ඊයේ (13) සිට පැවති අධික වැසි තත්වයත් සමග කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වල පහත් බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇත.
මතුගම කලවාන මාර්ගයේ බදුරලිය මොරපිටිය ප්‍රදේශයේ මාර්ගය අද (14) උදැසන අඩි 5 ක් පමණ උසට ගංවතුරෙන් යටවී තිබිණ
ඊයේ (13 ) රාත්‍රියේ ගමන් කිරීමට නොහැකිව අතරමග නතරව සිටි පිරිස් ඔරුවක ආධාරයෙන් එගොඩ වන අයුර ඡායාරුපයෙන් දැක්වේ.
(බී.ටී. තඹවිට මතුගම)