ශ්‍රීලනිප­යට නාය­ක­ත්වය දෙන්න සූදා­නම් | Page 2 | සිළුමිණ

ශ්‍රීලනිප­යට නාය­ක­ත්වය දෙන්න සූදා­නම්

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට නව නාය­ක­ත්ව­යක් අවශ්‍ය නම් තමන් ඒ සඳහා ඉදි­රි­පත් වීමට සූදා­නම් බව කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සිළු­මිණ ට පැව­සීය. කෙසේ වුවත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය යළි ප්‍රති­සං­වි­ධා­නය කිරීමේ කට­යු­ත්තට තමන් මුල පුරන බවත් ඉදි­රි­යේදී ඒ සම්බ­න්ධ­යෙන් අවශ්‍ය පිය­වර ගන්නා බවත් මන්ත්‍රී­ව­රයා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

සිළු­මිණ කළ විම­සී­ම­කදී අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා ප්‍රකාශ කළේ තමන් කිසිදු විටෙක පොහො­ට්ටු­වට එක් වීමට හෝ සජිත් ප්‍රේම­දාස මහ­තාට සහය ලබා දීමට බලා­පො­රො­ත්තු­වක් නොමැති බවයි. ඒ වෙනු­වට ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය යළි ප්‍රති­සං­වි­ධා­නය කිරී­මට පිය­වර ගන්නා බවත් අවශ්‍ය නම් ඊට නාය­ක­ත්වය දීම­ටද තමන් සූදා­නම් බවත් ඔහු පැව­සීය. මේ පිළි­බ­ඳව ජනා­ධි­පති මෛත්‍රීපාල සිරි­සේන මහතා සමඟ මෙන්ම විදෙ­ස්ග­තව සිට ලබන සතියේ මෙර­ටට පැමි­ණී­මට නිය­මිත හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක මහ­ත්මිය සම­ඟද සාකච්ඡා කිරී­මට බලා­පො­රොත්තු වන බව වෙල්ගම මහතා තව­දු­ර­ටත් සඳ­හන් කළේය.

Comments