරු කරනවද කියලා.

Comments