පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳුදා සිට වැඩ | Page 2 | සිළුමිණ

පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳුදා සිට වැඩ

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසා තබා ඇති ප්‍රාථමික පාසල්, පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, බස්නාහිර පළාතේ හා හුදකලා ප්‍රදේශ හැර දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය ආරක්‍ෂිත වැඩපිළිවල යටතේ මෙම මස (11) දින සිට යළි ආරම්භ කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා පවසයි.

පෙර පාසල් වසා දැමීම හේතුවෙන් 49,000ක් පමණ වන පෙර පාසල් ගුරුවරියන්ද දැඩි අසරණ තත්වයට පත්ව ඇති පවත් නිසි කලට අධ්‍යාපනයට යොමු කිරීමට නොහැකි වීම නිසා කුඩා දරුවන්ගේ මවුපියන්ද දැඩි අපහසුතාවන්ට පත්ව ඇතැයි පෙන්වා දුන්නේය.

එසේම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා තැබීම හේතුවෙන් මේ වන විට රැකියා කරා යන මවුපියන්ද දැඩි මානසික පීඩාවකට පත්ව ඇති අතර එම හේතුවෙන් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් දිවා සුරැකුම් මධ්‍යස්ථානද ආරම්භ කිරීමට පියවර ගත් බවද පැවසිය.

Comments