දැන රැඟුම සහ නොදැන අත­රමං වීම | සිළුමිණ

දැන රැඟුම සහ නොදැන අත­රමං වීම

නාට්‍යයක් යනු කුමක් ද යන්න අර්ථකථනය කිරීම එතරම් පහසු නොවේ. මන්දයත් එක් එක් පුද්ගලයා ඒ සම්බන්ධව දක්වන මතවාද සහ වටහා ගත් ස්වරූපය එකිනෙකට වෙනස් වීමයි. මෙහි ලා නාට්‍යයකදී නාට්‍යකරුවාගේ පෞද්ගලික අත්දැකීම්, වින්දන අත්දැකීම, භාෂා ඥානය, සහ පරිකල්පනය ද නාට්‍යයක් නිෂ්පාදනයේදී වැදගත්වේ. මේ නිසා ඇතැම් නාට්‍ය නැරැඹීමෙන් පසු ඒ පණිවිඩය තමාටම නිර්දේශ කළ වූවක් සේ ප්‍රේක්ෂකයාට අවබෝධ වේ. මෙය නාට්‍යකරුවාගේ නාට්‍ය නිර්මාණයේ සුවිශේෂතාවකි.

වර්තමානයේ බොහෝ දෙනා යම් සිදුවීමක් හෝ සිද්ධියක් අරඹයා නිර්මාණයක් කරයි. හුදෙක් මේ නිර්මාණය නාට්‍යයක් වීම අනෙකුත් නිර්මාණවලට වඩා සුවිශේෂ වේ. නාට්‍යයක් මඟින් ප්‍රේක්ෂකයන් ඒකාග්‍රාතාවයට ගැනීම සිතන තරම් පහසු නොවන අතර ඒ මඟින් රසාස්වාදයක් ලබා දීම ද අප කිසිවිටක ලඝු කළ යුතු නැත. සමාජ යථාර්ථය සහ සමාජයේ පවතින අවනිතිය හෝ උපනිතිය යම් සිද්ධි මාලාවක් ඔස්සේ සමාජගත කිරීම නාට්‍යයකින් සිදුවේ. එහෙත් වර්තමානයේ මේ කර්තව්‍ය මේ ආකාරයටම ඉටු වේද යන්න ප්‍රශ්නයකි. කුමක් හෝ සිද්ධියක්, වරිත කීපයක්, රංගන වස්ත්‍ර, පසුතල නිර්මාණයක් පමණක් නාට්‍යයක් ලෙස පෙන්වීමට බොහෝ නාට්‍යකරුවෝ උත්සාහ දරති. මේ අනුව හොඳ නාට්‍ය කලාවක් පැවැතීමට නම් ප්‍රතිභාපූර්ණ නාට්‍යකරුවන් පිරිසක් සිටිය යුතුය. වත්මන් සමාජයේ ආධ්‍යාත්මික පරිහානිය දෙස බලන විට මේ බොහෝ නාට්‍ය කරුවන්ගේ නිර්මාණ ඒ සමාජ වටපිටාවට සරිලන ඒවාය. මේ නිසා නාට්‍යයක් නිර්මාණය කිරීමට පෙර එහි ප්‍රභවය හා විකාශනය පිළිබඳ අවබෝධයක් ලබා තිබීම වැදගත්ය. ගල හොඳ නම් අඹරන කහ මක්වේද යන්න කියමනක් තිබේ. මේ අනුව හොඳ නාට්‍යයක් බිහිවීමට නම් එහි ප්‍රභවය හා විකාශනය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.

ග්‍රීක නාට්‍යයේ උපතට ගුරු වූයේ ඇතෑන්ස් නුවරය. මෙහි ඇත්‍රෙපොලිස් නම් පර්වත පුරවරයකි. මේ පුරවරයේ දියෝනිසස් දෙවියා මූලිකත්වයේ ලා තැනූ දෙවොලකි. මේ දොවොල පාමුල මුලින්ම රංගන භූමියක් ඉදි වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. මෙය එළිමහන් රංග පීඨයක් වූ හෙයින් ඕනෑම අවස්ථාවක ජනතාවට පිට වීමට හා ඇතුළුවීමට හැකියාව තිබුණි. මේ රංගන භූමියේ එකවර දාහත්දහසක් පමණ අසුන් ගත හැකිය. බොහෝවිට මේ ස්ථානයේ රැඟුම් නැරැඹීමට පැමිණියේ ගොවියෝය.

මෙකල ශ්‍රීසියේ ප්‍රධාන භෝගය වූයේ මිදිය. මිදි අස්වැන්නෙන් ගොවියන් සශ්‍රීක වූ කල ඔවුහු දෙවියන්ට තුති පිදූහ. එය අමුතු ආකාරයක තුති පිදීමකි. දෙවියන් උදෙසා ස්තුති ගී ගායනා කරමින්ම විවිධ චලනවල යෙදීමට ඔවුහු බෙහෙවින්ම ප්‍රිය වූහ. මිදි අස්වැන්න නෙළූ සෑම කාලයකම මේ රංගනය දැක ගත හැකි විය. සෙස්සෝද මේ අපූරු රංගනය නැරැඹීමට රැස් වූහ. මේ රංගනයට යම් අරුතක් ඇති බවත්, ඉන් සමාජීය පණිවිඩයක් ප්‍රදානය කරන බවත් ඉන් විද්‍යාමාන විය. මෙලෙස භක්තියෙන් මුසපත් වූ මිදි ගොවියන් තම තමන්ට ආවේණික වූ ස්වතන්ත්‍ර ප්‍රභාවක් රඟ දැක්වීය. මෙය බොහෝ විට ඔවුන්ටම ආවේණික විය. මේ සඳහා අධ්‍යක්ෂවරයෙක් හෝ පිටපත් රචකයෙක් නොවීය. මෙය ග්‍රීක ජනතාවට පමණක් සීමාවූවක් නොවේ. ස්වභාදහම දේවත්වයෙන් සැලැකීම සහ ස්වභාදහමේ වස්තූන්ට ස්තුති ප්‍රශංසා දීමට අපේ මුතුන් මිත්තන් පුරුදු වී සිටීම මෙහි මූලයයි. මේ අනුව අපේ අතීත මිනිසා සරුසාරත්වය පතා පුද පූජා කළේය. ඔවුහු මෙය රැඟුමෙන් දැකීමට වෙහෙස මහන්සි වූහ. අවසානයේ එය නාට්‍යයක් විය. ග්‍රීක නාට්‍ය කලාව බිහි වූයේ දියෝනිසස් දෙවියා වන්දනා කිරීම උදෙසා ය. අනුක්‍රමණයෙන් මිනිස්සු තමන්ගේ නොයෙක් අභිමත ප්‍රකාශ කිරීම උදෙසා නාට්‍ය කලාව යොදා ගත්හ. එහෙත් ඒ සෑම චලනයක යම් කිසි අරුතක් ගම්‍ය විය. මේ අරුත බලා සිටින ප්‍රේක්ෂකයන්ට නිසි ලෙස වැටහීම උදෙසා ඔවුහු තම අභිනයන් උවිත ලෙස යොදා ගත්හ. මේ අනුව නාට්‍ය බිහි වූ අරමුණ අපට පැහැදිලිවෙයි.

නාට්‍යයක් යනු කුමක් ද යන්න අර්ථකථනය කිරීම එතරම් පහසු නොවේ. මන්දයත් එක් එක් පුද්ගලයා ඒ සම්බන්ධව දක්වන මතවාද සහ වටහා ගත් ස්වරූපය එකිනෙකට වෙනස් වීමයි. මෙහි ලා නාට්‍යයකදී නාට්‍යකරුවාගේ පෞද්ගලික අත්දැකීම්, වින්දන අත්දැකීම, භාෂා ඥානය, සහ පරිකල්පනය ද නාට්‍යයක් නිෂ්පාදනයේදී වැදගත්වේ. මේ නිසා ඇතැම් නාට්‍ය නැරැඹීමෙන් පසු ඒ පණිවිඩය තමාටම නිර්දේශ කළ වූවක් සේ ප්‍රේක්ෂකයාට අවබෝධ වේ. මෙය නාට්‍යකරුවාගේ නාට්‍ය නිර්මාණයේ සුවිශේෂතාවකි. නාට්‍යයක පිටපත රචනයේ සිට නළුවා විසින් වේදිකාවේ රඟදැක්වීම දක්වා කාර්යය යම් කිසි රිද්මයකට අනුව අරුත් ගැන්වෙන ලෙස සිදුවේ. එසේ සිදු නොවූවොත් එය හුදෙක් වචන මාලාවක් පමණක්ම වේ. මේ අනුව නළු නිළියන් මඟින් දෙබස් කියවීමෙන්ම පමණක් නාට්‍යයක් නූපදී. ඒ සඳහා නිසි සන්දර්භයක් මෙන්ම ඉදිරිපත් කිරීමක් ද අවශ්‍ය වේ. මෙලෙස දෙබස් ඉදිරිපත් කිරීම නළුවාගේ හෝ නිළියගේ සතතඅභ්‍යාස මෙන්ම ඔවුන්ගේ මනෝභාවයන් ද ඍජුවම බලපායි. මේ නිසා නාට්‍ය පිටපත් රචකයකු යම් චරිතයකට නළුවෙක් හෝ නිළියෙක් තේරීමේ දී ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. නැතිනම් සාර්ථක ඉදිරිපත් කිරීමක් කළ නොහැකි වේ. මේ නිසා නාට්‍යයක් ඉදිරිපත් කිරීමේදී සහ රඟදැක්වීමේදී සැලකිලිමත් වීම වඩාත් වැදගත් වේ. නැති නම් නාට්‍යකරුවාට සිදුවන්නේ ප්‍රේක්ෂකයා අතරමං කරමින් තමා ද අතරමං වීමටය.‍ප්‍රේක්ෂකයාගේ හුද ‍මනෝභාවයන් තේරුම් ගෙන ඊට අනුගතව නාට්‍ය නිර්මාණය කිරීමට නාට්‍යකරුවා අවබෝධයෙන් උගත යුතුය. නැති නම් නාට්‍යකරුවා නාට්‍ය කෙරෙහි රන්දවා ගැනීමට නොහැකි වේ. මේ නිසා පළමුව ප්‍රේක්ෂකයා නාට්‍ය කෙරෙහි රඳවා තබා ගැනීමට සුදුසු නට්‍යයක් විය යුතුය. නැතිනම් එය හුදෙක් ම පිටපතක් ම වේ. සරත්චන්ද්‍රයන්ගේ නාට්‍ය ගැන අද ද මිනිසුන් කතා කරනුයේ ඒවා තවම මිනිසුන් අතර ජීවත් වන බැවිනි.මේ නිසා නාට්‍යකරුවකු තැනිය යුත්තේ සදාතනිකව ජීවත්වන නාට්‍යයකි. නැතිනම් සදාතනිකව ජීවත්වන වස්තු විෂයකි. එවිට එය පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යාහැකිය.නාට්‍යකරුවා වූ කලී තම විෂය සමඟ බද්ධ වූවෙක් ‍විය යුතුය. නැති නම් බිම්මලක් පිපී පරවෙන තෙක් ඔහුගේ ඉදිරිපත් වීමද කෙටි කාලීන වේ. 

Comments