දූවිලිවලාව ගැන කරුණු සොයන්න WHO දන්වයි | සිළුමිණ

දූවිලිවලාව ගැන කරුණු සොයන්න WHO දන්වයි

ශ්‍රී ලංකාවට ඉහළින් ඇති දූවිලි අංශු වලාව සම්බන්ධයෙන් කරුණු සොයා බලන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම්දී තිබේ.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි සඳහන් කළේ මෙම දූවිලි අංශු වලාව මෙරටට පැමිණියේ කුමන ආකාරයටද යන්න සොයාබලන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ද දැනුම් දුන් බවයි.

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය සියයට සියයකින් ඉහළ ගොස් ඇතැයි ඊයේ කරුණු හෙළිවුණේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉහළ අහසේ දිස්වූ මීදුමක් වැනි තත්ත්වය පිළිබඳ වැඩිදුර සොයාබැලීමේදියි.

වායු දූෂණ මට්ටම සොයාබැලීම සඳහා මාපක දෙකක් බත්තරමුල්ලේ මධ්‍යම පරිසර අධිකාරි පරිශ්‍රයේ මෙන්ම මහනුවර ප්‍රදේශයේ ද ස්ථාපිත කර ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩආරච්චි සදහන් කලේ, එය මේ වනවිටත් මධ්‍යම අගයට තරමක් පහළින් පවතින බවයි.

 

Comments