ශෂිකා හඬට ගැලපෙන ගීත තෝරා ගන්න දක්ෂයි | සිළුමිණ

ශෂිකා හඬට ගැලපෙන ගීත තෝරා ගන්න දක්ෂයි

සමිතා මුදුන්කොටුව සහ ශෂිකා නිසංසලා කියන්නෙ සංගීත කේෂ්ත්‍රයේ සිටින යොවුන් පරපුරේ හදබැඳගත් ගායන ශිල්පිනියන් දෙදෙනෙක්. ඔවුන් දෙදෙනා හොඳ යෙහෙළියන් කියලයි අපට ආරංචිය.

මේ දිනවල දෙරණ ඩ්‍රිම්ස්ටාර් ගායනා තරගාවලියේ මේ දෙදෙනාම විනිසරුවරියන් ලෙස පෙනී සිටිනවා. මුහුණට මුහුණ විශේෂාංගයට එක් වෙමින් ඔවුන් දැක්වු අදහසුයි මේ.

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ

කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ
අතවැනුවට නොවැටී මං මුලාවේ
සිත රැඳියන් මගේ සෙනෙහෙ කැදැල්ලේ

1989දී ඉරපායා ගීතයෙන් ගායන ලොවට පිවිසි ඇය අදටත් යොවුන් සිත් වසඟවන ආකාරයට ජනප්‍රිය ගී ගයන ශිල්පිනියකි. වයස අවුරුවු 16වැනි ළාබාල වයසේදී සංගීත විශාරද උපාධිය හිමිකරගත් ඇය මුලින්ම ගීතයක් ගායනය සිදුවුයේ වයස අවුරුදු හයක් තරම් කුඩාකාලයේදීය.

1991දී සඳතනිවෙලා,1993 දහසක් මල් පිපිලා ,1995 සිළුමිණ සෑය ආදී ගී තැටි හඳුන්වා දෙමින් එදා මෙදා තුර ගැයූ ගීත රැසක හිමිකාරිය වීමටද ඇයට වාසනාව හිමි වුවාය. නර්තනය, රංගනය, ගායනය යන අංශ තුනටම දක්ෂතා දක්වන ඇය ගැයූ ගී අතර ඉරපායා, පිපිච්ච මල් උඩ, සිනා පිපෙනා මේ වසන්තය, පින්න පිපෙන රෑ යාමේ, ආදි ජනප්‍රිය ගීත රැසකි. හොරණ ශ්‍රිපාලියෙන් මුලික අධ්‍යාපනය හදාරා සංගීත කේෂත්‍රයේ අදටත් ඉහළින්ම වැජඹෙන ඇය සමිතා එරන්දතී මුදුන්කොටුවයි.

මොනවද මේ දවස්වල අලුත්ම තොරතුරු ?

දෙරණ ඩ්‍රිම්ස්ටාර් (dreamstar) වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස කටයුතු කරගෙන යනවා .ඒ වගේම අලුත්ගීත හතරක් ගායනාකළා .ඒවාටත් රූප රචනා කරගෙන යනවා .

දෙරණ ඩ්‍රිම්ස්ටාර් (dreamstar) වැඩසටහනේ ඔබ කලක පටන් සාමාජිකාවක් වෙලා?

ඔව්. මම දෙරණ ඩ්‍රිම්ස්ටාර් (dreamstar) ගායනා තරගාවලියට බොහොම කැමතියි .එයට සහභාගිවෙන්නේ හරිම කැමැත්තෙන්.එවන් වැඩසටහන් මගින් තරුණ තරුණියන්ට තමන්ගේ ගායන හැකියාව රටටම පෙන්වන්න අවස්ථාව ලැබෙනවා . නවකයන්ට හොඳ තෝ තැන්නක් මේ තරගාවලිය.

එහි සාමාජිකාවක්වන ශෂිකා නිසංසලා ගැන මොකද හිතෙන්නේ?

නව පරපුරේ සිටින දක්ෂතම ගායන ශිල්පිනියක් තමයි ශෂිකා නිසංසලා කියන්නේ.චරිතයක් විදිහටත් ඇය නිහතමානි හොඳ සොහොයුරියක්.

ශෂිකාගේ සිත්ගත් ගීතය මොකද්ද?

ඇය ගායනාකරන හැම ගීතයකටම කැමතියි. විශේෂයෙන් එයාගේ හඬට ගැලපෙන ගීත ඇය තෝරා ගන්නවා. ඒවායේ රිද්මය සහ රූප රාමු හොඳින් ගැලපෙන නිසා එම ගීත ඉතා ඉක්මනින් රසිකයන් අතරට යනවා. ඇය සෞන්දර්ය උපාධිධාරිණියක් වන නිසා දැනුමෙන්ද පොහොසත් .

ඇයගේ පෞද්ගලික ජීවිතයටත් ඔබ සමීපද?

අප දෙදෙනාම දෙරණ ඩ්‍රිම්ස්ටාර් (dreamstar) වැඩසටහනට සම්බන්ධව සිටින නිසා දැන් හරි සමීපයි. ශෂිකා ප්‍රවීන ශිල්පීන්ට ගරු කරන ගායිකාවක්.ඇයට හොඳ සැමියෙක් සහ දරු දෙදෙනෙක් සිටිනවා. අප දෙදෙනා දැන් ළඟින් ඇසුරුකරන නිසා සමීපතම මිතුරියන් වෙලා.

ඔබගේ හොඳම යෙහෙළිය ශෂිකාද?

මගේ හොඳම යෙහෙළිය මගේ දුව

ඉදිරි බලාපොරොත්තු දැන ගන්න කැමතියි?

චිත්‍රපට ගීත කිහිපයක් ගායනාකරන්න ආරාධනා ලැබී තිබෙනවා. එහෙත් මේ දිනවල මූලිකත්වය දී තිබෙන්නේ දෙරණ රියැලිටි ගායනා තරගාවලියට.එයට සහභාගිවන නිසා වෙනත් වැඩසටහන්වලට සහභාගිවන්න තිබෙන කාලය අඩුයි. දුවගේත්, පුතාගේත්, ඉගෙනුම්වැඩ නිසා ප්‍රසංග වේදිකාවට සහභාගිවන්නෙ තෝරා බේරාගෙනයි. ඔවුන්ගේ අනාගතය සාර්ථක කිරීම මගේ ජීවිතයේ එකම අරමුණයි.

Comments