හත‍ෙර් පහ­ර­කට වඩා හයේ පහර ලස්සන ඇයි? | සිළුමිණ

හත‍ෙර් පහ­ර­කට වඩා හයේ පහර ලස්සන ඇයි?

ක්‍රිකට්වල සෞන්දර්යය ඇත්තේ රූපවලට වඩා සිත තුළය. සංකල්ප තුළය. එනම් කිසිදු ආකර්ෂණීය හතරේ පහරකට වඩා පොල් අඩි හයේ පාරක් හෝ අපට මනස්කාන්ත වේ. ආකර්ෂණීය වේ. මනරම් වේ. එසේම කෙබඳු හෝ කැත ආකරයකින් රැකගන්නා පන්දුවක් දර්ශනීය ආකාරයේ ‘බෝක්කුවට’ පන්දුව රැකගැනීමට අසමත්වීමකට වඩා සිත් ගනියි. කෙබඳු හෝ කැත ඉරියව්වකින් යවා විකට් ලබාගන්නේ නම් එය ඉතා සෞන්දර්යාත්මක වේ. ප්‍රතිවාදී පිලේ දක්ෂ පන්දු යවන්නන්නගේ ඉරියව් කැත වේ. එනම් ෂේන් වෝන්ගේ ඉරියව් ඉතා කැත හා අවලස්සන සේ පෙනුණත් මුරලිගේ ඉරියව් අපට පෙනෙන්නේ ඉතා දර්ශනීය ලෙසිනි. සමහර විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන්ට එහි අනෙක් පැත්ත විය හැකිය.

 

ජිමිනාස්ටික් ක්‍රීඩාවේ බලා සිටින්නට හැකි ලස්සනක් ඇත. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ එසේ බලා සිටින්නට ලස්සනක් නැත. මනරම් පහරක් යැයි විස්තර ප්‍රචාරකයන් කිව්වාට කියන තරම් මනහර බවක් ඒ පහරවල්වල නැත. ඇතත් ජිම්නාස්ටික් තරම් රූපමය සෞන්දර්යයක් ක්‍රිකට් ක්‍රිඩාවේ කිසිදු හෝ ඉරියව්වක ඇතැයි සිතිය නොහැකිය. අනෙක් අතට මනරම් පහරවල් බොහොමයක් පොල් අඩිය. එසේ වුවත් ඒවා අපේ සිත් බැඳ ගනියි. එනම් රූපමය සෞන්දර්යයක් නොමැති වුව ද ජිම්නාස්ටික්වලට වඩා ක්‍රිකට් අපේ සිත් ඇද ගනියි. ජිම්නාස්ටික් අපට උපරිම වශයෙන් පැයකට වඩා නරඹමින් සිටීමට නොහැකිය. එහෙත් ක්‍රිකට් එසේ නොව දවස පුරා හෝ දවස් ගණන් පුරා නරඹමු.

ක්‍රිකට්වල සෞන්දර්යය ඇත්තේ රූපවලට වඩා සිත තුළය. සංකල්ප තුළය. එනම් කිසිදු ආකර්ෂණීය හතරේ පහරකට වඩා පොල් අඩි හයේ පාරක් හෝ අපට මනස්කාන්ත වේ. ආකර්ෂණීය වේ. මනරම් වේ. එසේම කෙබඳු හෝ කැත ආකරයකින් රැකගන්නා පන්දුවක් දර්ශනීය ආකාරයේ ‘බෝක්කුවට’ පන්දුව රැකගැනීමට අසමත්වීමකට වඩා සිත් ගනියි. කෙබඳු හෝ කැත ඉරියව්වකින් යවා විකට් ලබාගන්නේ නම් එය ඉතා සෞන්දර්යාත්මක වේ.

 

ක්‍රිකට් ක්‍රීඩාවේ ආකර්ෂණය

 

ප්‍රතිවාදී පිලේ දක්ෂ පන්දු යවන්නන්නගේ ඉරියව් කැත වේ. එනම් ෂේන් වෝන්ගේ ඉරියව් ඉතා කැත හා අවලස්සන සේ පෙනුණත් මුරලිගේ ඉරියව් අපට පෙනෙන්නේ ඉතා දර්ශනීය ලෙසිනි. සමහර විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලීන්ට එහි අනෙක් පැත්ත විය හැකිය.

මේ අනුව ක්‍රිකට් ක්‍රීඩාවේ පදනම් වන්නේ රූපමය ආකර්ෂණයට වඩා වෙනත් දේ මතය. පාපන්දු ක්‍රීඩාවේ පවා ක්‍රිකට්වලට වඩා රූපමය ආකර්ෂණයක් ඇතැයි සිතමි. කෙසේවුවත් පාපන්දු ක්‍රීඩාව ගැන මා මෙහි දී වැඩිදුර කියන්නට නොයන්නේ මා පාපන්දු ලෝලියෙකු නොවන නිසාය. පාපන්දු ක්‍රීඩාව ගැන පවා මා මෙහි කියන යම් දෙයක් ඇත්නම් ඒවා බොහෝදුරට ක්‍රිකට් පිළිබඳ මගේ දැනුම හෝ දැක්ම අනුව කියන දේ වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආකර්ෂණය ඇත්තේ දැවී යාම් හා ලකුණු තුළය. දැවී යමින් ලකුණු රැස් කිරීම ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය වේ. එනම් ලකුණු රැස්කරමින් දැවී යන දැවී යමින් ලකුණු රැස්කරන අපේ ජීවිතය හා සමඟ ක්‍රිකට් ක්‍රීඩාව ඉතා සමීපය. අප ක්‍රිකට් ක්‍රීඩාව සමඟ රස විඟන්නේ අපේ ජීවිතයමය. ලකුණු රැස්කරන අපේ ජීවිතයමය.

දැවී යන අපේ ජීවිතයමය. දැවෙමින් ලකුණු රැස්කරන ලකුණු රැස්කරමින් දැවෙන අපේ ජීවිතය යළි ක්‍රිකට් පිටිය තුළ ප්‍රතිනිර්මාණය වන විට අප එය රස විඳිමු. ක්‍රිකට් යනු වැටි වැටී ලකුණු හඹායාමකි.

වර්තමාන ශිෂ්ටාචාරය හා අතීත යුගය අතර වෙනස ආගම් වෙනුවට වෙනත් දේ ආදේශ වීම යැයි මා සිතමි. උදාහරණයක් වශයෙන් මාක්ස්වාදය ඇතුළු වෙනත් දර්ශනවාද විසින් ආගමට දැඩි ප්‍රහාරයක් එල්ලකරන ලදී.

 

උත්තරීතර පරමාර්දර්ශයක්

 

එනම් ආගම් නොඇදහීම වරදක් නොවන බවත් එය ඉහළ මනුෂ්‍යත්වයේ ලක්ෂණයක් විය හැකි බවත් එම මතවාද මගින් ගම්‍ය විය. එහෙත් ආගමට පහර එල්ල වූයේ දර්ශනවාද වෙතින් පමණක් නොවේ. නොඑසේනම් දර්ශනවාද ලෙසින් පෙනී යන දෙයින් පමණක් නොවේ. ආදරය නොඑසේනම් ප්‍රේමය ද මතවාදයක් හා ආගමක් වශයෙන් සාම්ප්‍රදායික ආගමට එරෙහිව මතුවිමක් දැකිය හැකිය.

ඉංග්‍රීසි හා බටහිර බොහෝ නවකතා විසින් සිදුකර ඇත්තේ ආදරය මතවාදයක් බවට පත් කිරීම යැයි මට සිතේ. බුදුදහමේ පේමතෝ ජායතී සෝකෝ ලෙසින් ආදරය විග්‍රහ වුව ද ආදර මතවාදය තුළ ආදරය විග්‍රහ වන්නේ සියලු දේට වඩා උත්තරීතර ලෙසිනි.

ප්‍රේමය උත්තරීතර පරමාර්දර්ශයක් ලෙස සැලකීම මේ නවකතා හා එවන් නිබන්ධන කවි කතා මගින් සිදු කෙරිණි. අපේ දහමට අනුව නම් මෙහි දී සිදුව ඇත්තේ ක්ලේෂයක් පරමාදර්ශයක් බවට පත් කිරීමකි. මා මෙහි දී කියන්නට අදහස් කරන්නේ බුදුදහමට පහර එල්ලවූයේ කතෝලික ආගමෙන් හෝ ක්‍රිස්තියානි ආගමෙන් හෝ මුස්ලිම් ආගමෙන් පමණක් නොවන බවයි.

ආදරය මතවාදයක් ඇදහීමක් බවට පත්කොට එය ද බුදුදහමට එරෙහිව යොදාගනු ලැබිණි.

බුදුදහමට පමණක් නොව කතෝලික ආගමට එරෙහිවද යොදාගනු ලැබිණි. කොටින්ම මිනිසාගේ ආගමික හැඟීම් දුබල කිරීම සඳහා මතවාද දර්ශන වාද පමණක් නොව ‘ආදරය’ ද යොදා ගනු ලැබිණි.

සැබැවින්ම මෙහි දී ආදරය යනුවෙන් හැඳින්වෙන්නේ ම ස්ත්‍රිය හා පුරුෂයා අතර ඇතිවන බැඳීම නොව එය පදනම් කොට ගොඩනංවන ලද ව්‍යාජ මතවාද හා සංකල්ප සමූහය ලෙස ද සැලකිය හැකිය. අද වන විට අපට ආදරයෙන් ඒ හා සම්බන්ධ මතවාද වෙන් කොට ගැනීමට ද නොහැකි වී ඇත.

වෙනත් මතවාද මෙන් දීර්ඝ දාර්ශනික කෘති නොව ආදරය පිළිබඳ නවකතා චිත්‍රපට කවි ඔස්සේ එනම් කලාව හරහා වක්‍ර ආකාරයකින් මේ මතවාදය ගොඩනංවා ඇත.

ක්‍රිකට් ද එවන් ආකාරයකින් ක්‍රියාකරන්නේ යැයි සිතේ. එනම් බටහිර භෞතිකවාදී නොඑසේනම් ලෞකිකවාදී අදහස් හරහා පෙරදිග ආගම හා ධර්මයන් වෙත ප්‍රහාර එල්ලවූයේ පෙරමුණු රාශියක් වෙතිනි. අපට ආදරය හා බුදුදහම අතර ගැටුමක් නොපෙනේ.

ක්‍රිකට් හා බුදුදහම අතර ගැටුමක් නොපෙනේ. ආදරය හා කතෝලික ආගම් අතර ගැටුමක් නොපෙනේ. ක්‍රිකට් සහ කතෝලික ආගම අතර ගැටුමක් නොපෙනේ. අපට ආදරය හා ඉස්ලාම් ආගම අතර ගැටුමක් නොපෙනේ. ක්‍රිකට් හා ඉස්ලාම් ආගම අතර ගැටුමක් නොපෙනේ. එහෙත් ගැටුමක් තිබේ. ආදරය මෙන් ම ක්‍රිකට් හා වෙනත් එවන් ක්‍රීඩාවන් ද ආගම ධර්මයට ආදේශක ලෙස ක්‍රියාකරයි.

ක්‍රිකට් මගින් අනිත්‍යය මෙනෙහි කිරීමක් සිදු නොවේ. ජීවිතය ජයග්‍රහණයෙන් කෙළවර වේ. කෙළවර විය යුතුය යන අදහස පෝෂණය කිරීම පමණක් සිදුවේ. ක්‍රිකට් රස විඳීමක් නැත. ජයග්‍රහණය රස විඳීමක් පමණක් ඇත. ක්‍රිකට් නරඹන්නෝ අද නැත. එනම් නරඹන්නේ ක්‍රිකට් නම් අපට ඉතා ම තියුණු තරගයකින් ඉන්දියාව ජයග්‍රහණය කිරීම රසවත් විය යුතුය. එහෙත් එය එසේ නොවේ.

 

ක්‍රිකට්වල පදනම

 

නරඹන්නේ ක්‍රිකට් නම් ශ්‍රී ලංකාව දර්ශනීය ආකාරයෙන් ඉන්දියාව පරාජය කිරීම ඉන්දියානුවන්ට රසවත් අත්දැකීමක් විය යුතුය. එහෙත් එය එසේ නොවේ. ක

්‍රිකට්වල පදනම ජය හා ලකුණුය. එය අවශ්‍ය නම් ලෝකය පිළිබඳ බටහිර දෘෂ්ටිය නොඑසේනම් භෞතිකවාදී හා ලෞකික දෘෂ්ටිය වශයෙන් සැලකිය හැකිය. එනම් වෙනත් රටක් සමඟ ඕනෑම ක්‍රිකට් තරගයකින් එංගලන්තය පැරදුණත් එංගලන්තය දිනුම් යැයි කිව හැකිය. එනම් එංගලන්තවාසීන්ගේ ජීවන දෘෂ්ටිය දිනන්නේ යැයි පැවසිය හැකිය.

ආජන්ටිනාවේ හා බ‍්‍රසීලයේ පරිහානියට පාපන්දු ද බලපා ඇතැයි මට සිතේ. එනම් ඒ රටවල පාපන්දු ආගමක තත්ත්වයට වර්ධනය වී තිබේ.

ඒ රටවලට අද පාපන්දු හැර වෙනත් කිසිදු දෙයක් නොමැති තරම්ය. පාපන්දු බෝලයක් ලබා දී මුළු මහත් මහාද්වීපයක් ම සොරාගෙන ඇතැයි ද පැවසිය හැකිය.

චීනය හෝ ජපානය ක්‍රිකට් හෝ පාපන්දු උමතුවට ගොදුරු වූයේ නැත. බ්‍රසීලය හෝ ආජන්ටිනාව තරම් හෝ ඉන්දියාව හෝ ලංකාව තරම් හෝ ගොදුරු වූයේ නැත.

එහෙත් එයට වෙනස්ව යම් තරමකට තමන්ගේ කරාතේ කුංග්ෆූ ආදී ක්‍රීඩාවන්ට වෙනත් රටවල් ආකර්ෂණය කරගැනීමට චීනය ජපානය සමත් ව ඇත. චීනය සටන් කලාවන් තුළ ආධිපත්‍යය දරා සිටියි.

හොලිවුඩ් චිත්‍රපටවල සටන් වීරයන් පවා බෲස් ලී, ජෑකී චෑන් ආදී චීන ජාතිකයන් වන්නේ ඒ අයුරිනි. හොංකොං මුල්කරගත් චිත්‍රපට කලාවක් බිහිකරන්නට පවා මේ සටන් කලා ශක්තිය උපකාරී විය.

මේ සටන්කලාවන්ට පදනම් වන්නේ බුදුදහමය. බුදුදහමේ සෙන් දහමය. භාවනා ක්‍රමයන්ය. එහෙත් ක්‍රිකට්වල පදනම ලවක් දෙවක් නැතිව ලකුණු රැස්කිරීමය.

 

ලෝකයේ සමතැනක්

 

මේ මානසිකත්වය හා ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශයේ පකිස්ථානයේ දේශපාලන ආර්ථික අර්බුදයන් අතර සම්බන්ධයක් ඇත්දැයි සිතීම යහපත්ය.

අද අපේ රට ගත්තොත් අවශ්‍ය නම් බුදුදහම සම්බන්ධයෙන් වුවත් විවේචනාත්මක අදහස් පළ කළ හැකිය. එහෙත් ක්‍රිකට් සම්බන්ධයෙන් එසේ කළ නොහැක.

ක්‍රිකට්වලින් අපට ටෙස්ට් තත්ත්වය ලැබී ඇත. ඉන්දියාවට ද ලැබී ඇත. ක්‍රිකට් තුළ ලෝකයේ සමතැනක් අපේ රටවලට ලැබී ඇත. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇත. පාපන්දු ක්‍රීඩාවේ බ්‍රසීලයට නැති නිෂේධ බලයක් ප්‍රංශයට නොමැති වුව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇත. ක්‍රිකට් අපට සෙල්ලමකි. එහෙත් එංගලන්තයට එය කවදාවත් සෙල්ලමක් පමණක් වූයේ යැයි නොසිතමි.

යම් දෙයක් සිදුව ඇත්නම් එය එක්දවසකින් වෙනස් කළ යුතු යැයි හෝ වෙනස් කළ හැකියයි මම නොසිතමි. අනෙක් අතට අධිරාජ්‍යවාදය බටහිර සුදු ජාතිකයන්ගේ පමණක් වරදක් නොවේ. ඔවුන්ට යටත් වු අපේ ද වරදකි.

 

ජීවන ආකල්ප

 

ඔවුන්ගේ වරදක් ඇත්නම් එය ඔවුන්ට ඒත්තු යන අන්දමින් පෙන්වාදීමට අපි අසමත් වී සිටිමු. ඒ අනුව ලෝකය තුළ ඔවුන් කැමති දේ සිදුවන්නේ යැයි කිව හැකිය. ඔවුන්ගේ ජීවන ආකල්ප මත පදනම් වූ ක්‍රීඩාවන්ට අප වසඟ වීම සම්බන්ධයෙන් වරද ඔවුන් මත පමණක් පැටවීමට නොහැක.

අපේ ජීවන දෘෂ්ටිය අපේ සංස්කෘතිය මත පදනම් වූ ක්‍රීඩාවන් එකින් එක මැකී යමින් ක්‍රිකට් අපේ එකම ආත්මය වීම ඔවුන්ගේ පමණක් වරදක් නොවේ.

ක්‍රිකට් නැතිනම් අපේ අධ්‍යාත්මය ම සහමුලින් ම හිස්වීම කිසිසේත් ම ඔවුන්ගේ වරදක් නොවේ. ආදරය නැතත් සමහරවිට ආගම නැතත් අපට ක්‍රිකට් නැතිව ජීවත්වීමට නොහැකිවීම සුදු ජාතිකයන්ගේ වරදක් නොවේ.

ලෝකය අස්ථාවර වෙනවා නම් බිඳ වැටෙනවා නම් එය සිදුවන්නේ එක් ජාතියක වරදක් නිසා නොව සියලූ ලෝකවාසීන්ගේ වරද නිසාය.

 

Comments