එදා බොලි­වු­ඩයේ රෝමා­න්තික පෙම්වතා ශශී කපූර් සමු­ගනී | සිළුමිණ

එදා බොලි­වු­ඩයේ රෝමා­න්තික පෙම්වතා ශශී කපූර් සමු­ගනී

 එදා හින්දි තිරය වර්ණවත් කළ ප්‍රවීණ නළු ශශී කපූර් පසුගිය 04 දා ජීවිත සිනමාවෙන් සමුගත්තා. කාලයක් තිස්සේ වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටි හෙතෙම අවසන් හුස්ම හෙළන විට 79 වැනි වියෙහි පසුවුණා. හින්දි සිනමාවේ පවුල් ගස ලෙස සිනමා විචාරකයන් හැඳින් වූ සුප්‍රකට කපූර් පෙළපත නියෝජනය කළ ශශී ගේ පියාණන් වූයේ ප්‍රවීණ සිනමාකරු ප්‍රීතිවිරාජ් කපූර්. ශශී ගේ වැඩිමල් සොහොයුරා වූයේ හින්දි සිනමා අඹර දීප්තිමත් කළ ජනප්‍රිය නළු, චිත්‍රපට අධ්‍යක්‍ෂ රාජ් කපූර්.

ශශී සිනමා රංගනයට එක්වුණේ “ආග්” චිත්‍රපටයෙන් ළමා නළුවකු ලෙසයි . ඔහු ප්‍රධාන නළුවකු ලෙස දොරටවැඩියේ 1961 දී තිරගතවූ “ධර්මපුත්‍ර” චිත්‍රපටයෙන්.

එතැන සිට හින්දි චිත්‍රපට 116 කට රංගනයෙන් එක්වෙමින් දීර්ඝ සිනමා චාරිකාවක ජයග්‍රාහී ගමනක යෙදුණු ශශී සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබුවා. සිනමා නළුවකුට පිදෙන උසස්ම සම්මානයන් ලබන්නටත් ඔහු භාග්‍යවන්තයෙකු වුණා. ඒ 2011 දී පද්ම භූෂන් සහ 2015 දී දාදාසාහෙබ් ඵාල්කේ යන සම්මාන වලින් පිදුම් ලැබීමෙන්.

ශශී වඩාත්ම ජනප්‍රිය වූයේ 60 සහ 70 සිට යන දශකවල සහ 80 දශකයේ මැද භාගය වනතුරු තිරගතවු චිත්‍රපටවල රඟපෑමෙන්. 70 දශකයේ බොලිවුඩ් සිනමාවේ රෝමාන්තික පෙම්වතා ලෙස රසික ආදරය දිනාගත් ශශී විශාල චිත්‍රපට සංඛ්‍යාවකට රංගනයෙන් දායකවුණා.

1961 දී ඔහු ඇතැමි ඉංග්‍රීසි චිත්‍රපටවලටද රංගනයෙන් දායක වුණා. 1938 මාර්තු 18 දා කල්කටා නුවරදී උපන් ශශීගේ මුල්නම බල්බීර් ප්‍රීත්විරාජ් කපුර්.

ශශී ගේ දරුවන් වන්නේ ජනප්‍රිය නළු නිළියන් වන කුනාල් කපූර් කරන් කපූර් සහ සන්ජනා කපූර්. ශශී ගේ බිරිය බටහිර චිත්‍රපට නිළික වූ ජෙනිෆර් කෙන්ඩල්. ඇය 1984

දී සදහටම දෙනෙත් පියා ගත්තා.

ශශී ගේ අවසන් කටයුතු සිදු කළ මොහොතට බොලිවුඩි සිනමාවේ ප්‍රවීණ, ජනප්‍රිය කලාකරුවන් සහ කලා කාරියන් රැසක්ම සහභාගී වුණා. මේ අතර ශශී ගේ අභාවය පිළිබඳ පුවත සැලකළ බීබීසී රූපවාහිනියට ලොකු වැරැදීමක් සිදුවී තිබුණා. ඔහුගේ අභාවය නිවේදනය කෙරෙද්දී විකාශය වී ඇත්තේ වෙනත් නළුවකුගේ ඡායාරූපයක්. පසුව මේ පිළිබඳව කිහිප දෙනකුගෙන් විවේචන එල්ල වෙද්දී සිදුවූ වරදට සමාව අයැදින්නට බීබීසී රූපවාහිනියට සිදු වුණා.

  

Comments