මායා­දුන්නේ හා රාජ­සිංහ ගැන කියැ­වෙන කෝවි­ලක කතාව | සිළුමිණ

මායා­දුන්නේ හා රාජ­සිංහ ගැන කියැ­වෙන කෝවි­ලක කතාව

සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තල්දූවේ සීතාවක නදිය මධ්‍ය කොටසක උස්වූ බිමක බැරැණ්ඩි කෝවිල පිහිටා තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ අනුරාධපුරයෙන් ඇරඹුන සිංහල රාජ්‍යයන් මහනුවරින් අවසන්වන ඓතිහාසික යුගයන්හී අතරමැද යුගයකින් බිහිවූ රාජ්‍යය, සීතාවක කේන්ද්‍ර කරගනිමින් පැවතියේය, " විජයබා කොල්ලය ත් සමඟ " ක්‍රී: ව: 1521 දී කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදී කෝට්ටේ බුවනකබාහු රයිගම රයිගම්බංඩාරත් සීතාවක මායාදුන්නේ යන කුමරුවන් තිදෙනා කොටස් තුනකට බෙදී රට පාලනය කෙළේය. සීතාවක රාජධානිය ශ්‍රීලංකීය ඓතිහාසික පෙලගැස්සීමේදී දිගු කාළ පරිච්ඡේදයක් නියෝජනය නෙවුනද පෘතුගීසි සමඟ දැවන්ත සටන් කර කොළඹ කොටුවට සීමා කිරීමට සමත්වී ඇත.

දේශීය හා විදේශීය කුමත්‍රණයන්ට මූහුණ දීමට සිදුවූ යුගයකේ නමුත් කොළඹ කොටුව හැර මුළු ලංකාවම සීතාවක රාජධානිය යටතට ගත් යුගයක්ද වීය. මෙහි රජවූ පළමුවෙනි රාජසිංහ රජු ඓයිතිහාසික වශයෙන් මැදගොඩ පත්තිණි දේවාලය, කඩදර පත්තිණි දේවාලය, කබුළුමුල්ලේ පත්තිණි දේවාලය, පෙතන්ගොඩ උයන අතලව වැව කරවා ඇති බවද සඳහන්ව තිබේ. නමුත් අද පෙතන්ගොඩ උයනේ ඇත්තේ රාජසිංහ රජුගේ මරණයට තුඩුදුන් කටු උණපදුර පමණි. අතලව වැවේ එක් බැම්මක් පමණ පසු කාළයේදී ජනයා වැව් බිම කුඹුරු කරගෙන වගා කරයි. නමුත් බැරැණ්ඩි කෝවිලද රාජසිංහයන් විසින් කළා යැයි ජන වහරේ පවතී. රාජසිංහ රජු විසින් තම පියා වන මායාදුන්නේ රජු මරා රජකම ගත් බව පැවසේ.

මෙරට රාජ්‍යත්වයට පත්වන සෑම රජතුමෙක්ම අනිවාරයෙන්ම බුදුදහම නඟා සිටුවීමට ගතහැකි සෑම පියවරක්ම ගත යුතුය යන ප්‍රතිඥාව ලබාදී රාජ්‍ය ලබා ගතයුතු වීය. එම ජනප්‍රවාදයට අනුව සීතාවක රාජසිංහයෝ තම පියා මැරූ පවින් මිදීමට බුදුදහමින් සරණක් නොවූයෙන් වැරදි මගක යමින් වැරදි උපදෙස් පිළිපදිමින් ශිව භක්තිකයකු වී හින්දු ආගමට හැරී බුදු දහමට වෛර කරමින් ඉන්දියාවෙන් පැමිණියා යැයි සැලකෙන අරිට්ඨුකීටවණ්ඩු පෙරුමාල් නම් පූජකයාගේ උපදෙස්මත විවිධ යාගහෝම තිරීමටත් ඔහුගේ උපදෙස් මත මෙම කෝවිල ඉදිකරන්නටත් ඉකටයුතු කලබව ප්‍රකාශ වේ.

මෙම පූජකවරයාට රාජසිංහ රජු තරමක් අසීරු අයුරින් මෙම කටයුක්ත කිරීමට ගඟ මධ්‍යයේ නැත්නම් ගඟ මත මෙම දේවාලය ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටි විට ඇදුරා තැතිගත් නමුත් අභියෝගය භාරගත්තේ "රාජා හෝ මාහෝ ගංඟාහෝ" මුවින් පිට කරමිනියැයි කියවේ. ජනප්‍රවාදයේ මෙවැනි මත තිබුණත් මෙම දේවාල භුමියේ විශාලත්වයත් කබොක් ගල් සහිත පිහිටි පසත් සැළකිල්ලට ගතහොත් ඒ අනුවත් ගඟ ගොඩකිරීමක් නොවූ බව පැහැදිලිවේ. මෙම ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත්තේ කළු ගල්ය. ඒ අනුව මෙම ඉදිකිරීම හදිසියේ සිදුවූවක් නොවන බව පැහැදිලිය. ඉන්දියානු "විජය නගර්" සම්ප්‍රදායට අනුව හා පොලොන්නරු යුගයේ කෝවිල් සම්ප්‍රදාය අනුගමනය කර ඇති බවද පෙනේ.

මෙය ඉදිකිරීම සඳහා කලුගල් වෙනත් ස්ථානයක පිළියෙල කර ගෙනෙන්නට ඇතැයිද අනුමාන කළහැකිය. අවසාන හැඩගැස්වීම් හා කැටයම් පිලියෙල කර ඇතැයිද අනුමාන කළහැකිය. බැරැණ්ඩි කෝවිල ගැන සමාජගතව ඇති තවත් මතයක් නම් මෙම ඉදිකිරීම සිදුකර ඇත්තේ මායාදුන්නේ රජු විසින් බවය. යුද්ධයේදී පෘතුග්‍රීසීන් විනාස කළ මෙය රාජසිංහයන් විසින් නැවත ප්‍රථිසංස්කරණය කර ඇතිබවය. කෝවිලට පිවිසීමට මීටර් 50 කට පමණ පෙර හමුවන ගල් පාලමෙන් මෙය වටා දිය අගලක් තිබූ බවට සාධකයකි. අඩි 15 ක් දිග අඩි 3 අඟල් 6 පළල හා අඩි 2 ක් ඝණකම ඇති ගල්ලෑලි හතරකින් සමන්විතය. එම ගල් පුවරු සෑදීම මෙතනට ගෙනඒම විශ්ම ජනකය. භුමියේ පිහිටීම උපයෝගී කරගනිමින් මාලක ආකාරයට ගං ඉවුරදෙස සිට ඉහලට එසවුන ඉදිකිරීමේ ගල් පාලමෙන් ඇතුළුවෙනවත් සමඟම එහි නිර්මාණය දර්ශනය වේ. කෝවිල අඩි දෙකක් උසට නෙරා සිටින ගල් ඇල්ලූ පාදමක් මතින් ඉහලට නැගෙන අතර එම පාදමේ තෙවන මලුවේ ගල් බැම්ම මතින් ආරම්භ වී ඇත. එමගින් ඉහලින් වූ දේවාලයේ හා වේදිකාවේ කැපීපෙනෙන වෙනසක් ලංකිරීමට උත්සාහ දරා තිබේ. උස් වේදිකා ත්‍රිත්වයක් සේ පෙනෙන ඉදිරි පෙනුම සහිත කෝවිලේ පළමු වට ප්‍රාකාරය ගල් පුවරු එකිනෙකමනාලෙසින්වද්දාසකස්කරතිබේ.ඇතුලතින් ‍හෝ පිටතින් ඉදිකිරීට එල්ලවන පීඩණයන්ගෙන් වලක්වා ගැනීමට හැකිවනසේ සෑම ගල් පුරුවකමකට්ටා කපා කාණු බේරීමක් සිදුකර තිබේ. ගල් පුවරුල විවිද කැටයම් යොදා ඇත පලමු වේදිකාවෙන් ඇතුල්වීමෙන් අනතුරුව ඇත්තේ අර්ධ මණ්ඩපයයි . එම කොටසේ ද අලන්කාර මොස්තරද කැටයම්ද වේ. අර්ධ මණ්ඩපයෙන් ඇතුළුවූ පසුව හමුවන්නේ විමාන කොටසහිද විචිත්‍ර කැටයමින් සරසා තිබේ.

මෙම කෝවිලට පිවිසීමට ඇති ගලින් නිමවූ පාලම යටින් යන දිය අගල උතුරෙන් හා දකුනෙන් සම්බන්ධව තිබූ බවටත් ඉන් ඔබ්බෙහි ප්‍රාකාරයක් තිබූ බවට සාධක ඇත. කෝවිල අභාවයට ගිය අවදියේ මෙම අගල කපා ගොඩකිරීම නිසා ග‍ඟේ වතුර වැඩිවූ පසු දිය අගලට ජලය ආ කපොල්ලෙන් නිතරම දැනට ඇති තල්දූව නගරය වතුරෙන් යටවේ. දිය අගලට වතුර ගැනිම සඳහා සීතාවකග ගං ඉවුර කපා ඇති අයුරු දැනුදු හොදින් පෙනෙයි. සීතාවක රාජධානිය පිළිබද තොරතුරු රාසියක් විකෘතිකර ජන වහරට එක්වීම නිසා ඒවා තුළ එල්බගෙන සිටිනවා විනා ඇතැමුන් යමක් පැහැදිලි කරගැනීමක් සඳහා වෙහෙසක් නොගනිත්.

ආචාර්ය සාර්ලිස් අමරසිරි මහතා සබරගමුව වංශ කථාවෙහි සීතාවක පෙදෙස විජයබා කොල්ලයට පෙර මායාදුනු රට වශයෙන් හැදුන්වූ බවද සිරි විජයබා කුමරු විජයබා කොල්ලයෙන් පසු මායාදුනු පුරයට පැමිණ මායාදුන්නෙ නමින් රාජාභිසේක ළබා සීතාවක නමින් රාජ්‍යයක් පිහිටලූ බව අචාර්ය පුංචිබංඩා සූරීන් ද සිංහල සාහිත්‍යවංශ ග්‍රන්තයේ ඉඟිකර ඇතිබව පෙන්වමින් මෙසේද සඳහන් කරයි. කුරුණෑගල රාජධානිය පවති අවධිය වන (රාජ්‍යවර්ෂ1302--1326) දක්වා රජකළ 4 වන පැරකුම්බා රජු මයාදුනු පුරවරයේ උපුල්වන් දෙවියන්ට දේවාලයක් ඉදිකළ බව සිංහල මහාවංශයේ 439 පිටුවේ මෙසේ සඳහන්ය "ඉක්බිති නරපත්තෙමේ මායාදුන්නේ නම් රට චිත්තාකර්ශනය කරවන සුළුවූ රාෂ්ට්‍රයෙහ. යහපත්ප්‍රාකාර. ද්වාර කෝඡ්ට අබිනව නගරයක් නිමවා එහි පඬුරු ගෝපුර දොරටුවෙන් යුක්ත වූ උස් සිඟුයෙන් හෙබියා වූ විභූවක දේවාලයක් කොට නිමවා එහි උත්පල වණ්න දිව්‍ය රාජයාගේ භාස්වර වූ මහා රූපය පිහිටුවා පුද පූජා පැවැත් වගය''.

මහනුවර විෂ්ණු දේවාලයට මෙම කෝවිල් භූමිය හා අවට ඇති ඉඩම් අයිතිවේ. සෑම වර්ෂයකම මේ ඉඩම්වල පදිංචි අය නුවර විෂ්ණු දේවාලයට බදු මුදල් බැඳීම නිසා පෙනීයන්නේ මේ මතයේ යම් දුරට සත්‍යයක් ඇති බවය.

ප්‍රාදෙශීය කෑ.කෞ. නිළධාරීණී ජානකී බියන්විල මහත්මිය පවසන පරිදි මෙම නටබුන් තුළ අද දක්නට ලැබෙන සත්ව රූප පලාපෙති කැටයම්වලට අමතරව මෙහි බිත්ති තිබුනු බවද එහි දේව රූප දේවකථා චිත්‍රයට නගා තිබුනායැයි ද සැවුල් සංදේශයෙන් කියැවේ.කොතනන් පුරාවිද්‍යාත්මක තොරතුරු වනසන නිදන් පාළුවෝ මෙයටද බරපතළ හානි සිදුකර ඇත. මෙහි බැම්මක ගිරා රූපය සහිත ගල නිදන් හොරුන් විසින් පුපුරවා හැරීමට දෙපොලකම ටිද ඇත .මෙය බේරා ගැණීම සඳහා මෙම ගල පුරාවිද්‍යා කාර්යාලයටඑ ගෙනවිත් ආරක්ෂා කිරීමට සිදුවී ඇත. 2005 වර්ෂයේදී පුරාවිද්‍යා ආයතනය මගින් මෙය ප්‍රතිස්සංකරණය කර ඇත.

 

Comments