සත්කාරය අතිවිශිෂ්ටයි | සිළුමිණ

සත්කාරය අතිවිශිෂ්ටයි

හතළිස් එක් වසරක් අඛන්ඩව පාසල් ක්‍රීඩාවට මෙවන් ත්‍යාග ප්‍රදානයක් සංවිධානය කිරිම උදෙසා පළමුවෙන්ම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට පාසල් ක්‍රිකට් සංගමය ලෙස අපගේ කෘතඥතාවය පළකල යුතුයි.

1979 වසරේ අරඹන ලද මෙම ත්‍යාග ප්‍රදානය තුළින් මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රීඩකයන් විශාල පිරිසක් බිහිකිරිමේ තෝතැන්න ලෙස මෙය සැලැකිය හැකියි. 2001 වසරේ සිට මම පාසල් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා. දැනට අවුරුදු 18ක් මෙම තනතුර දරන නිලධාරියෙකු ලෙස මට එකක් වගකීමෙන් කිවහැකියි. මෙම ලබාදෙන දිරිගැන්විම පාසල් ක්‍රීඩකයන් හට මනා රුකුලක් බව. ජාතික මට්ටමින්වත් පාසල් මට්ටමින්වත් මෙවැනි වැඩසටහනක් නොකෙරෙන මෙහොතක සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම - මොබිටෙල් සමාගම සමග එක්ව අඛන්ඩව පවත්වන මෙ සමිමාන උ‍ෙලළ ඇත්තෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට කරන ලොකු ම දිරිගැන්විමයි.

කාන්තා ක්‍රිකට් අපි පටන් ගත්තේ 2015 වසරේදි මම ලේකම් ධූරයේ වැඩකටයුතු කරන කාලවකවානුවේදී. අද වන විට කාන්තා ක්‍රිකට් ලෝකය පුරා සිග්‍රයෙන් දියුනු වෙමින් පවතිනවා. අපේ රටෙත් මේ වන විට බාලිකා පාසල් 45ක් ක්‍රිකට් ක්‍රිඩාවේ නියැලෙනවා. වසරින් වසර එහි වැඩිවීමක් සිදුවෙමින් තියෙනවා. ඒ වගේම අන්තර් ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) එක 2021දි 19න් පහළ යොවුන් බාලිකා ලෝක කුසලාන තරගාවලියක් පැවැත්විමට කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. ඒ නිසා මෙම ප්‍රදානය බාලිකා ක්‍රිකට් වෙනුවෙන්ද තවත් වර්ධනිය තැනකට එනවානම් පාසල් ක්‍රිකට් සංගමය ලෙස හා එහි ලේකම් ලෙස මා අගයකොට සිටිනවා. දැනට ලබාදෙන ත්‍යාගයන්ට අමතරව කාන්තා හොඳම කණ්ඩායම නැගීගෙන එන කණ්ඩායම ඒ වගේම පාසල මට්ටමින්ද ඇගැයීමක් සිදු කරනවානම් එය මනා පිටුවහලක් වේවි. බාලිකා ක්‍රිකට් ලෝක කුසලානය පවත්වන විට.

අප රටේ ආත්මිය ක්‍රිඩාව ලෙස මෙරට ජනතාවට සමීපව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ක්‍රිකට් ක්‍රිඩාව හතර ගාතින් නැගී සිටින මොහොතක ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන ප්‍රදානය නවක ක්‍රිකට් ක්‍රිඩකයන් හට ඉතා වටිනා සිහිනයක් නොව යථාවක් කරනු පිණිස සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ලබාදෙන්නා වු අනුග්‍රහය චිරාත් කාළයක් පැවැතේවායි මා එක සිතින් ප්‍රාර්ථනා කර සිටිනවා.

Comments