ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට | සිළුමිණ

ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට

එංගලන්තයේ පැවැති හයවැනි ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ මෙවර දිනා ගැනිමට සමත් වුයේ කමල් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමයි. ලෝක ක්‍රිකට් පොලිස් කිරුළට ශ්‍රි ලංකාව එක් වු පළමුවතාවෙදීම එය දිනා ගැනිම මෙන්ම ආසියානු රටක් පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගත් ප්‍රථමවතාව ලෙසද මෙය ඉතිහාසය ගතය.

 

කමල් පුෂ්පකුමාරගේ නායකත්වය යටතේ දිනා ගත් මේ ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ සමස්ත ලාංකේය ජනතාව වෙනුවෙන් ලැබු ජයග්‍රහණයකි. නමුත් එය සමරන්නටත් මත්තෙන් කමල්ගේ මව මෙලොව හැර යෑම සැබැවින්ම කණගාටු දායකය. කමල් මෙම විජයග්‍රහණය දෝතට තුරුලු කර ගෙන මව්බිමට පා තබන්නේ සිය මව මෙලොව හැර ගොස් ඇති පසුබිමකය.

 

කමල් ගුවන් තොටුපළෙන් පොලොන්නරුව බලා යන්නේ සිය මවගේ වියෝව දරා ගත නොහැකිව දුක සහ කඳුළ පුරවා ගෙනය. වඩාත් දුක නම් කමල්ගේ නායත්වයෙන් දිනාගත් මේ ලෝක පොලිස් කිරුළේ ජය මහත් ඉහළින් සමරන්නට සිටි කමල්ගේ මව මෙලොව හැර ගොස් අැති බැවිනි. සමහර විට ක්‍රිකට් ලෝක ඉතිහාසයේම මෙවැනි දුකක් උරුම වු පළමු වතාවද මෙය වන්නට බැරි නැත. ජයක්වුවද ලැබිය යුතු මොහොතක් ඇත. මේ එකී මොහොතක් නම්, එය සමරන්නට සිදුව ඇත්තේ දුක සහ කඳුළු මතින් නම් එය මඟ හැර යා නොහැකි තැනක සිරවී ඇතිබව නොරාහසකී.

 

කමල් “ක්‍රීඩා“ අපි සුවහසක් ක්‍රීඩා ලෝලීන් සමඟ ඔබේ දුක සහ වේදනාව මෙසේ බෙදා ගැනිමට එක් වෙමු!

 

මෙරට ජාතික ක්‍රීඩාව වොලිබෝල් වන නමුත් ජනප්‍රියතම ක්‍රිඩාව ලෙස ඉමහත් ජනාදරයට ලක්ව තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ඒ හේතු කාරණා කිහපයක් මුල් කරගෙනය. එයින් ප්‍රධානතම කාරණාව වන්නේ ටෙස්ට් වරම් ලබා කෙටි කලක් තුළ පෙරළිකාර ජයග්‍රහණයක උරුමකරුවන් වන්නට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැකි විමයි. එනම් 1996 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ඔස්ට්‍රේලියාව පරාජය කර හයවන එක් දින ලෝක කුසලානය හිමිකරගැනීමට අර්ජුන රණතුංග ප්‍රමුඛ කණ්ඩායමට හැකි වීමයි. එදා සිට අද වන තෙක්ම ක්‍රිකට් ක්‍රිඩාවට මෙරට ජනතාව තම ජීවිතයේ කොටසක් ලෙස ගෞරවාදරය දක්වයි. එදා ජයගත් ලෝක කුසලාන තරගයෙන් පසු සිවුවන ලෝක කුසලානය ක්‍රිකට් ජයත් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ක්‍රිකට් ක්‍රීඩකයන් සමත්ව ඇත. මෙවර එම ජය හිමිකර ගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් ක්‍රීකට් කණ්ඩායමයි.

 

එංගලන්තයේ දී පසුගිය දා ( 17 වැනි දා) අවසන් වු විස්සයි විස්ස පොලිස් ක්‍රිකට් ශුරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත්ව සිටියි. සිවුවන ක්‍රිකට් ලෝක කුසලාන ජය හඹාගිය පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයන් සමස්ත තරගාවලිය පුරාවටම අපරාජිතව සිටිමට සමත් විය. නමුත් අවසන් මහා තරගයට ඇදහැලුණු වර්ෂාව නිසා තරගයේ තීරණය Bowl Out ක්‍රමය යටතේ පවත්වා තිබේ. එහිදී දෙපිලේ ක්‍රීඩකයෝ 1:1ක් සේ ලකුණු ලබාගැනීමට සමත් විය. තරගයේ ප්‍රතිඵල සමවීමත් සමග දෙවැනි වටයක් පවත්වා ඇත. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1:0සේ ඉදිරියේ සිටිමින් 2019 පොලිස් ක්‍රිකට් ලෝක කුසලානයට හිමිකම් කීමට සමත්ව ඇත. එහිදී පරාජ වුයේ බටහිර ඔස්ට්‍රේලියානු පොලිස් කණ්ඩායමයි.

 

හයවන පොලිස් ලෝක කුසලානය වෙනුවෙන් ලෝකය නියෝජනය කරමින් කණ්ඩායම් නවයක් සහභාගී වුහ. බටහිර ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රේලියාව (නිව් සවුත් වේල්ස්), රෙස්ට් ඹෆ් ද වර්ල්ඩ් පොලිස්, (Rest Of the World Police) රෝයල් මිල්ටරි පොලිස්,( Royal Military Police) කෙන්ට් පොලිස්,(Kent Police CC) වුර්සෙෂ්ටර් සිටි පොලිස් (Worcester City Police CC), නිව්යෝක් පොලිස් (New York Police) හා ශ්‍රී ලංකා පොලීස් කණ්ඩායම් තරගාවලිය නියෝජනය කළේය.

 

සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරගේ නායකත්වයෙන් මෙම ජයග්‍රහණය හිමිකරගැනීමට සමත්ව ඇති අතර දර්ශන සම්පත් විජේසිංහ, මලින්ද අබේරත්න, සුජාන් මයුර, සුරාජ් මල්ලවරාජා, ලහිරු දියන්ත සිල්වා, ලසන් කුමාර ද සිල්වා, ජනක කුමාර රත්නායක, උදාර සඳකැලුම්, නිශාන්ත කුමාර නිව්ටන්, සමිත් දුෂාන්ත ප්‍රනාන්දු, මහේෂ් ප්‍රියදර්ශන, මංජුල ජයවර්ධන, තාමර තේජාන් වීරසූරිය හා ගයන්ත සමීර විජේතිලක සෙසු සාමාජිකයෝ වුහ.

 

කමල් පුෂ්පකුමාර පොෙලාන්නරුව ගිරිතලේ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වෙයි. ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් සමාජයේ පළමු පෙළ කණ්ඩායමේ කළමනාකරු මෙන්ම ක්‍රීඩකයෙක් ලෙසින්ද කමල් කටයුතු කරමින් සිටි. ජයග්‍රහණය පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් කමල් පවසා සිටියේ අපි අපේ පොලිස් නාමය ලෝකයට ගෙන යාමට සමත්ව ඇති බවයි. එමගින් ඉතිහාසයේ අලුත් පරිච්ජේදයක් ලියන්නට කණ්ඩායමක් හැටියට අපට හැකියාව ඇති බවයි. ශ්‍රී ලංකාවට සිවුවන ලෝක ක්‍රිකට් කුසලානයත් දිනා දිමට අපිට හැකි වුනා. ඒ ගැන අපිට නිරහංකාර සතුටත් තියෙනවා. තරගාවලිය තුළ දී අපි නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. එංගලන්තය සහ ඕස්ට්‍රේලිය වැනි රටවල් අපේ ක්‍රිකට් ක්‍රීඩාව සැලකුවේ ඉතා පහත් මට්ටමින්. අපේ පොලිස් නාමයට සැලැකුවේත් ඒ වගේම පහත් ආකාරයට. නමුත් කුසලානය දිනාගෙන අපිට ඒ සියල්ල වෙනස් කරන්න හැකි වුණා.

 

අපිට මෙම තරගාවලියට සහභාගි වෙන්න ලැබුණේ පළමු අවස්ථාවටයි. ඒක අමතක නොවන අත්දැකීමක් කරගන්න වර්තමාන පොලිස්පති තුමා වගේම ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජයේ සභාපති නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා දැක්වු දායකත්වය කවදාවත් අමතර කරන්න බෑ. ඔවුන් සැම දෙයක් ගැනම සොයා බලමින් අපිව දිරිමත් කළා. අපිට අවශ්‍ය පහසු කම් සලසා දීමට කැපවීමේන් ක්‍රියා කළා. තරගාවලියට සහභාගී වීමේදී ඇතිවුණු මුල්‍ය අර්බදයට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10ක් ලබාදෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා. කණ්ඩායමක් ලෙසින් ඉතාම අගේ කොට සලකනවා ඒ ලබාදුන් දායකත්වයට.“

 

සමස්ත තරගාවලියේදී ඇතිව තිබුණු වාතාවරණය ගැන පවසා සිටි කමල් පැවසුවේ ආසියානු රටක කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියට සහභාගි වුණේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අපි පමණක් බවයි. නොයෙක් විට නොයෙක් ආකාරයෙන් නොසලකා හරිමින් අඩු තක්සේරුවක් පමණක් ලබාදෙමින් තම කණ්ඩායමට සැලැකු බවත් අඩුම තරමින් කණ්ඩායමට හිමි විය යුතු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා, තරගාවලියේ හොඳම පිතිකරු සහ තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා යන සම්මාන පවා ලබා නොදුන් බවත් පවසා සිටියේය. අවසන් මහා තරගය හිතා මතාම ප්‍රමාද කරමින් තරගයට මුහුණ දෙමින් ජයග්‍රහණය කිරීමට තිබූ අවස්ථාව පවා අහිමි කළ බවත් අවසානයේ කෙටි මාර්ගවලින් ජයග්‍රහණය කරන්න කිසිවෙකුටත් බැරි බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්ට හැකි වු බව ඔහු පවසා සිටියේය.

 

මහේෂ් ප්‍රියදර්ශන පිතිකරුවෙකු ලෙස ලකුණු 210ක් රැස්කරමින් හා වේගපන්දු යවමින් කඩුලු 13ක් ලබාගනිමින් තරගාවලියේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්ව ඇත. ඊට අමතරව මංජුල ජයවර්ධන, ලසන්ත කුමාර ද සිල්වා, මලින්ද අබේරත්න, ගයන්ත සමීර විජේතිලක සහ සමිත් දුෂාන්ත ප්‍රනාන්දු දක්ෂතා අතර සිට ඇත.ඒ එක් තරගයක් අවසානයේ දක්ෂතාවයන් ඇගැයීමක් නොකර ඇති අතර එසේ ඇගැයීමක් කළේ නම් සැම තරගයක් අවසන තරගයේ වීරයා සම්මානය දිනා ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකියාව තිබුණ බවද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අදහසයි.

 

2017/18 වසරේ ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කළ වත්මන් පොලිස් කණ්ඩායමේ පිතිකරණ හා පන්දු රැකීමේ පුහුණුකරු පාලිත කුමාර මහතා පවසා සිටියේ කුමන තත්ත්වයකින් අපට සැලැකුවත් අපට අවශ්‍යව තිබුණේ අපට ලැබුණු මෙම අවස්ථාවට ඉතා හොඳින් මුහුණ දී දක්ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමට බවයි. පොලිස් කන්ඩායමක් මෙවැනි තරගාවලියකට සහභාගී වු පළමු අවස්ථාව මේක. එම අවස්ථාවෙන්ම ලෝක ශූරයන් වන්නට ලැබීම ඉමහත් සතුටක්. කණ්ඩායමේ පුහුණු විම් ගැන පැවැසුවහොත් අපහසුතාවකින් තොරව මට ඒ දේ කිරීමට හැකි වුණා. මෙරට ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වු ක්‍රිඩකයන්ගෙන් සමන්විතවයි අපි තරගාවලියට සහාභාගී වුණේ. ඔවුන්ව අලුතින් පුහුණු කිරිමට වුවමනා වුණේ නෑ.

 

1996 දී පළමු ලෝක කුසලානය පාකිස්තානයේ ලාහෝර් නුවරදී දිනා ගන්නා ශ්‍රී ලාංකේයිය ක්‍රිකට් ක්‍රීඩකයන් 2014දී විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය බංග්ලාදේශයේ ඩකා නුවරදී හිමිකර ගැනිමට සමත් විය. 2018දී ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාවේ දී දිනාගැනිමට ද සමත් වුහ.

Comments