කවි කල්පනා | සිළුමිණ

කවි කල්පනා

විස්මිත  පෙම්සිත

පුලිනතල­ මත වෙරළ මතු­පිට
ලියමි පෙම්කවි නුඹ නමින්
භදා කල්පය ඇති තුරා­වට
නොම මැකෙ­න්නට සිඳු රළින්...

ළබැඳි ඇම­තුම් තාරුකා මල්
පුබුදු වෙයි නම් මුව සරින්
ප්‍රේමයේ ඔබෙ සොඳුරු අහ­සක
තරු ගණි­න්නෙමි සන්තො­සින්....

නබෝ ගැබ හා පො‍ළෝ තල­ය ද
වෙන් කර­න්නෙමි ක්ෂිතිජ ඉම ගොස්
හදේ පතු­ලෙම වෙළී පව­තින
සෙනෙ­හසේ මුව­හත් සැතින්...

කල්ප ඉම­ තෙක් මැකී නොය­නට
අඳි­න්නෙමි හද සුපෙම් සිත්තම
සුනිල් නික­සළ දිය මතින්
රූ සිරිය නම් තෙලි­තු­ඩින්...

සුදුසු සිති­විලි පමණ කොප­මණ
පෙම්බ­රිය මට පිදු හදින්
පො‍ළොවෙ වැලි කැට මනි­න්නෙමි මම
දැන­ගන්න හැකි­ නම් සැණින්....

සරත් කුමාර වික්‍ර­මගේ


ආයා­ච­නයයි


හදා ගන්නට සිත මගේ
මකාලන්නට රුව නුඹේ
දකි­න්නට පෙර ජීවිතේ ඉම
වඩ­න්නට විද­සුන් බවුන්,
ඇවිත් යන­වද එක් වරක්
එදා පෑ සෙනෙහේ නමින්
බලා ගන්නට ඇස් ඉදි­රියේ
නුඹේ විය­පත් රුව ඉතින්

ජය­සේන කොඩි­තු­වක්කු


මඟ හැරුණු ප්‍රේමය

පමා වෙලා ආ ප්‍රේම­යයි ඔබ
අවේ­ලාවේ හමු වු
මඟ හැරී ගියත් එය
දරාගන්න අප­හ­සුයි
ඔබට මාව....

හිතා ගන්න­වත් බැරි ලෙස
වෙළාගත් අයුරු සිත
තබා­ග­ත්තෙමි මහද ඔබ
සොයා ගිය­මුත් නිතර ඔබ
පසුතැවීම පම­ණක්ම
අව­සා­න­යට ඉතුරු විය

සඳ­රු­වන් කරු­ණා­ති­ලක


අප­රා­ජිත

මට අහිමි වී
ඔහු සතු වූ
නුඹ ආයෙ­මත් ඇවි­දින්
සිප ගත්තත් මා මුව
එකම එක වරක් වත්
සිප ගන්නේ නැහැ
නුඹව මං
නොඉ­ඳුල් නිසා නොව මා
අන් සතු නිසා නුඹ

ජෝජ් රොබ්සන් ද සිල්වා


අම්මා

දස මසක් මා කුසෙහි රන්දා
ළයේ රුහි­රය කිරට නංගා
මාව මෙලො­වට ගන්න කැන්දා
නේක දුක් කම් කටොලු වින්දා

නිදි වරා ලෙඩ - දුකට පත්දා
උණු­සු­මින් නුඹෙ, සුවය රන්දා
අපේ සුව සෙත පිණිස කැන්දා
සියලු කර­දර නුඹ‍ට විත­රද

පැමිණි දුක් පැණි රසින් හංගා
නිතර හිරි­හැර ගැහැට වින්දා
නුඹේ දිවි­යම අපිම හන්දා
නුඹට වැන්දා ඇතිද මන්දා

නලින් දිසා­නා­යක


ධීව­ර­යාගේ සාක්ෂිය

(පුව­තක් - හලා­වත ධීවර උද්ඝෝ­ෂ­ණ­යේදී වෙඩි කා ඔත්පළ වීමෙන් මුහුදු රස්සාව කර­ගත නොහී දුකට පත් ධීව­රයා ගෙල වැල ලාගෙන නසී)

ලයි­සන් තුව­ක්කුව මානා කට­කාර
ඇයි මහ­තුනේ දුන්නේ මට වෙඩි­පාර
දෙයි­යොත් දුවද්දී දැක මරු අව­තාර
අයියෝ අපට මර­ණය විත­රද බාර

සාගර ජලය මඳි හැඬුවා බඩ හින්දා
ධීවර අ‍ඳෝනා මූදේ ඉකි­බින්දා
කෑමොර ගසා කිව්වේ දුක වැඩි හින්දා
සෝබර පපු කැනති වේව්ලා ගිනි බින්දා

ගොදු­රක රුහිරු බීගෙන වෙඩි බිඳිල්ලේ
කකු­ලක සවිය බිඳිලා කය තොටිල්ලේ
පවු­ලක විලා­පය පොළොවේ හැපිල්ලේ
මුහු­දක කඳුළු වඩ­දිය වී ඉපිල්ලේ

ඉන්නේ ‍‍‍කොහොම අබ­ලන් දර­හැවේ දපා
කන්නේ කොහොම අඹු­දරු වෙත දෑත නොපා
ගින්නේ මහිම දුන්නේ නර­කාදි සැපා
යන්නේ මෙහෙම මට අනු­ක­ම්පාව එපා

වැල්ලේ පිපෙන වෙඩි­මල වාස­නා­වන්
මල්ලේ හැපෙන වෙඩි­සැර වාස­නා­වන්
රැල්ලේ ගැටෙන වෙඩි­හඬ වාස­නා­වන්
බෙල්ලේ වැටෙන ලණු­පට වාස­නා­වන්

කුමාර හෙට්ටි­ආ­රච්චි
 


කෝමලි

කෝනේ­ශ්ව­රම්
කෝවිලේ දි හමු වී
කෝ පෑ සිනා
කෝමලි......

සිඳු දඹ
පතුල සිඹ
විදෙනා රළ පෙළසේ
සුදු මුදු
ළවැලි මත
...... කිරි කව­ඩිසේ ...
කෝ පෑ සිනා
‍‍කෝමලි.....

නළ­ලත තිලක පෑ
රිවි මඩල ඇමිණි
සිතිජ ඉම තිර්ථ
යාත්‍රාව ගිලුණි.....

සුන් බුන් මැදින්
ළසො­වින් වලප්නා
පිච්ච මල් සුගන්ද ලිහිණි....
කෝ පෑ සිනා
‍‍‍කෝමලී

සර­ත්චන්ද්‍ර බණ්ඩාර



ඇස් කොනින් බලන්නී
රහස් කොඳුරන්නී
සෙනෙහෙ පුදන්නී
මහද චංචල කරන්නී

සමුද්‍ර නිර්මාල්



එයා යන්නම ගියා

අඬන නෙළු­මක රෝස කම්මුල්
හෙමින් පිරි­මැද විකා
අකුණු සැර­යක ගිනි පුපුරු මෙන්
හිතක් පොඩි­කර ගියා.....

මලවි හීසර නොරැඳි නෙත් යුග
වියෝ සළු­වක ඔතා
ඇවිත් ගිය හැටි අදත් රහ­සක්
පපුව අස්සට ඔයා....

වලා­කුළු ඇති බිමට එබිලා
මලී සෑ ‍කොත වැඳා
කොතේ රැස් මෙන් ඔබේ ඇස් ගැන
කවි නොලි­ය­වෙයි මෙදා......

ඇහැළ පෙත්තක ගලපු රොන්සුනු
සීරු­වට ගෙන තබා
මිනී­මල් පිපි සොහොන ........
තිය­න්නම් හිත හදා...

ඉරත් ගිනි­ගෙන දැවෙන යාමෙක
සැඳෑ කළු­වර පෙරා
තරුත් ළඟ නැති පාළු අහ­සක
සඳක් යයි අඬ අඬා ...

තිසා වැව් දිය ඉවුරෙ හැප්පී
හාදු දෙන සේ හඬා
තියා හුස්මක සුවඳ විත­රක්
එයා යන්නම ගියා....

ශ්‍යාමා රන­පති
 


එදා සහ අද

එදා නිල් නුවන් යුග
උපැස් යුග­ලෙන් වැසී
නුරා කැන් ගැලු වත
ඇත හැකිළ සුදු­මැ­ලිව
නීල ගන කෙස් කලඹ
ඇත රිදී පැහැති වී
ගෑ සඳුන් නෙත් අඳුන්
වතට නුහු­රක් ය අද
කෙළි කවට සිනා­වෙන්
කෝල තෙපු­ලින් පිරී
දොඩ­ම­ලුව තිබූ මුව
ඉසි­ඹු­වක් ලද සේ ය
මිමිණු පෙම් ගීතිකා
සිතින් ගිලිහී ගොසින්
පන්සලේ බෝම­ළුවෙ
එම සිලෝ­ප­දය අද

පද්මා ජය­සිංහ දස­නා­යක


පන් මල්ලේ කසු­කු­සුව

තුන් ඉරි කොළ ඉරා නිසි අන්ද­මට යොදා
ගම් බද ළඳුන්ගේ දෑතින් යසට හදා
ගෙන් ගෙට යැවූ අගනා නිප­යු­මකි එදා
පන් මලු කොහේ­වත් පෙනෙ­නට නොමැත මෙදා

නෙක නෙක රූ රටා මව­මින් සොඳු­රු­තම
සැක­සුණු ඉතා අගනා ලෙස නිබ­ඳ­වම
රැක දුන් හෙළ ගතිය එද­වස ගෙයක හැම
නොක­රයි පන් මල්ල අග­යක් යුගයෙ මෙම

ගෙයින් ගෙයට නෑගම් ගිය නොයෙක වර
ගමෙන් නික්ම පිට­ගම් යන අත­ර­තුර
ගමන් මල්ල ලෙස සැල­කුව ඇතිව තිර
අතින් බැහැර නොම­වුණි යුග­ය­කට පෙර

දහ­වල ඇඹුල - තේ ටික ගෙන ගිය කෙතට
පල­වැල නෙළ­න්නත් එද­වස ගත් අතට
කඩ­පළ පන්මල්ල හුරු විය ගැමි කතට
පැව­තුණ සොබා­සිරි ගම මෙන් නග­ර­යට

සුව­දා­යක සහ­යක් වුණ සියලු විට
නව මාදි­ලියෙ පොලි­තින් මලු රැගෙන ගෙට
ඉව­තට දෑය පන්මල්ල ද එදින සිට
බිලි වුණ නිසා පරි­සරෙ විය­ස­න­ය­කට

සිලි සිලි මල්ල වැජඹුණු කල මෙමිහිමි පිට
ගිලිහී ගියත් ජන මෙහෙ­වර අගය කොට
පොලි­තින් තහ­න­මක් රජ­යෙන් පැනවු විට
යළි පන්මල්ල ගෙනැ­විත් ඇත කර­ළි­යට

අප­රැක්කේ සුනිල්


කවි­යකු අතින් වුව...

ඉර හඳ ගල­ගෑව සඳ කිරි කට­ගෑව
තරු කිනි­ත්තෙන් පැන් වැඩුව
කැකුළු පෙති­වල සෙනෙ­හ­සම තැව­රුවෝ
නම් වෙන කව­රහු ද?‍
කවියෝ හැර...

ඉර­බටු තරුව වට­කුරු
ළා රෝස පැහැ­යෙන් දිදුල
අත මිටෙන් මොළවා සෙමෙන්
බෙලි කටු­වක් තුළ හෙවූ හැටි
මොන තරම් අපූරු ද?

මුතු ඇටය විශ්වයේ
පුංචි ම අංශුව නිම කළෝ නම්
වෙන කව­රහු ද?

ගං දෑල මල් පදුරු යට
තුරු ගොමු උයන් සෙව­ණැලි වදුල යට
විස සපුන් සැඟව සිටින වග
ඔබට මට පැව­සුවෝ නම් වෙන කව­රහු ද?

සුර විමන් මිණි මැඳුරු තුළ ද
අතු පැලෙහි අගු පිලෙහි ද වැද
සාද ඇරි­යුම් ලැබූවෝ නම් වෙන කව­රහු ද?

වීදුරු ගෙව­ල්වල පහස ලද
සුදු පිරු­වට වෙස් බැඳ
එ‍රෙහි වූවෝ නම් වෙන කව­රහු ද?

මධු පිරුණු බඳු­නක හැඩ­යට වසඟ වී
මී විතක් තොල­ගාන අතර
ගලිත රූ අකු­රු­ව­ලින් පද ගෙතුව
කවි­යකු වුව ද ඔහු අතින්
වීදු­රු­වක් බිඳිය හැකි ය...

නිමල් ජය­රත්ත


මීවි­තකි සෙනෙ­හස

දුක­කට කඳුළ සැලු­ණද
නු‍ඹෙ වත රුසිරූ
සිහි­ලැල් තුටු දියයි
හද­වත සුව ඇතිරූ
දලු ­ලන සොවක
ඉකි ලන හඬ මට මහරූ
සව­නත පිනයි මියැ­සිය
ළෙන්ගතු මියුරූ...

සතු­ටක මඳ­හ­සට
කුමු­දක පෙති මෙන්ම
පිනි­දිය ඉසින මගෙ සිත
පිබි­දෙන හැල්ම
මිමි­නුම් සරට ළෙන්ගතු
සිති­විලි එත්ම
සෙනෙ­හස මී විතකි
මී බිඳු ඉති­රෙත්ම...

බොහෝ ලස්ස­නක්
බාඳුර මලෙක වෙතත්
විස ගත් බවම දහ­මකි
ලොව තිබෙන තුරුත්
සතු­ටෙත් දුකෙත් සුන්දර
ළෙන්ග­තුව ඇතොත්
ලෝකය සොඳුරු මැයි
සස­රින් සසර යතත්...

සරත් කුමාර වික්‍ර­මගේ


සේපා­ලිකා...

සේපා­ලිකා,
පිවි­තුරු ය, නුඹ
සුවඳ ඉමි­හිරි ය
පිපී හිනැ­හෙන හැම රෑක
අව­දිව මසිත් අහස
ඔබ තුරු­ලුව
තුරු යට ම මං උන්න
පිපුණ මල් මට දුන්න
සුවඳ විත­රක් උන් ගත්තු
පෙති කඩා විසිර ගිය
රෑ කුණා­ටුව වසත් කල
නිල් නෙතග අස­රණ ය
අහස නුඹ දුටුවෙ ද
කඳුළු මැද සෝ විලා­පය
ස‍ඳේ නුඹ ඇසුවෙ ද
කිමද ඔබලා සැත­පුණි ද
තරු පම­ණක්ම අව­දිව
සේපා­ලිකා,
පිවි­තුරු ය, නුඹ
සුවඳ ඉමි­හිරි ය
අදත් බොඳ ව හද­වත සුවඳ කරන

අ‍ශෝක කුමාර කුල­තුංග
 


වතුර මල

යන්ත්‍රා­නු­සා­ර­යෙන්
කඳ මැදින් ඉහළ ගොස්
අහස තුළ විසිර යන
තුන් පෙති නහ­ව­මින්
බිමට එන ආයේ යන
කොන්ක්‍රීට් වතුර මල
මවයි පිය­කරු දසුන
මලක් නැති මුඩු බිමට

චන්ද්‍ර ජය­වීර


හරි මඟ

මත්පැන්, මත්කුඩු විනාශ වේවා
සුරා සැලේ දොර ඉබේ වැසේවා
අප රට තුළ මස් කඩ නැතිවේවා
මිනි­සුන් හරි මඟ­කට යොමුවේවා

බල ලෝකය සිත් තුළ නැති­වේවා
ද්වේශය වෛරය හදෙහි නොවේවා
මෝහ ගතිය තුළ මුලා නොවේවා
මිනිසා නිවැ­රැදි දෘෂ්ඨි දකීවා

යහ­පත් කල්ප­නා­වට ඔබ පැමි­ණෙන්න
යහ­පත් කර්මා­න්තයේ ඔබ නියැ­ලෙන්න
යහ­පත් වච­න­යෙන් දන මන පින­වන්න
යහ­පත් කෙනෙකු ලෙස දිවි මඟ ගෙන යන්න

යහනේ ලෙසින් උත්සා­හය අර­ඹන්න
යහ­පත් සිහිය හැම­තැ­න­ටම යොද­වන්න
යහ­පත් සමා­ධිය වෙත නිර­තුරු එන්න
පරම ධනය ලැබ ජීවිත ගෙන යන්න

සරෝජා රම්‍ය­ලතා වීර­ස‍‍ූ­රිය

Comments