නවම් පොහොය | සිළුමිණ

නවම් පොහොය

අවු­රුද්දේ දෙවන පොහොය නවම් පොහො­යයි. මෙම පොහොය දිනයේ වැද­ගත් සිදු­වීම් බොහෝ­ම­යක් සිදුවී ඇත. උප­තිස්ස හා කෝලිත අස්සජී තෙරුන්ගේ ධර්මය අසා සැරි­යුත් හා මුග­ලන් නමින් පැවිදි විය. එමෙන් ම සැරි­යුත් හා මුග­ලන් මහ­ර­හ­තන් වහ­න්සේට අග­සව් තන­තුර දීම සිදු­වූයේ නවම් පොහොය දින­ය­කදී ය. බුදු­ර­ජා­ණන් වහන්සේ මහා සංඝ­ර­ත්නය අමතා ඕවාද ප්‍රාති­මෝ­ක්ෂය දේශනා කිරීම හා බුදු­ර­දුන් ආයු සංස්කා­රය හැරීම හෙවත් තෙම­ස­කින් පිරි­නි­වන් පාන බව දැන්වීම යන සිදු­වීම් සිදු­වූයේ නවම් පොහොය දිනයේ ය.

එම්.ජී.එන්. ලක්ෂාණි
8 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යා­ලය,
බළන්ගොඩ

 

Comments