රට වෙනුවෙන් එකට සිටිමු හෙට පුත්තලමේ | Page 2 | සිළුමිණ

රට වෙනුවෙන් එකට සිටිමු හෙට පුත්තලමේ

ජනාධිපති ලේකම් කාර්යාලය, සියලුම අමාත්‍යාංශ, පළාත් සභා මෙන්ම පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ වෙමින් සිදු කරන ‘ රට වෙනුවෙන් එකට සිටිමු‘ මැයෙන් වු පළමු වැඩසටහන හෙට (18 ) දා සිට 22 දා දක්වා පුත්තලම දිස්ත්‍රික්කය මුල් කරගනිමින් පැවැත්වෙයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හා ග්‍රාම නිලධාරී වසම් 332 ආවරණය වෙමින් පැවැත්වෙන එම වැඩසටහන යටතේ අවශ්‍ය මහජන සේවා සැපයීම, ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු, රැකියා ගැටලු, ඉඩම් ගැටලු ඇතුළු ප්‍රශ්න ගණනාවක් විසැඳීමට අපේක්ෂා කරයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා පැවැසූයේ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළ යුතු වැඩ සටහන් රැසක් හඳුනාගෙන ඇති බවයි.

විශේෂයෙන් එම වැඩසටහන යටතේ හඳුනාගෙන ඇති දුෂ්කර ග්‍රාම සේවා වසම් 190කට එම වැඩ සටහනේදි ප්‍රමුඛත්වය ලබා දීමටද කටයුතු යොදා ඇත.‍

Comments