ගැබිනි මවුවරුන් උණ ගැනුණු වහාම රෝහලට යන්න | Page 2 | සිළුමිණ

ගැබිනි මවුවරුන් උණ ගැනුණු වහාම රෝහලට යන්න

ගර්භණී හෝ පසු ප්‍රසව සමයේ උණ රෝගය වැලඳුණු මවුවරුන් රෝගය වැලඳුණු ප්‍රථම දිනයේම රෝහල්ගත වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම දිනවල පැතිර යන ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග වැලඳුණු ගර්භණී මවුවරු අනෙකුත් අයට වඩා අවදානම් තත්ත්වයකට පත්විය හැකි අතර උග්‍ර සංකූලතා වලට ලක්වීමේ අවදානමක් ද පවතින බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වසරේ ගත වූ මාස දෙක තුළ පමණක් ඉන්ෆ්ලුවෙන්සාව සහ නියුමෝනියාව රෝග හේතුවෙන් මාතෘ මරණ 02 ක් සිදු වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වලට අනුව අනාවරණය වේ.

2018 වසරේදී මෙම රෝගී තත්ත්වය හේතුවෙන් ගැබිනි මවුවරුන් 11 දෙනෙකු මියගිය අතර 2017 වසරේදී ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයට ගොදුරු වූ ගැබිනි මවුවරුන් 41 දෙනෙකු මිය ගොස් තිබේ.

 

 

Comments