සැබෑ­වුණු පුර­සා­ර­මක් | සිළුමිණ

සැබෑ­වුණු පුර­සා­ර­මක්

සුදත්ත තිලක්සිරි ගැන මේ දවස්වල කවුරුත් කතාබහ වෙන්නේ ඔහු අධ්‍යක්ෂණය කළ ‘දෙබිඩි බ්‍රෝ‘වේදිකා නාට්‍යය නිසයි. කාලෙකට පස්සේ නැවතත් වේදිකාවට ගොඩවුණු සුදත්ත මේ ගැන අපිත් එක්ක කතා කළා.‘ දෙබිඩි බ්‍රෝ ‘නාට්‍යය වේදිකාවට ගෙන එන්නේ මගේ ප්‍රථම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය ලෙසයි.

1990 වසරේ අන්තිම වතාවට මම ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘මානස විල‘ඔපෙරාවට දායක වුණා. ඉන් පසුව වේදිකා නාට්‍යවලට දායක නොවුණු තරම්. වේදිකාවට ගොඩවෙලා ටෙලි නාට්‍ය කලාවට අවතීර්ණ වුණු මට වේදිකාව නුහුරු තැනක් නෙමෙයි. දශක තුනකට ආසන්න කාලයක් මම කලාවේ රැදී හිටියා.

කොහොම වුණත් ටෙලි නාට්‍යය, සිනමාව මේ මොන දේ සමඟ සිටියත් වේදිකාවේ සොඳුරු බවින් අපිට අත්මිදෙන්න බැහැ. මම මීට වසර තුනක පමණ කාලයේ සිටම පුරසාරම් දෙඩුවා වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා කියලා. මේ වන විට එය හැබෑවෙලා තිබෙනවා. ‘දෙබිඩි බ්‍රෝ‘කියන්නේ අපූරු තේමාවක් රැගත් වේදිකා නාට්‍යයක්.

ඇඟෙන් බද්ධ වූ සහෝදරයන් දෙදෙනෙක් තරුණියන් දෙදෙනකු සමඟ විවාහ වී මධුසමය ගත කරන්නට පිටත් වෙනවා. එහි දී ඇතිවන විවිධ සිදුවීම් තමයි මෙයට පාදක වන්නේ. හුදෙක් මේ සිදුවීම් සමඟ ලොකු පණිවිඩයක් ප්‍රේකෂකයා අතරට යනවා. මේ සිදුවීම් දකින ප්‍රේක්ෂකයා කල්පනා කරන්නට පටන් ගන්නවා.

පැහැදිළිවම සමාජයේ කාන්තාවන් සහ පිරිමින් අතර තිබෙන ආත්මාර්ථකාමීත්වය මෙහිදී විමසුමට ලක් වෙනවා. තවකෙක් කරන කපටිකම් නිසාම අනෙකා පත්වන අපහසුතාවය, ඛේදනීය තතත්වය මේ ඔස්සේ විග්‍රහ වෙනවා. ජනප්‍රිය ජයසිංහගේ පිටපතක් විවිධ වෙස්කම්වලට භාජනය කරමින් මේ විදිහට වේදිකාවට ගෙන එන්නට ලැබීම ඇත්තටම සතුටක්.

මෙය අප්‍රේල් 02 වැනිදා සවස 6.30ට ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත කරන්න සූදානම්. ඒ වගේම මෙය රටවටාත් ලොව වටාත් ගෙන යන්නට මම සුදානම්. ‘දෙබිඩි බ්‍රෝ‘ නාට්‍යයට මාත් සමඟ ජගත් චමිල, ජනක කුඹුකගේ, ජනිත් වික්‍රමගේ, දිලිනි ලක්මාලි, අයේෂා දිසානායක, ආලෝක සම්පත් රංගනයෙන් දායක වෙනවා.‘


 අමාලි කොලිවුඩයට

අමාලි ඉන්දීවරී කියන්නේ ලංකාව නියෝජනය කරමින් තරගාවලි කිහිපයකටම සහභාගි වී ජයග්‍රහණ රැසක් දිනූ දක්ෂ නිරූපිකාවක්. ඇය පසුගිය දා පැවැති රුසියන් මිස් ෆැජන්ට් වර්ඩ් 2016 තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබුවා.

ඉන්දීවරී නිරූපණයට වගේම රගපාන්නත් දක්ෂයි. ඒ වගේම නර්තනයටත් ඇය උපන් හපන්කම් දක්වනවා. ‘අමාලි ප්‍රමුඛ ස්ටර්ස්‘ඇගේ නර්තන ක‍ණ්ඩායමයි. මේ දවස්වල අමාලි ගැන ක්ෂේත්‍රයේ කියවෙන අලුත්ම ආරංචිය තමයි දකුණු ඉන්දියානු දෙමළ සිනමා නිර්මාණයකට ඇය දායක වෙන්නට සූදානම් වන පුවත‍.

‘මට හිතෙන්නේ මම දැකපු හීනයක් සැබෑ වුණා කියලයි. මට මේ ආරාධනාව ලැබුණු විට හුඟාක් සතුටක් ඇති වුණා. මගේ නර්තනමය හැකියාවත් එයට බලපාන්න ඇති. ඒ වගේම මගේ පියා ඉන්දියානුවෙක්. එයත් සෘජුවම මෙයට බලපෑවා. කොහොම වුණත් ඉදිරියේ දී මේ ගැන වැඩි විස්තර මම මගේ රසිකයන්ට පවසන්නම්.

Comments