කෑගල්ල, කුරුණෑගල, යාපනය යන දිස්ත්‍රික්කවල මදුරුවන් බෝවීමට හැකියාව සහිත අවදානම් ස්ථාන බහුල බව ජාතික ෙඩංගු මර්ධන ඒකකය පසුගිය සතියේ රෙට් දිස්ත්‍රික්ක 15 ක් ආවරණය වන පරිදි කළ අලුත් ම සමීක්ෂණයකින් හෙළි වී ඇත.
මෙම සමීක්ෂණයන්ට දිස්ත්‍රික්ක 15 ක පරිශ්‍ර 85000 ක් ඇතුළත් වූ අතර ඉන් ස්ථාන 19535 ක මදුරුවන් බෝවීමට හැකි ස්ථාන තිබුණි. ඉන් වැඩි ප්‍රමාණයක් තිබී ඇත්තේ කෑගල්ල, කුරුණෑගල, යාපනය දිස්ත්‍රික්කවලට අයත් ප්රදේශවලය.
මෙම සමීක්ෂණයට අනුව පාසල්වල හා ආගමික ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවීමට හැකි අවස්ථාව ඉතා බහුලව පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊට අමතරව ඉදිකිරීම් පරිශ්‍ර තුළ ද මදුරුවන් වර්ධනය වීමේ ඉඩකඩ බහුලය.
මෙම සමීක්ෂණය අනුව බස්නාහිර පළාතේ බහුලවම මදුරුවන් බෝවන ස්ථාන තිබී ඇත්තේ ආගමික ස්ථාන ආශ්‍රිතවය. ඊට අමතරව ඊළඟට ඉදිකිරීම් පරිශ්‍රවල හා පාසල්වල මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කර තිබේ.
මෙම සමීක්ෂණය අනුව දීප ව්‍යාප්තව වැඩිපුරම මදුරු කීටයන් බහුල ස්ථාන ලෙස වැඩියෙන් ම හඳුනාගෙන ඇත්තේ පාසල් ය. ඊට අමතරව කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් පරිශ්‍රවල ද මදුරු කීටයන් බහුල ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.