කුඩුවලට ගෑවුණු මන්ත්‍රීන් සහ පොලිස් ලොක්කන් මධූෂ් හෙළි කරයි | Page 2 | සිළුමිණ

කුඩුවලට ගෑවුණු මන්ත්‍රීන් සහ පොලිස් ලොක්කන් මධූෂ් හෙළි කරයි

මත්කුඩු ජාවාරමට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභා මන්ත්‍රීන් කිහිප දෙනකු ඇතුළු දේශපාලකයන් කිහිප දෙනකු සහ පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක් ගැන ගැන දැනට අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය.

එහිදී මධුෂ් විසින් පවසා ඇති ආකාරයට ඍජුවම මත්කුඩු ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම සිටිති. මෙම පාර්ලිමේන්ත්‍රීවරයා බස්නාහිර පළාත නියෝජනය කරන අයකු වන අතර ඔහු කලක් නියෝජ්‍ය ඇමතිධුරයක්ද දැරූවෙකි.

ඊට අමතරව වයඹ පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයකු ගැනද මධුෂ් තොරතුරු හෙළිකර තිබෙන බව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම මන්ත්‍රීවරයාද නියෝජ්‍ය ඇමතිධුරයක් දැරූවෙකි. මත්කුඩු ජාවරම්කරුවන්ගේ මුදල් වලින් යැපෙන පොලිසියේ ඉහළ නිලධාරීන් රැසක් ගැනද ඒ අතර මධුෂ් තොරතුරු හෙළිකර තිබේ.

 

Comments