කඩුපුල් මල් | සිළුමිණ

කඩුපුල් මල්

සුදට සුදේ රෑ මැදියම පිපෙනා                    කඩුපුල්
දසත පුරා සුවඳ හමන ලස්සන                    සුදුමල්
සුර අඟනුන් ඇවිත් නෙළා බුදුන්               පුදනමල්
උදෑසනම හිරුට බයේ සැඟවෙන                කඩුපුල්

රෑ අහසේ සඳ කිරණින් නැහැවීලා                  මලේ
හ‍ඳේ හාවා දැකලද ඔබ රෑ පිපුණේ                 මලේ
බඹරුන්ටත් රොන් ගන්නට බැහැනේ ඔබෙන්  මලේ
උදෑසනම පිපෙන්න ලස්සන කඩුපුල්              මලේ

කේ.ඒ. කාව්‍යා සිතුමිණි
9 ශ්‍රේණිය,
වික්‍රමශිලා ජාතික පාසල,
ගිරිඋල්ල. 

 

Comments