පාදෙ­ණි­ය ගැන පරී­ක්ෂණ ඇරඹේ | Page 2 | සිළුමිණ

පාදෙ­ණි­ය ගැන පරී­ක්ෂණ ඇරඹේ

ජයේ වෛද්‍ය නිල­ධා­රීන්ගේ සංග­මයේ සභා­පති, වෛද්‍ය අනු­රුද්ධ පාදෙ­ණිය මහ­තාට එරෙ­හිව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් විනය පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ජ්‍යෙෂ්ඨ සහ­කාර ලේකම් (වැට­ලීම්) සුදත් රත්න­වීර මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් මේ පරී­ක්ෂණ අරඹා තිබෙන්නේ

ශ්‍ර‍ී ලංකා පොදු­ජන පෙර­මුණේ ප්‍රති­පත්ති ප්‍රකා­ශන එළි­දැ­ක්වීමේ උලෙ­ළට ඔහු සහ­භාගි වීම සම්බ­න්ධ­යෙන් මැති­ව­රණ කොමි­ෂන් සභාවේ කොම­සා­රිස් ජන­රාල් සමන් ශ්‍රී රත්නා­යක මහතා ඉදි­රි­පත් කළ පැමි­ණි­ල්ල­කට අනු­වය.

2141/52 සහ 2019/09/19 අති­වි­ශේෂ ගැසට් නි‍වේදන සහ ආය­තන සංග්‍ර­හයේ 32 පරි­ච්ඡේ­දය ප්‍රකා­රව රජයේ වෛද්‍ය නිල­ධා­රීන් අයත් වන මාණ්ඩ­ලික ගණයේ නිල­ධා­රීන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිම දේශ­පා­ලන ක්‍රියා­ව­ලි­ය­කට සම්බන්ධ වීමට නොහැකි බව ඉතා පැහැ­දි­ලිව දක්වා තිබීම මේ විනය පරී­ක්ෂ­ණ­යට පද­නම් වී ඇත.

Comments