ඉගෙනුමට, සෞඛ්‍යයට ගෙවුණු වසර 4ට බිලියන 1,300ක් | Page 2 | සිළුමිණ

ඉගෙනුමට, සෞඛ්‍යයට ගෙවුණු වසර 4ට බිලියන 1,300ක්

අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර නඟාසිටුවීම සඳහා ගෙවුණු වසර 4ක කාල සීමාව තුළ පළාත් සභා මඟින් වැය කළ මුදල්වලට අමතරව ආණ්ඩුව රුපියල් බිලියන 1,300ක් වැය කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ අනුව 2015 සිට 2019 දක්වා ගෙවුණු කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට බිලියන 635ක්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුපියල් බිලියන 690ක්ද වැය කර තිබෙන බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරයා, ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට මෙලෙස මුදල් වැය කර නැති බව සිහිපත් කළේය.

යුද්ධයෙන් පසු විශාල මුදලක් වැය කරමින් ආරම්භ කළ සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, මත්තල ගුවන් තොටුපොළ වැනි සංවර්ධන ව්‍යාපෘති රැසක් සුදු අලි බවට පත්ව තිබූ බවත්, ඒ වෙනුවෙන් ලබාගත් විශාල ණය ප්‍රමාණයක් ගෙවාදමමින් අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර දියුණු කිරීමට තම රජයට හැකි වූ බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Comments