විශ්ව රූ රැජන අව­සන් වට­යට ආ අපේ රූ රැජන | Page 2 | සිළුමිණ

විශ්ව රූ රැජන අව­සන් වට­යට ආ අපේ රූ රැජන

අප පසුගිය සුමානේ කතා කළේ ලෝක රූප සුන්දරිය වූ අපේ අසල්වැසි රටේ රූප රාජනිය ගැනයි. මේ කතා කරන්නේ අපේම රටේ රූප සුන්දරියක පිළිබඳයි. ඇය ක්‍රිස්ටිනා පීරිස්. වයස අවුරුදු 23යි. ක්‍රිස්ටිනා ගැන මෙලෙස ලියන්න තරම් වැදගත්කමක් ලැබෙන්නේ අප ‍රටේ රූප රාජනියක් විශ්ව රූ රැජන තරගයකදී අවසන් වටය කරා ඒමට සමත් වූ විරල අවස්ථාව මෙය නිසයි.

මේ වසරේ විශ්ව රූ රැජන තරගය පසුගියදා පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස්වල. හැට හයවැනි වරටත් පැවැති මේ තරගය සඳහා ලෝකයේ රූ රැජනන් අනූ දෙදෙනෙක් සහභාගී වූවා. ඉන් අවසන් වටය සඳහා රූ රැජනන් 16 දෙනකු තේරුණු අතර ඉන් අයකු වූයේ අපේ රටෙන් ඉදිරිපත් වූ ක්‍රිස්ටිනායි. මීට පෙර අප රටේ රූ රැජනක් අවසන් වටය සඳහා පැමිණියේ 1955 වසරේදීයි. ඒ මොරීන් හින්ගර්ට්. ඇය එවර තෙවැනි ස්ථානය දිනා ගත්තා. ක්‍රිස්ටිනා මෙවර අවසන් වටය සඳහා පැමිණියේ ඉන් වසර වසර 62කට පසුයි.

රත්මලානේ උපත ලද ක්‍රිස්ටිනා කොළඹ දී මූලික අධ්‍යාපනය ලැබ වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත්තේ අබුඩාබි රටේය. මව මිය යෑමෙන් පසු ක්‍රිස්ටිනාගේ පවුලම අබුඩාබිය කරා සංක්‍රමණය වූවා. දැන් ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. ඇය තමන් උපයන මුදලින් කොටසක් කලක සිටම පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් කළා. එයට හේතු වුණේ ඇගේ මව මිත්තණිය හා මුත්තණුවන් ද පිළිකා රෝගය හේතුවෙන් මිය යෑමයි. ඇය ඉදිරියටත් ඒ සද්කාර්ය කරගෙන යෑමට සිතා ඉන්නවා.

ඇමෙරිකාවේ හොලිවුඩ් හි පැවැති අවසන් තරගයේ දී 2017 වසරේ විශ්ව රූ රැජන කිරුළ දිනා ගත්තේ දකුණු අප්‍රිකා රූ රැජනයි.

 

Comments