කවු­රුත් කතා කරන දැන්වී­මක්... | සිළුමිණ

කවු­රුත් කතා කරන දැන්වී­මක්...

නව යොවුන් වියේ පසුවන කඩවසම් තරුණයෙක් තම සුන්දර පෙම්වතිය සමඟ ක්‍රීම් ක්‍රැකර් පැකට්ටුවක් කමින් ඔවුන්ගේ ලෝකයේ තනිවෙමින් පෙම්බස් දොඩමින් ජනාකීර්ණ වීදියක් දිගේ ඇවිද යයි . තොප්පියක් දමා ගත් මැදිවියේ පුද්ගලයකු ඉදිරියට එනු දැකීමෙන් තරුණිය කලඹල වන්නේ,'මාමා එනවා... මාමා එනවා...' යැයි කැලැඹීමට පත් වෙමිනි. ගෙදරට හොරා සිදුවන ආදරයක් නිසා මහත් බියට පත් වන පෙම්වතුන් යුවළ වටපිට බලා සොයන්නේ මාමාගෙන් වසන්ව සැඟවීමට තැනකි. අවසන ඔවුන් දෙදෙනා දිව යන්නේ ළඟම ඇති පරණ තාලේ 'ආරාධනා ' නම් ලද සැලූන් එකටයි. වේගයෙන් සැලුන් එකට රිංගා කොණ්ඩා කපන පුටුවේ හනි හනික වාඩි වෙන තරුණයා දැකීමෙන් බාබර් අන්දුන් කුන්දුන්වෙයි.

'අඳුරගත්ත ද මන්දා මාව ඉක්මනට වෙනස් කරන්න' යැයි තරුණයා බාබර් ගෙන් අයදියි. දෙවරක් නොසිතන බාබර් කොණ්ඩා කපන යන්ත්‍රය ගෙන තරුණයාගේ හිස මැදින් කෙස් පොදියක් බූගා දමන්නේ තරුණයා කවටයෙකු ස්වරූපයට වෙනස් කරමිනි. මේ අතර තොප්පියක් පැළඳගත් පුද්ගලයා ද බාබාර් සාප්පුවට පැමිණ තම හිස් වැසුම ගලවා දමයි. ඒ විට තරුණිය දකින්නේ ඒ තම මාමා නොවන බවයි. 'ඒ මාමා නෙවෙයි' යැයි තරුණයාගේ අහිමි වූ කෙස් කළඹ දෙස බලමින් දුක් වන තරුණිය පවසන්නේ මහත් දුකිනි. අවසානයේ දක්නට ලැබෙන්නේ තම ප්‍රේමය වෙනුවෙන් කොණ්ඩය දන් දුන් පෙම්වතා පෙම්වතිය සමඟ ක්‍රීම් ක්‍රැකර් කමින් කොණ්ඩය නොමැති හිස අතගාමින් පාරේ ගමන් කරන අන්දමයි.

මේ විදහට ගෙදරට හොරා ආදරය කරපු කාලයක් සමහර විට ඔබටත් තියෙන්නට ඇති. ඒ ආදර කතාවල දී මුහුණ පෑ සමහර දේවල් ගැන පවසමින් පසු කළෙක ඔබ සිනාසෙන්නටත් ඇති. පුරාවෘත්තවල පමණක් නෙවෙයි වත්මනේ සැබෑ දිවියේදීත් පෙම්වතුන් ආදරය වෙනුවෙන් කරපු සහ කරන පරිත්‍යාග එමටයි. මේ දවස්වල මේ ක්‍රීම් ක්‍රැකර් වෙළඳ දැන්වීම මේ අපූරු ආදර කතාවේ සිදුවන අපූරු අකරතැබ්බය නිසාම කා අතරත් ජනප්‍රියත්වයට පත්ව ඇති බව දක්නට ලැබෙනවා. හාස්‍ය මුසු වූ එම නිර්මාණාත්මක දැන්වීම පිළිබඳව මෙවර කවුරුත් කතා කරන දැන්වීමක් ඔස්සේ කතාබහ කරන්නට අපි කටයුතු කළේ එනිසයි.

මේ දැන්වීමේ නිර්මාණාත්මක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබෙන්නේ දැන්වීම් රැසක අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ඇන්ඩෲ පුල්ලේයි. සහාය අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ නාකුල් ප්‍රසාද් මේ දැන්වීම ගැන පවස්නනේ මෙවැන්නක්.

'මේ දැන්වීම නිර්මාණය කරන්නට අපි කටයුතු කළේ TBWA advertising agency යෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි. මේ commercial එකේ ස්ක්‍රප්ට් එකට අනූව යම් යම් වෙනස්කම් කරමින් තමයි මෙය නිර්මාණය කළේ. මෙහි රූගත කිරීම් සිදු කළේ හෝමාගම අවටයි. ස්ක්‍රිප්ට් එකට අනුව මීට පෙර දැන්වීම්වල රඟපාලා නොතිබුණ අලුත්ම models ලා තෝරා ගත්තා. ඒ වගේම මේ දර්ශන රූගත කිරීම්වලට අවශ්‍ය පසුබිම් නිර්මාණය කළේ කලා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ චරිත්. ඒ අතර සැලූන් එක විශේෂයි. මෙයට දායක වූ තරුණයා ලොකු කැප කිරීමක් තමයි සිදු කළේ. ඔහුගේ ඇත්තම කොණ්ඩය මේ දැන්වීම වෙනුවෙන් බූගා දමන්න ඔහු කැමැති වුණා. කොහොම වුණත් මේ දැන්වීමට හොඳ ප්‍රතිචාරයක් අපිට ලැබෙනවා. අපිත් එක්ක වැඩකරපු අපේ කෲ එක ගැනත් මතක් කරන්න ඕන. Director | Andrew Pulle

Producer | Prasana Kithalagama ,Production House | X 10,

Line Producer | Chamil Buddika,Client | Maliban,Agency | TBWA,

Asst. Director | Nakul Prasad,

DOP | Dammika Rathnayake,

Art Director | Charith Wickeramthilaka, ‍

Editor | Ranganna Singhara,

Colourist | Roshan Edward, Costume Designer |Kasunthi Kahapolaarachchi,Make Up | Nayana Ujith,Production Manager | Hemaka Kumara, Casting | Dinesh Selvaraja . මේ හැමදෙනාගේම සහයෝගය මේ දැන්වීමේ සාර්ථකත්වයට ලැබුණා.'

යොවුන් වියේ ආදරය ගැන අපූර්වත්වයෙන් යුතුව කියැවෙන කාගේත් සිත්ගෙන තිබෙන මේ වෙළෙඳ දැන්වීමේ පිටපත රචනා කළේ කලා හැකියාවන් රැසකින් පිරිපුන් නව පරපුරේ නිර්මාණවේදියෙක්. ඔහු සිසිල් ප්‍රනාන්දු. සිසිල් තමාග් පිටපත ගැන දක්වන්නේ මෙවැනි අදහසක්.' මම සේවය කරන්නේ TBWA advertising agencyයේ junior art director කෙනෙක් විදිහට. මට අවස්ථාවක් ලැබුණා මේ දැන්වීම රචනා කරන්නට. මේ දැන්වීම නිර්මාණය වීමට පාදක වුණේ මුලික වශයෙන්ම අපේ client අපිට දීපු තේමා පාඨයයි.

'අඳුනගත්ත ද මන්දා 'යන තේමාව මත දැන්වීම් පෙළක් මේ ක්‍රීම් ක්‍රැකර් සඳහා දිගටම නිර්මාණය වුණා. එහි දිගුවක් ලෙසයි 'මාමා' ඇඩ් එක රචනා වෙන්නේ. මෙය මම මුහුණපාපු අත්දැකීමක් නම් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතයේදී අහපු දැකපු දේවල් මත client අපිට දීපු තේමා පාඨය අනුව යමින් මෙය නිර්මාණය වුණා කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම අඳුර ගන්න නම් වෙනස්වෙන්න ඕන කොතනින්ද යන සිතුවිල්ල මුල් කරගෙන මම මේ ස්ක්‍රප්ට් එක ලිව්වා. මෙය ලියත්දී තිලක නානායක්කාරගෙන් ලැබුණු සහයෝගය විශාලයි. සුභාෂ් පින්නපොළ පිටුපස සිටිමින් අපිව ගයිඩ් කළා. ඇත්තටම මාත් එක්ක සේවය කරන මිතිල චාමර, සචිත්‍ර, මේ මොහොතේ මතක් කරනවා.

මේ අවස්ථාව ලබා දුන් junior art director තිලක නානායක්කාර සහ Director සුභාෂ් පින්නපොල දෙදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා. කොහොම වුණත් මේ දැන්වීමට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සැලුන් එකක කොණ්ඩය කපන අවස්ථාවක මේ දැන්වීම රූපවාහිනියේ ගියා. ඒ අවස්ථාවේ ලැබුණු ප්‍රතිචාරය නම් විශාලයි. එයින්ම මම තේරුම් ගත්තා අද වන විට සමාජයේ මේ දැන්වීම ගැන කවුරුත් කතා කරනවා කියලා.'

 

Comments