ගම්මිරිස් දේශීය මිල ඉක්මවන අපනයන මිලෙහි වැඩිවීම | Page 2 | සිළුමිණ

ගම්මිරිස් දේශීය මිල ඉක්මවන අපනයන මිලෙහි වැඩිවීම

අවසානයේ පිරිවැය වගාකරුවාට අවරණය කරගැනීමට හැකිවේ නම් වගාකරුවා සාර්ථක වේ. අන්තර් වියදම් ඍජුවියදම් පිළිබඳ වගාකරුවා ලබා ඇති පැහැදිලි අවබෝධය මත වෙළෙඳපොළේදී අධිමිල ලබාගැනීමට හැකියාව ලැබේ. වගාකරුවෙක් තමන් වගා කිරීමේදී මිල පිළිබඳ අවබෝධයක් නොමැති නම් තම වගාව සාර්ථක කරගැනීමට කිසිවිටකත් නොහැකි වේ.

ශ්‍රී ලංකාවේ කළු ගම්මිරිස් වටිනාකමින් වැඩිය. රසවත් බව වැඩි නිසා වෙළෙඳපොළ ඉල්ලුම වැඩි සීඝ්‍රයෙන් වැඩි වී තිබේ. වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදන ඉල්ලුම මෙටොන් 250000ත් 300000 අතර ප්‍රමාණයක් වේ. මේ වන විට ගම්මිරිස් ඉල්ලුම සීයයට හැටකින් ඉහළ ගොස් ඇති අතර 2009 වර්ෂයේ දී ගම්මිරිස් වගා කළ භූමි පුමාණය හෙක්ටයාර් 477000 දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් වගා කිරීම සඳහා එතරම් පිරිසක් උනන්දු නොවූවද වර්තමානයේ බොහෝදෙනා ගෙවත්තේ ගම්මිරිස් වගා කරති. 2002 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්ව දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද මිල ගණන් වර්ධනය වීමක් පෙන්නුම් කරයි. අඛණ්ඩව මිල ඉහළයාමක් සිදුවුවත්, නිෂ්පාදනය වැඩි නොවීම නිසා අධි ඉල්ලුමක් ඇති වේ. නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මිල ඉහළයාමේ වාසිය නිෂ්පාදකයා සතුවේ. ගමිරිස් ගොවියාගේ සිට ගම්මිරිස් අපනයනකරුවා තෙක් විමර්ෂණය කිරීමේ දී ගම්මිරිස් මිල සඳහා සීයයට අසූ හතරකින් වැඩි වී තිබේ.

දේශීය කෘෂි බෝග වෙන්දේසිය යටතේ ගම්මිරිස් වල මිල තීරණය වීම දේශීය වෙළෙඳ පොළේදී සිදුවේ. මිල තීරණය වීම සඳහා ලංකාවේ ගම්මිරිස්වල රසය ද බලපායි. මෙය හේතුව ලංකාවේ පසයි. කෙසේ වුවත් දේශීය ගම්මිරිස් මිල සහ අපනයන මිල අතර පරතරය ක්‍රමයෙන් වැඩි වන ආකාරයක් දක්නට ලැබේ. මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ ගම්මිරිස් සඳහා පවතින අඛණ්ඩ ඉල්ලුමයි.

ගම්මිරිස් මිල දිගින් දිගට ඉහළ යාමට හේතුව වන්නේ ගම්මිරිස් නිෂ්පාදනය අඩුවීම සිදුවුවත්, එය නිෂ්පාදකයාට වාසි සහගත වේ. මිල හැසිරීමේ න්‍යාය අනුව දිගුකාලීනව ගම්මිරිස් සැපයුම්කරුට නිති වාසි අත්වේ. දිගින් දිගටම වෙළෙඳ පොළ රැඳීමේ හැකියාවක් සැපයුම්කරුට ඇති වන්නේ තම වගා බිම සරු කරගැනීම සිදු කළ හොත් පමණි.

නැතහොත් ඉල්ලුම්කරුවන්ගෙන් ප්‍රතික්ෂේප වීමට සිදුවේ. මේ නිසා වෙළෙඳපොළ තත්ත්වය අනුව සැපයුම්කරු සැපයුම තීරණය කළයුතුය.

දේශීය කුළුබඩු ක්ෂේත්‍රයේ ගම්මිරිස්වලට හිමිවනුයේ සුවිශේෂ ස්ථානයකි. ගම්මිරිස් විදේශීය විනිමය උපයන විශේෂිත වගාවකි.

ගම්මිරිස් වගාවට සුදුසු වගා ක්ෂේත්‍ර නොමැති වීමත් උපදේශක සේවා දුර්වලවීමත් නිසා වෙළෙඳ පොළ අතික්‍රමණය කිරීමට නොහැකි වීම කනගාටු දායක තත්ත්වයක් වුවත්, මේ වනවිට විදේශ වෙළෙඳපොළට ඉහළ දායකත්වයක් ලබාගැනීමට දේශීය ගම්මිරිස්වලට හැකි වී තිබේ. බොහෝවිට අතරමැදියන් දේශීය වෙළෙඳපොළට දායක වීම නිසා ගම්මිරිස් මිල ඉහළ යාම සිදුවේ. මෙය හේතුවන්නේ සාමාන්‍ය මිල යාන්ත්‍රණයි. බොහෝවිට අතරමැදියන් දායක කරගැනීම අවාසි සහගතය.

මිල අධික භාණ්ඩයක් අලෙවි කිරීම උදෙසා අතරමැදියන් සම්බන්ධ කර ගැනීමෙන් සිදුවන්නේ අතිරේක මිලක් දැරීමටය.

සැපයුම අවම භාණ්ඩයක් උදෙසා අතරමැදියන් සම්බන්ධවීම පාරිභෝගිකයාට අවාසිදායකය. මේ නිසා ගම්මිරිස් වගාවට සුදුසු වන්නේ ඍජු අලෙවියකි. මෙයින් පාරිභෝගිකයාට ද වගාකරුවාට ද සාධාරණයක් හිමිවේ.

ඔබ ඔබගේ ගම්මිරිස් ඵලදාව අතරමැදියන් ඔස්සේ වෙළෙඳ පොළට අලෙවි කරන්නෙක් නම්, එය ඔබට අවාසි සහගතය. මෙයින් වගාව සම්බන්ධව දැරූ කිසිදු වියදමක් ආවරණය කරගැනීමට ඔබට නොහැකිවේ.

අවසානයේ පිරිවැයවත් වගාකරුවාට අවරණය කරගැනීමට හැකිවේ නම් වගාකරුවා සාර්ථක වේ.

අන්තර් වියදම් ඍජුවියදම් පිළිබඳ වගාකරුවා ලබා ඇති පැහැදිලි අවබෝධය මත වෙළෙඳපොළේදී අධිමිල ලබාගැනීමට හැකියාව ලැබේ. වගාකරුවෙකුට තමන් ම වගා කිරීමේදී මිල පිළිබඳ අවබෝධයක් නොමැති නම් තම වගාව සාර්ථක කරගැනීමට කිසිවිටකත් නොහැකි වේ.

මේ නිසා වගා කිරීමේදී මිල ගැන සැලකිලිමත්වීම ප්‍රධාන වේ.

ගොවියෙක් වුවත් වගාවට ආර්ථික වටිනාකමක් දීමේදී සැලකිය යුතු කරුණු කීපයකි.

තමා ආරම්භ කිරීමට සූදානම් කරන වගාවේ අමුද්‍රව්‍යවල මිල ගණන් ශ්‍රමය උදෙසා ගෙවියයුතු මිල ගණන් අවසන් නිෂ්පාදනයේ වටිනාකම වෙළෙඳ පොළ ඉල්ලුම .

කෙසේ වෙතත් වර්ධනය වන ඉල්ලුමක් සහිත වගාවක් කිරීමට බොහෝදෙනා පෙළඹෙති. එහෙත් ගම්මිරිස් සඳහා ඇත්තේ වර්ධනය වන ඉල්ලුමක් නොව අධි ඉල්ලුමකි. තමන් කුමන නිෂ්පාදනය කළ ද මූල්‍ය ප්‍රතිලාභ සහ වෙළෙඳපොළ හැසිරීම පිළිබඳව දත යුතුය. ඔබ සාමාන්‍ය ගොවියෙකු වුවද වෙ‍ෙළඳ පොළ හැසිරීම පිළිබඳ අවබෝධයක් තිබේ නම් වගාවෙන් අලාභ ලැබීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම වේ.

වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට සිදුවන්නේ නම් වියදම අධික වේ.

මේ නිසා ගොවියා තම වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරගැනීමට පෙළඹන්නේ නම් පිරිවැය අවම වේ. මෙය ඕනෑම වගාවකට පොදු සිද්ධාන්තයකි.

ගම්මිරිස් වගාවේ දී වුවද අව පිරිවැයකින් ලාභ ලැබීමට ඔබට හැකිනම් ඉලක්ක වෙළෙඳ පොළ දිනාගැනීමට හැකියාව ලැබේ. එසේ දිනාගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව අවම නම් වෙළෙඳ පොළ ගැනුම්කරුවා පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට සිදුවේ. ගැනුම්කරුවා පිළිබඳ අවබෝධය අන් වගාවන්ට මෙන්ම ගම්මිරිස් වගාවට ද පොදුවේ.

ගම්මිරිස් නිෂ්පාදනයෙන් හොඳ මිලක් ලැබීමට නම් වෙළෙඳ පොළ පවතින ගම්මිරිස් මිල පිළිබඳ අවබෝධය වැදගත්වේ නැති නම් උපරිම මිලක් ලැබීමට නොහැකිවේ. වගාවේ උපරිම මිල ලබාගැනීමට පිරිවැය පිළිබඳ අවබෝධය හැමවිට වැදගත්ය.

චම්පිකා සෙනරත්

• ඔබේ ගෙවත්තත් කොම්පෝස්ට් යොදා වගා කරන්නේ නම්, එහි ඡායාරූප සමඟ ඔබේ සේයාරුවක්ද අප වෙත යොමු කරන්න.
• ඔබ කෘෂි ක්ෂේත්‍ර‍ෙය් ආර්ථික විශේෂඥයකු නම් ඔබේ ක්ෂේත්‍ර අත්දැකීම්ද අපට එවන්න.

සංස්කාරිකා, සොඳුරු ගෙවත්ත,
රන්බිම, සිළුමිණ කර්තෘ මණ්ඩලය, ලේක්හවුස්, කොළඹ 10.
[email protected]

Comments