වීරයන් ගැන සාඩම්බර වෙනවා | සිළුමිණ

වීරයන් ගැන සාඩම්බර වෙනවා

ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයෙන් තම කණ්ඩායම පරාජයට පත් වූ මොහොතේ තමා බලවත් කම්පනයට පත්වූ බව නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩෙන් පැවසුවාය. ඒත් අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන වචනයෙන් කියන්න බැරි තරම් සාඩම්බර වන බව ද වැඩිදුරටත් ඇය පවසා තිබේ.

දෙවැනි වරටත් අඛණ්ඩව ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසි නවසීලන්තයට මෙවරත් ලෝක ක්‍රිකට් කිරුළ අහිමි වීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදහස් පළ කළ බොහෝ දෙනකු නවසීලන්තය අවසන් තරගය පරාජය වූව ද, අපේ හදවත් හොඳින් ම දිනා ගත්තා යැයි අදහස් ඵල කර තිබුණි.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයේදී සමස්ත තරගයේ මෙන් ම සුපිරි පන්දු වාරයේදී ද ලකුණු සමාන වූ අතර එහිදී තාක්ෂණික නීතිය යටතේ සමස්ත තරගයේ වැඩිම හත‍ෙර් සහ හයේ පහරවල් එල්ල කළ පදනම යටතේ එංගලන්තයට ජය අත් විය.

ඔබ හිතන විදියට, මම වගේ ම අනෙක් නවසීලන්තවාසීන් පවා ඉරිදා තරග ප්‍රතිඵලය ගැන තවමත් පසුවන්නේ කම්පා සහගත සිතුවිල්ලෙන් යැයි අගමැතිවරිය ප්‍රකාශ කළා ය.

තරගයේ අවසන් තීන්දුව මොනවා වුණත්, එය ගණන් ගන්නේ නැතුව අපේ කණ්ඩායම ගැන අපි හිතා ගන්නවත් බැරි තරම් සාඩම්බර වෙනවා. අපේ කණ්ඩායම තරගය පුරාම විශිෂ්ට විදියට ක්‍රීඩා කළා සෑම නවසීලන්ත ජාතිකයකුම අපේ ක්‍රීඩකයන් ගැන අතිශයින් ම ආඩම්බර වෙනු ඇතැයි තමා බලාපො‍රොත්තු වන බව ද වැඩිදුරටත් සඳහන් කරන්නීය. ඒ සමඟ ජයග්‍රාහී එංගලන්ත කණ්ඩායමට සුබ පැතුම් එක් කරන්නට මෙය අවස්ථාවක් කර ගැනීමට අමතක නොකළා ය.

තරගයේ අතිරේක පන්දු වාරයේදී අපිට ජාතියක් විදියට ම ඒ ‍කාලය දැනුණේ හරියට අවුරුද්දක් වගේ කියලා හිතනවා. මේ අතර රජ පවුල පවා නවසීලන්තයට සුබ පැතුම් එක් කර තිබේ. නවසීලන්තය ලෝක කුසලාන තරගාවලිය පුරාම විශිෂ්ට විදියට වගේ ම සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයෙන් ක්‍රීඩා කළ බව ද එළිසබෙත් රැජන විසින් නිකුත් කළ පණිවිඩයේ සඳහන් ය.

සමස්ත තරගාවලිය පුරා වගේ ම අවසාන මහා තරගයේදීත් ඉතාමත් හොඳින්, සිත් ඇඳ බැඳ ගන්නා ආකාරයට ක්‍රීඩා කළ නවසීලන්ත අනුශූරයන්ට සානුකම්පිත හිතෛෂී භාවය පළ කිරීමට තමන් ද එක්වන බව මහා රැජන සඳහන් කර තිබේ.

2015 දී නවසීලන්තය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී අවසන් තරගයට පිවිසි අතර එහිදී ද පරාජය විය. මෙවර එංගලන්තය හමුවේ අවසන් තරගයට පිවිස එහිදී ද පරාජය විය. නවසීලන්තය 2007 දී අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව වෙතින් (ශ්‍රී ලංකාව 289/5 - නවසීලන්තය 208/10) පරාජය වූ අතර, 2011 දී ද එහි වෙනසක් නොවීය. එහිද අවසන් පූර්ව තරගයේදී (නවසීලන්තය 217/10 - ශ්‍රී ලංකාව 220/5) ශ්‍රී ලංකාව හමුවේ පරාජය විය. මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාව අවසන් තරගයට පිවිසි ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතින් පරාජය වීමය.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය පරාජය වුණත් ඔවුන් ක්‍රීඩාවේ සැබෑ ගුණය ප්‍රදර්ශනය කළා යැයි බොහෝ ක්‍රීඩා ලෝලයින් ප්‍රකාශ කර තිබේ.

ඇතැම් අවස්ථාවල ජීවිතය පවා අසාධාරණකම් කරනවා. නවසීලන්තය ගැන ති‍ෙයන්නේ කණගාටුදායක හැඟීමක්. ඇත්තට ඔවුන්ටත් එය අයිතියි‍‍. ඒත් අහිමි වුණා යැයි ඇතැමෙක් එසේ ප්‍රකාශ කර තිබේ.

අවසන් මහා තරගයට ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමේ ජිමී නිෂම් සරදම් ස්වරූපයෙන් ප්‍රකාශ කර තිබුණේ ළමයින්ට ක්‍රිකට් ක්‍රීඩාව තෝරා නොගන්නා ලෙසයි.

ළමයින් ක්‍රිකට් ක්‍රීඩාවට ඇලෙන්න එපා වෙනත් දෙයක් ‍තෝරා ගන්න. තරබාරුව වයස අවුරුදු 60 දී මිය යමු යන්නයි. ඇත්තට ම කණගාටුයි, ඔබ හදවතින් ප්‍රාර්ථනා කළ දේ ගෙනත් දෙන්න අප අපොහොසත් වුණා.

අපේ ක්‍රීඩකයන් පිළිගන්න තියෙන හොඳ ම විදිය ගැන රටේ මාධ්‍ය අතර සාකච්ඡාවක් ද පවත්වා තිබේ. ඔවුන් වීරයන් විදියට පිළිගන්නත් ඔවුන් එයට සුදුසුයි. අගමැතිවරිය පවසා සිටියා ය.

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් මෙවර තරගාවලිය පුරාම පිතිකරුවකු ලෙස දිගින් දිගට ම අසාර්ථක වනවිට, සුපිරි පන්දුවාරයේ පන්දුවට පහරදීමට එවීමට තරම් නවසීලන්තය ඔහු ගැන විශ්වාසය තැබූහ.

Comments