මාස දෙකක් තුළ වාහන ආනයනය සියයට පනහකින් පහළට | Page 2 | සිළුමිණ

මාස දෙකක් තුළ වාහන ආනයනය සියයට පනහකින් පහළට

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පෞද්ගලික භාවිතය සඳහා පිටරටින් වාහන ගෙන්වීමට වැය කළ මුදල සීයයට පනහකට ආසන්න ප්‍රමාණයකින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

වසර 2018 ඔක්තෝබර් මාසයේ පෞද්ගලික භාවිතය සඳහා රථ වාහන මෙරටට ගෙන්වීමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 160.8ක මුදලක් වැය කොට තිබේ. එතරම් විශාල මුදලක් වැය කොට පිටරටින් වාහන ගෙන්වීම එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමට බලපෑවේය.

ඒ නිසා ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් කිරී‌ෙම් අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමා කිරීමේ වැඩපිළිවෙළ හඳුන්වා දුන්නේය.

ඒ අනුව ඉකුත් ඔක්තෝබර් මාසයේ ආනයනික වියදමට වඩා අඩු වියදමක්, එනම් ඩොලර් මිලියන 77.3ක් දෙසැම්බර් මාසයේදී වැයකොට ඇතැයි මහ බැංකුව කියයි.

Comments