දැන් ඇසෙන ටෙලි ගීත­යක් | සිළුමිණ

දැන් ඇසෙන ටෙලි ගීත­යක්

අහස් ගඟේ එහා ඉමේ
සුරං­ගනා රහස් ඉමේ
මිලයි හරි මිලයි තව දුරයි ජීවිතේ
පොළෝ ගැඹ දරා උහු­ලන
පැතුම් මිස හීන නොද­කින
විලක් නැති මලුත් පීදෙයි තාම ලෝකයේ
නිරු­ව­තින් තබා දෙන­යන
ලෝක­යම දකින මොහො­තක
කල්ප­යක් රනින් ගිලි­හුණු හීන බිදේවා
සුරං­ගනා රහස් මායා­වක බොඳ­වෙ­නවා
හද­වතේ තැනක සැඟ­වුණු
ආදරේ දැණුනු මොහො­තක
ජීවිතේ අමිල පැතු­මන් මිලට ගන්නවා
මිලක් නැති මලුත් නොදැ­නිම හීන පුර­නවා

අපි හැමෝටම හීන තියෙනවා. හීන දකිනවා. මේ හීන සහ ප්‍රාර්ථනාවන් කියන්නේ එකම දෙයක් ද, එහෙමත් නොමැති නම් දෙකක් ද?දකින හීනයක් සැබෑවක් කරගන්නේ කීයෙන් කී දෙනාද ? තවත් සමහරු කියනවා එයාලට හීන නැහැ කියලා. ඒක සැබෑවක් ද ?මෙවැනි ජීවිතයේ අපව ජීවත් කරවන සිහිනයන් දහසකුත් ප්‍රාර්ථනාවන්හි සැබෑ ස්වරූපය ගැන ප්‍රේක්ෂක ඔබටම කියල දෙන ටෙලි නාට්‍යයක් තමයි‘තව දුරයි ජීවිතේ කියන්නේ‘ ටිකක් වෙනස් ම අයුරකින් නිර්මාණය වුණු ටෙලි සිත්තමක්.ස්වර්ණවාහීනී නාළිකාවෙන් දිගහැරෙන තේමා ගීතයෙහි ගේය පදවැල් රචනා කරලා තියෙන්නේ අනෝමා ජයවර්ධනයි. සූදාරද සිල්වා, චන්දන ධර්මප්‍රිය, ප්‍රසන්න ඉත්තෑපාන යන අධ්‍යක්ෂකවරු තිත්වයෙහි සමූහ අධ්‍යක්ෂණය කළ රයිනි චාරුකාගේ හඬින් ගැයෙන තව දුරයි ජීවිතේහි තේමාවෙන් කියැවෙන අරුත ගැන අනෝමා අපට කීවේ මෙවන් අදහසක්

‘ ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතයට පණ පොවන ‘මීනා‘ නැමැති තරුණිය එක මොහොතක තමන්ගේ හීන බොඳවුණුවිට සියදිවි නසාගන්නට උත්සහ කරනවා. ඒත් පසුව ඇයට යළි ඇගේ ජීවිතය පිළිබඳ අශාවක් ඇතිවෙනවා. ඒ ඇගේ හදවතට සැබෑවටම ආදරේ දැණුනු පසුවය. හීනය සහ යථාර්තය සමඟ ඇය කරන ගණුදෙනුව මෙහි තේමා ගීතයෙන් තර්කයනට බඳුන් වෙනවා. මේ මනෝමය ගැටුම අපි හැමෝම පොදු වූ දෙයක්. හුදෙක් අපි අපේ ජීවිත වලට එන අභියෝගයන්ට විසඳුම් හොයන්නේ මෙකී හීන සහ යථාර්තය සමඟ කරන ක්‍රීඩාව අත්නොහරින විටයි. හීනයන් සැපතයි කියන සමහරු තම ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ ගන්නවා. හීන අපිට ගොඩක් දුරයි සැබෑ කරගැනීමට දෑස් වසා දකින මේ සිහින යථාර්තවාදීව දෑස් ඇර බැලූ කල්හි සැබෑවටම සිහිනයක්ම,මිරිඟුවක්ම පමණයි.අපි දන්නවා හීන සැබෑ කර ගැනීම වෙනුවෙන් ඇතැම් අවස්ථාවල සමහරු ජීවිතය වුවද ලන්සු තබන්න සූදානම්. දෑස් හැර බැලූ කල්හි එහි සැබෑ ස්වරූපය අපට වැටහෙනවා. ඒ මොහොතේ සමහර විට අපට දරාගත නොහැකියි. වේදනාකාරී මොහොත ද විය හැකියි.

අපි කොතරම් යථාර්තවාදී කිවුවත් අපේ හිත අස්සේ සැඟවුණු ආදරේ හරියටම දැණුනු ඒ මොහොත මිල කරන්නට නොහැකි අපේ ප්‍රාර්ථනාවන්ට ලන්සු තබනවා. මොකඳ ආදරේ තමයි අපේ දකින සෑම සොඳුරු සිහිනයකම පදනම. ‘තවදුරයි ජීවිතේ‘ තුළින් සමාජයට ලබාදිය හැකි පණිවුඩය එයයි. තේමා ගීතයෙන් ප්‍රේක්ෂකයන් ඒත්තු ගැන්වීමට මට ඇවැසි වූයේ එයයි. 

Comments