වැර­දු­ණොත් අලුත් ඡන්ද කොළ­යක්! | Page 2 | සිළුමිණ

වැර­දු­ණොත් අලුත් ඡන්ද කොළ­යක්!

 

න්දය සල­කුණු කිරී­මේදී ඡන්ද පත්‍රි­කාවේ යම් වැර­දී­මක් සිදු වුව හොත් එය නිවැ­රදි කිරී­මට ඇඟි­ල්ලෙන් මක­න්නට හෝ කුරු­ටු­ගා­න්නට නොයන ලෙසත්, ඒ ඡන්ද පත්‍රි­කාව වෙනු­වට වෙනත් ඡන්ද පත්‍රි­කා­වක් ලබා­ගැ­නී­මට හැකි­යාව තිබෙන බවත් මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා සඳ­හන් කරයි.

ඇඟි­ල්ලෙන් මැකී­මට හෝ කුරුටු ගෑමෙන් සිදු වන්නේ ඒ ඡන්දය අව­ලංගු ඡන්ද­යක් බවට පත් වීම බව ඔහු පෙන්වා දෙයි. ඡන්දය සල­කුණු කිරී­මට ඡන්ද මධ්‍ය­ස්ථා­නය වෙත යන විට විට තමන් ඡන්දය දෙන්නේ කාට­දැයි පැහැ­දිලි අව­බෝ­ධ­ය­කින් යන්නේ නම් වැර­දීම් සිදු නොවන බවද ඔහු සඳ­හන් කරයි. කෙසේ වෙතත් වැර­දුණු ඡන්ද පත්‍රි­කාව වෙනු­වට අලුත් පත්‍රි­කා­වක් නිකුත් කරන්නේ වැර­දුණු පත්‍රි­කාව ඡන්ද පොළ නිල­ධා­රියා විසින් යම් නීති රාමු­ව­කට අනුව භාර ගැනී­මෙන් අන­තු­රුව වන බැවින් කිසිදු අක්‍ර­මි­ක­තා­වක් සිදු වීමේ අව­කා­ශ­යක් නැති බව ඔහු වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

Comments