මැතිවරණ දිනය ගැන තීන්දුව ජුනී 08 | සිළුමිණ

මැතිවරණ දිනය ගැන තීන්දුව ජුනී 08

මැතිවරණය පැවැත්වීමේ දිනය ලබන ජුනි මස 08 වෙනිදා මැතිවරණ කොමිසන් සභාව රැස්වී තීරණය කරන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සමග සාකච්ජා කොට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බවයි.

මැතිවරණය පැවැත්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අද දිනයේදී සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තම කොමිසම වෙත භාර දුන් බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.

Comments