ශ්‍රීලනිප සහයෝගය නැතුව කාටවත් දිනන්න බෑ! | Page 2 | සිළුමිණ

ශ්‍රීලනිප සහයෝගය නැතුව කාටවත් දිනන්න බෑ!

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ දුන් සාක්ෂි අනුව ආරක්ෂක මණ්ඩලය නොකැඳවීම නිසා රාජ්‍ය ආරක්ෂක තොරතුරු සන්නිවේදනය ඇනහිට ඇති බව සඳහන් වෙනවා. මේ චෝදනාව එල්ල වන්නේ කාටද?

අාරක්ෂක කමිටු‍ නොකැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට යම් කිසි චෝදනාවක් තිබෙනවා. එහිදී ලබාදුන් සාක්ෂිවලට අනුව අපට එය පිළිගන්න වෙනවා. එහෙත් එහිදී දුන් සාක්ෂිවලට අනුව ඉතා පැහැදිලි වනවා තොරතුරු ලිඛිතව ලැබුණ බව. ම‍ගේ තර්කය මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා දැන සිටියදීත් මේ අය රටේ ආරක්ෂක අංශ ප්‍රධානීන් හැටියට ආරක්ෂක කමිටුවේදි එය දැනගත්තාද නැද්ද කියන කාරණාව අපට අදාළ නැහැ. පොලිස්පතිවරයාත්, ආරක්ෂක‍ ලේකම්වරයාත් පිළිගත්තා මෙය පෙරතියා දැන සිටියා කියලා. එසේ නම් ඒ අය ගත් තීන්දුව කුමක්ද කියන කාරණාවයි අපට රටේ පුරවැසියෙක් ලෙස වඩා වැදගත් වන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත්: රෝහලකට රෝගියකු ගෙනිච්චාම ඒ වෙලාවට ඉන්න වෛද්‍යවරයාගේ වගකීම රෝගියා මරණයෙන් බේරාගැනීමට මූලික පියවර ගැනීම‍. වෙන අයට කතා කරලා මොකක්ද කරන්නේ කියලා අහනවාද? නැති නම් ජීවිතය වෙනුවෙන් කරන ප්‍රාථමික දේවල් ටික කරනවාද? මේක තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ආරක්ෂක කමිටුව රැස් වුණාද නැද්ද කියන දේ මෙයට අදාළ නැහැ. එය එක වරදක් පමණයි.

රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව ජවිපෙ විස්වාස භංගයක් ගේනවා. බදුර්දීන් අමාත්‍යවරයා පමණක් නොවෙයි; මේ චෝදනාවලට ඉලක්ක වුණ තවත් ඇමැතිවරුන් මන්ත්‍රිවරුන් ඉන්නවා නේද?

මම විශ්වාස කරන්නේ බදුර්දීන් ත්‍රස්තවාදින්ට හො අන්තවාදීන්ට උදව් කළා නම් මෙරට නීතිය අනුව ඔහුට දඬුවම් ලැබිය යුතුයි. එසේ නැතිව මේ වෙලාවේ විශ්වාසභංගයක් ගෙනල්ලා ඇමැතිකම ගලවලා වැඩක් නැහැ. ටික කාලෙකික් රවි කරුණානායක වගේ වෙනත් ඇමැතිකමක් ගනී. ඒ නිසා රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට ‘එක රටක් එක නීතියක්‘ පිළිබඳ දැනුවත් කරන්න ගිය අවස්ථාවෙ මම එතුමාට කිව්වා මට අවශ්‍ය කරන්නේ ඔබතුමාගේ ඇමැතිකම ගලවන්න ‍නෙමෙයි; ඔබතුමා ත්‍රස්තවාදීන්ට අන්තවාදීන්ට උදව්කරලා තියනවා නම් ඔබතුමා මේ රටේ නීතිය අනුව දඬුවම් ලබන්න ඕන කියන දේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඔබ තරයේ ප්‍රකාශ කරන්නේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි‍. එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ කිසිදු අපේක්ෂකයකු ප්‍රකාශයට පත් කර නැහැ කියලා...

මම අදට දරන මතයත් පොදු ජන පෙරමුණු පැත්තෙන් අපේක්ෂකයෙකු යෝජනා කරනවා නම් ඒ අපේක්ෂකයාගේ නම කියන්න කලින් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සෙක්ද නැද්ද කියලා තීරණය කරන්නට අවශ්‍යයි. අපි ප්‍රධාන පක්ෂ දෙකක් හැටියට එකට එකතු වෙනවා නම් ඒ එකතු වීම සිදුවන්නට ඕනෑ රටේ අනාගතයේ යම් වැඩ පිළිවෙළක් සාකච්ජා කරගෙනයි. අද වන විට මේ රටේ තියන ප්‍රශ්න ප්‍රමාණය වැඩිවෙලා තියනවා. අද ජනතාවගේ විශ්වාසය පලුදු වෙලා තිබෙනවා. ජනතා විශ්වාසය ඇති කිරීමට කුමක්ද ඇති කළ යුතු වැඩපිළිවෙළ කියන දේ අපි මුලින්ම සිතන්නට අවශ්‍ය. ජනාධිපතිවරණය තමයි ඉස්සල්ලා තියෙන්නේ. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණය. ජනාධිපතිවරයා සහ අගමැති කියන දෙකම පුළුල් සන්ධානයක් හැදීමත් සමග එකම පක්ෂයකට ලබාදෙන්න අපි එකඟ නැහැ. අප පුළුල් සන්ධානයක් හදනවා නම් ප්‍රධාන පක්ෂ දෙකට මේ තනතුරු බෙදිය යුතුයි කියන තැන අපේ යෝජනාව. අපට තිබෙන ප්‍රායෝගික දැනුමත් සමග අපේ නායකයා සහ ජනප්‍රිය පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයායි එනිසායි අප කියන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වඩාත් සුදුසු ශ්‍රීලනිප අපේක්ෂකයා ඔහු කියලා.

මේ තත්ත්වය යටතේ දෙපාර්ශ්වයේ පවතින මේ මතගැටුම් සහ පරස්පර විරෝධතා මත කෙසේද පුළුල් සන්ධානයක් ගොඩනගන්නේ කියලා ගැටලුවක් මතු වෙනවා නේද?

මේ පිළිබඳ අපටත් ගැටලුවක් තිබෙනවා. පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාත් ශ්‍රීලනිප නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ‍මාධ්‍ය ඉදිරියේ දෙපාර්ශ්වයට පහර එල්ල කරන බවක් අපට පේනවා. ඒ පිළිබඳ අපටත් සැකයක් තිබෙනවා මෙය වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියලා. හොත් ප්‍රධාන පක්ෂ දෙක සාකච්ඡා කරද්දි නායකත්වය එයට හයියක් විය යුතුයි. සාමාන්‍ය කට්ටියට වඩා නායකත්වය මත දෙකක් ප්‍රකාශ කිරීම ගැටලුවක්. බලන් ඉන්න අයට හි‍ෙතන්න පුළුවන් මේ සන්ධානය වෙන එකක්ද නොවෙන එකක්ද කියලා.

ඉදිරියේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය කෙබඳු වේවිද?

ඉදිරියේදී ජනාධිපතිවරයකු තෝරාගැනීමේදී තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රිලනියයි.

මේ වන විට පොදුජන පෙරමුණ වටා බොහෝ පිරිසක් එකතු වෙලා තිබෙනවා කියලා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි අපි දැක්කා. ඒ තත්ත්වය යටතේ ශ්‍රීලනිපය ‍තීරණාත්මක බ‍ලවේගය වන්නේ කොහොමද?

අද තිබෙන තත්ත්වය මත ශ්‍රීලනිපය තමයි තීරණාත්මක බලවේගය වන්නේ. ‍මේ රටේ තිබෙන දේශපාලන වටපිටාව සමඟ බලන විට සහ පසුගිය මැතිවරණයත් සමග බලන විට ශ්‍රීලනිප සහයෝගය නැතුව කාටවත් ජයග්‍රහණය කරන්න බැහැ.

Comments