අෂ්ටවිධ ද්වාර වේද දෝෂය | Page 2 | සිළුමිණ

අෂ්ටවිධ ද්වාර වේද දෝෂය

ද්වාර වේධ දෝෂ පවතින නිවෙසකට විවිධ කරදර, බාධක ඇතිවන බව වාස්තු වේදයේ නිපුණ ඍෂිවරුන් විසින් පවසා ඇත. මෙසේ නිවැසියන්ට වින කරන, අපල කරන ද්වාර වේධ දෝෂ මොනවා දැයි සලකා බලමු.

 

වෘක්ෂ වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට විශාල ගසක් තිබීමත් ,එම ගස නිසා නිවෙසට ‍හා ගෙමිදුලට හිරු කිරණ නොවැටී අඳුරු ස්වභාවයක් ගැනීමත් වෘක්ෂ වේධ දෝෂය ලෙස සලකයි. මෙහිදී කුඩා ගස්, මල් පඳුරු ,එළවළු බෝග ආදී ශාඛ මේ දෝෂයට අයත් නොවේ.

මෙවැනි නිවෙසක වෙසෙන නිවැසියන්ට නිතර විවිධ කරදර,ලෙඩ දුක්, අමනුෂ්‍ය දෝෂ පැමිණෙන‍වා මෙන්ම, මේ නිවෙස්වල සිටින දූ දරුවන්ටද බලවත් විපාක සිදුවිය හැක.

 

කර්ම වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට මඩ වලක්, අත්හැර දැමු පාලු පතලක්, පුරන්ව වල් වැදුණු කුඹුරක් වැනි භුමියක් පිහිටීම මේ දෝෂයයි. මෙවැනි නිවාස වල වෙසෙන නිවැසියන්ට නිතර කනගාටුදායක සිද්ධීන් මෙන්ම කරදර කම්කටොලු වලටද මුහුණ පෑමට සිදුවේ.තවද මොවුන්ගේ දියුණුවට බාධා ගෙන ‍දීම. නිවැසියන්ගේ ගෞ‍රවයට ,කිර්තියට හානි සිදුවීම අනිවාර්ය වේ.

 

බ්‍රහ්ම වේධ දෝෂය

මේ දෝෂය කිහිප ආකාරයකට යෙදේ .නිවසේ ප්‍රධාන දොරටුව කෙලින් තමන් නිවෙසක බිත්තියක් තිබීම, ප්‍රධාන දොර කෙලින් තවත් නිවෙසක දොරක් තිබීම හෝ ප්‍රධාන දොර ඉදිරිපිට වෙන නිවෙසක කුමන හෝ අගයක් තිබීම මගින් මේ දෝෂය ඇති වේ.

මේ දෝෂය සහිත නිවසක වෙසෙන නිවැසියන් ගේ කීර්තිය, ගෞරවය හා ප්‍රසංශාව කෙලෙසී යැයි පුරාණ සෘෂි මාතයයි.

 

ද්වාර වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොර කෙලින් තවත් නිවසක දොර පිහිටීම මෙන්ම තම නිවෙස් ප්‍රධාන ගේට්ටුව ප්‍රධාන දොර කෙළින්ම පිහිටීමද මේ දෝෂයයි.

මෙසේ පිහිටි නිවෙසක වෙසෙන නිවැසියන්ට ඇස්වහ කටවහ දෝෂ මෙන්ම,සොර සතුරු පීඩා ද ගෙන දේ. නිවැසියන්ගේ කී‍ර්තියට හා ශරීර සෞඛ්‍යයට ද බොහෝ අගුණ ගෙන දේ

 

කූප වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරට හරි කෙලින් ‍‍‍ගේ දොර ආසන්නව ළිඳක් පිහිටා ඇත්නම් එය කූප වේධ දෝෂයයි.

මෙවැනි නිවාසවල වෙසෙන නිවැසියන්ට හිසේ රෝග,ස්නායු ආබාධ ,මානසික රෝග, අපස්මාරය වැනි රෝග තත්ත්වයන් ඇති වන අතර අපකීර්තිය,නිවෙසේ සාමය බිඳ වැටීම ආදී දේ ද සිදුවේ.

 

රජක වේධ දෝෂය

ප්‍රධාන දොර ‍ඉදිරිපිට රෙදි සෝදන ස්ථානයක් පැවතීම රජක වේධ දෝෂය වේ.

මෙවැනි නිවෙස් වල වෙසෙන අය පහත් අදහස් සිතුවිලි වලින් පිරුණු අය වේ. කෙතරම් ඉගෙන ගත්තද ඔවුන්ට උසස් රැකියා හෝ උසස් තනතුරු නොලැබේ.

 

සුසාන ‍වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරියේ සොහොන් කොතක්,සුසාන භුමියක් , ආදාහනාගාරයක් හෝ මෘත ශරීරාගාරයක් පැවතීම මෙම දෝෂයයි.

මෙවැනි නිවෙස් වල සිටි‍න නිවැසියන්ගේ ධනය විනාශ වීම, ලෙඩදුක් කරදර වලට මුහුණ දීම, හදිසි මරණ ඇති වීම සිදුවේ යැයි වාස්තු විද්‍යාවේ සඳහන්වේ.

 

ස්ථම්භ වේධ දෝෂය

ප්‍රධාන දොර කෙලින් නිවසට අයත් නැති සිමෙන්ති කනු පිහිටීම හෝ කුලුණක් පිහිටීම ස්ථම්භ වේධ දෝෂයයි. මෙවැනි නිවෙස්වල නිවැසියන් නොයෙකුත් අපචාර, දුරාචාරවල යෙදෙන අය වේ.

 

 

Comments