සිංහල නැක­ත් ක­ලාවේ අසි­රිය - 4 | සිළුමිණ

සිංහල නැක­ත් ක­ලාවේ අසි­රිය - 4

ඒ ඒ දවස්වල උදාවන රාශියට අනුව මොනරාගේ හෝ දියකාවාගේ ජය පරාජය දත යුතු ය. මෙකී දිනයන් හි මේෂ, කටක, තුලා, මකර රාශියක් උදා වන්නේ නම් මොනරා ජයගනී. එනම් ස්ත්‍රී ලග්න හිමියන්ට බල ඇත. දියකාවා දිය යට මරණයි. පුරුෂ ලග්න හිමියන්ට බල නැත. ඉදින් මෙකී දිනයන් හි වෘෂභ, වෘශ්චික, කුම්භ, සිංහ යන රැසක් උදා වනු ද එහි දී මොනරා ගසට නැඟ මර වේ. දියකාවා ගස මුල රඟනු ඇති බැවින් පුරුෂ රාශීන්ට බලය උදා වේ. ස්ත්‍රී රාශි හිමියෝ පරදිති.

විල - ගල - ගස යන සංකල්පය ඔස්සේ සිදුවන මොනරා දියකා සටන සත් පෑ හමාරක කාලයේ සිදුවන බවත් මොනරාගේ කාලයේ ස්ත්‍රී රාශීන් දියකාවාගේ කාලයේ පුරුෂ රාශීන් උදාව ජය ලබන බවත් ඔබ දැන් දන්නෙහිය. පෙර කී සත්පැය, සත්පැය හමාරක් ලෙස ගත යුතු බව ඉහත තැනක සඳහන් කරන ලද්දේ එහෙත් එය සත්පැයක් ම වන බව මෙහි පවසනු කැමැත්තෙමි. ඒ කෙසේ ද යත්.,

ඉරිදා උදාවුණු මොනරා වෘෂභ රැස මත ජය ගනී. ඒ උදේ 06.00 - 06.28 අතරය. මෙසේ 06.28 - 06.56 කටකය ද 06.56 සිට 07.24 දක්වා කන්‍යා 0 වද 07.24 - 07.52 වෘශ්චිකය ද 07.52 - 08.20 දක්වා මකරය ද 08.20 - 08.48මීනය ද මොනරා විසින් භුක්ති විඳිනු ලැබේ. ජය ගන්නා ලැබේ. එහි ඇත්තේ ඉංග්‍රිසි 0සි පැය දෙකකුත් මිනිත්තු හතළිස් අටකි. සිංහල පෑ හතකි. දියකාවා මේෂ රැස පටන් ජය ගනු ලබන්නේ උදෑසන 09 සිටය. මේ අතර සිංහල පෑ භාගය මහ සටනකි. එය කිසිදු සුබ කටයුත්තකට සුදුසු නොවේ. සටන නඩුවට ජයට, හදිසි ඉලක්ක ජය ගැනීමට මහෝපකාරී වුවත් දැන මිස නොදැන යෙදිය හැකි නොවන නිසා ආධුනිකයා ඉන් වැළකිය යුත්තේ ය.

දියකාවා ඒ සටනින් ජයගෙන උදේ 09.00 සිට විනාඩි විසි අටෙන් විසි අටට මේෂ, මිථුන, සිංහ, තුලා, ධනු, කුම්භ යන රාශි හය දවල් 11.48 දක්වා ජය ගනී. ඒ ඒ රාශි උදා වූවන්ගේ ජය මොහොත එය වේ. එහි දී 11.48 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ මහ සටනකි. දෙදෙනා පොරබදී. යුදකරයි. යුද්ධය දරුණු ය. වරින්වර ජය ගන්නා ඔවුහු අතුරින් නැවත දියකාවා පැරදී මොනරා දවල් 12.00 සිට පෙරපරිදිම ඔහු හිමි ස්ත්‍රී රාශි වළඳනවා ඇත. දැන් ඔබට කතාව පැහැදිලිවනු ඇත. මෙසේ හිමි දිනවල මොනරා ද දියකාවා හිමි දිනවල දියකාවා ද උදාව ඔවුන් හිමි ස්ත්‍රී - පුරුෂ රාශි වළඳනවා ඇත. ඒ සත් පැයේය. පැය භාගය යුදය නිසා සත්පැය හමාරක් වේ. මයුර සංහාර අංගයේ තවත් එක් පැතිකඩකි.

උක්ත සංකල්ප යටතේ ම මයුර -දියකා හටන පැහැදිලි කරන මයුර සංහාරයේ තවත් රසමුසුවක් මෙහි තවදුරටත් දිගහරිනු කැමැත්තෙමි. ඒ ව්‍යවහාරික රාශි උදාව සහ හෝරාව ඇසුරු කරමිනි. පෙර කී සංහාරය සහ මෙය හාත්පසින්ම වෙනස් ශක්ති ප්‍රභේදයක් බැවින් වෙන් වෙන් ව තේරුම්ගත යුතු බව පළමුව සඳහන් කළ යුතු ය. මෙහි මොනරා රවි, කුජ, ගුරු, සඳු දිනයන් හි උදාවනු ඇත. ඒ ඒ දවස්වල උදාවන රාශියට අනුව මොනරාගේ හෝ දියකාවාගේ ජය පරාජය දත යුතු ය. මෙකී දිනයන් හි මේෂ, කටක, තුලා, මකර රාශියක් උදා වන්නේ නම් මොනරා ජයගනී. එනම් ස්ත්‍රී ලග්න හිමියන්ට බල ඇත. දියකාවා දිය යට මරණයි. පුරුෂ ලග්න හිමියන්ට බල නැත.

ඉදින් මෙකී දිනයන් හි වෘෂභ, වෘශ්චික, කුම්භ, සිංහ යන රැසක් උදා වනු ද එහි දී මොනරා ගසට නැඟ මර වේ. දියකාවා ගස මුල රඟනු ඇති බැවින් පුරුෂ රාශීන්ට බලය උදා වේ. ස්ත්‍රී රාශි හිමියෝ පරදිති. මෙසේ රවි, කුජ, ගුරු, සඳු දිනයන්හි උභය හෙවත් මිථුන කන්‍යා ධනු මීන රාශි උදා වන කල්හි මොනරා ජය ගන්නා බවත් දියකාවා දුබල වන බවත් දත යුතුය. මෙසේ මයුර දියකා හටනේ තවත් ප්‍රභේදයක් ඔබ සතුව ඇත. ජෝතිෂ්‍ය ට නැකත් කරණයේ දී උපයෝගී වන සුවිශේෂී න්‍යායක් මෙහි දී හෙළි කර ඇත. සාමාන්‍ය පාඨකයාට ද යම් අවබෝධයක් ඇත් නම් දෛනික සුළු සුළු කරුණු කාරණා සඳහා මෙකී නැකත් උපයෝගි කරගත නොහැක්කේ නොවේ. මෙකී කරුණෙහි සෙසු දිනයන් පිළිබඳව ද දැන් හෙළි කරනු ලැබේ.

බුධදා, කිවිදා හා ශනිදා යන දිනයන් හි මේෂ, කටක, තුලා, මකර, රැසක් උදා වේ නම් මොනරා ජය ගනී. දියකාවා හිමි පුරුෂ ලග්න හිමියන්ට ජය නොවේ. වෘෂභ, වෘශ්චික, සිංහ, කුම්භය උදා වේ නම් මොනරා පරදිනු ඇත. දියකාවා ජය ගනු ඇත. සෙසු ලග්න සතර උදා වේ නම් මොනරා ජයගෙන දියකාවා පරදිනු ඇත. මෙසේ මයුර සංහාරයේ ගස - ගල - විල යන සංකල්පයේ තවත් ගණිත රාමුවක නිමාව සටහන් කරන්නෙමු. මෙකී දඬුමරණ ශාස්ත්‍රියෙහි සෙසු අංග ප්‍රත්‍යංග නාම මාත්‍රිකව ව හෝ ශේෂ වූයේ නම් ඒ අත්තරගම රාජගුරු බණඩාරයන් නිසාවෙනි. එකී ඇජුරුමුල සතුව පවතින ඒ දැනුම් සම්භාරයෙන් කොටසක් හෝ ඔබට තිළිණ කරන්නට ලැබීම භාග්‍ය්‍යකි. මෙකී දඬුමරණයේ ගජ චක්රස, නර චක්‍ර සහ වෙනත් රූප චක්‍ර බොහොමයක් භවිත කෙරෙන අතර බොහෝ දේ මෙහිලා ගෙනහැර දැක්වීම අපහසු නමුදු හැකි උපරිමයෙන් ශ්‍රාස්ත්‍රීය උන්නතිය උදෙසා එම කැපකිරීම කරන්නට වෙර දරන්නෙමු. මේ සියල්ල නැවතත් සුපිරිසිදු හෙළ නිර්මාණයන් වන බව

 

කිරණේ නම් රිවි සඳු රැඳි දෙරණේ

දෙරණේ නම් මිහිකත සැදු දෙරණේ

ද රණේ නම් මුචලිඳුගේ දරණේ

සරණේ නම් වැඩ උන්මුනි සරණේ

ලද්දේ නම් සිව්වේද උගත් දේ

සුද්දේ නම් ඉසිවර කුල සුද්දේ

සිද්දේ නම් මේ ලොව පර සිද්දේ

යුද්දේ නම් අසුරයන්ගේ යුද්දේ

 

යන දෙපැදියෙන් හෙළිවන බව ඔබට පසක් වනු නොඅනුමානය.....

Comments