
සුනිල් අරුණ වීරසිරි මුලින්ම සිනමා නිෂ්පාදනයට යොමු වී පසුව අධ්‍යක්ෂණයට ද පිවිසියේය. එයිනු ද නොනැවතුණු ඔහු පසුගියදා සියලු පහසුකම්වලින් යුතු සිනමා ශාලාවක් ගොඩනගමින් සිනමා ශාලා හිමියකු බවට පත්වුණේය. ව්‍යාපාරිකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කර වර්තමානයේ ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍ර යේ උන්නතිය වෙනුවෙන් සක්‍රීය ලෙස මැදිහත් වී සිටින සුනිල් අරුණ සමඟ කළ පිළිසඳරයි මේ.
ඔබ සිනමා කර්මාන්තයට යොමු වන්නේ ඇයි?
පොඩි කාලයේ ඉඳලා තිබුණු සිනමා පිස්සුව හරහා ඇතිවුණු දෙයක්. සිනමාව කියන්නේ මං වැඩිපුර ආසා කරපු විනෝදාංශය. පොඩි කාලේ හරියට ෆිල්ම් බලනවා. ස්කූල් කට් කරලත් ගිය යුගයක් තිබුණා. සිනමාව කියන්නෙ ඇත්තටම මායාවක් වුණත් මේ සිනමා පටවල පෙන්වන ඒ මායාවලට, ඒ සිහින ලෝකයට අපි හරි ආසයි. ඒ නිසා චිත්‍රපට බලලා අපිත් ඒ සිහින ලෝකවලම තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා වැනි චරිත අපේ මනසේ වැඩ කරනවා. ඔවුන් අපේ සිහින ලෝකවල ජීවත් වෙනවා. සිහින ලෝකවලට අපිව ගෙනියනවා. ඒ නිසා හැබෑවටමත් අපි ඒ ලෝකවලට කැමැතියි. නමුත් ගෙදරට ආවට පස්සෙ ගෙදර ඒ ලෝකෙ නැහැ. සමහරු එතකොට ඒ සිහින බොඳ කරගන්නවා. සමහරු ඒ සිහින යථාර්ථයක් කරගන්න උත්සාහ කරනවා. කුඩා කාලයේ ඉඳලා අන්න ඒ සිහින යථාර්ථයක් කරගන්න උත්සාහ කරපු කෙනෙක් තමයි මම.
කොහොමද ඔබ මේ සිහිනය සැබෑකරගන්නේ
කුඩා කාලයේ මනසට එන දේ තමයි පසුකාලීනව ටික ටික ගොඩ නැගිලා ඒවා සාර්ථක කර ගන්නේ. උදාහරණයක් ගත්තොත් පුංචි කාලයේ එක එක්කෙනා සිහින මවනවා. මාධ්‍ය වේදියෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න. පොඩි කාලයේ ඇතිවන මේ බලාපොරොත්තු මැරිලා යන්නෙ වෙන වෙන ක්ෂේත්‍රවලට යොමුවීමත් එක්ක. එහෙත් මට මම සිනමාව තුළ දුටු සුන්දරත්වය යථාර්ථයක් කරගන්නේ කොහොමද කියන බලාපොරොත්තුව තිබුණා. මේ හීන යථාර්ථයක් බවට පත්කරගන්න ගොඩක් අය තුළ වැඩ පිළිවෙළක් නැහැ. මට මේ අධිෂ්ඨානය තිබුණා. එහෙම වැඩ පිළිවෙළක් නැත්නම් ඒවා සිහින බවටම පත්වෙනවා කියලා මට වැටහුණා. ඒකට සල්ලි අවශ්‍යයයි. සල්ලි නැතුව මුකුත් කරන්න බැහැනෙ. ඉතින් මම පළමුවෙන්ම උත්සාහ කළා මිල මුදල් හොඳට හම්බ කරන්න මාර්ගයක් ඉස්සෙල්ලම හදාගන්න ඕන කියලා. මම රජයේ රැකියා කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. මගේ හිත ගියේ ව්‍යාපාරිකයෙක් වෙන්න. කැපවීමෙන්, මහන්සියෙන් වැඩ කරලා ව්‍යාපාරිකයෙක් විදිහට මම සාර්ථක වුණා. ඊට පස්සෙ එදා මම කුඩා කාලයේ දැකපු හීන හැබෑ කරගන්න පුළුවන් වුණා. එහි ප්‍රතිඵලය තමයි මම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ සිනමාශාලා හිමිකරුවෙක් බවට පත්වීම.
චිත්‍රපට නිෂ්පාදකයෙක් වුණු ඔබ අධ්‍යක්ෂණයටත් පිවිසෙනවා?
මම ව්‍යාපාරිකයෙක් විදිහට ඉදිරියට ආවා වගේම චිත්‍රපට ලෝකයට මගේ තිබුණු හීන හැබෑ කරගන්න නම් ඒ ගැන හොඳින් දැනගන්න ඕන කියන දේ මම දැනහිටියා. ඒ අනුව මේ චිත්‍රපට කර්මාන්තය පිළිබඳව මම මුලින්ම හොඳින් අධ්‍යයනය කළා. ඊට පස්සෙ තමයි රෝයි ද සිල්වා අධ්‍යක්ෂණ කළ ‘සැපට දුකට සනී‘ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ. ඉන්පස්සෙ ‘ක්ලීන් අවුට්‘ චිත්‍රපටය නිෂ්පාදනය කළා. මේ හැම අවස්ථාවකදීම මම නිෂ්පාදකවරයා කියලා ගෙදරට වෙලා හිටියේ නැහැ. දර්ශන තල තෝරාගැනීමේ සිට රූ ගත කිරීම, සංස්කරණය, පිටපත් මුද්‍රණය, ප්‍රචාරණය වැනි කටයුතුවලට සක්‍රීයව මැදිහත් වුණා. සංස්කරණ කටයුතුවලට ඉන්දියාවට පවා මම ගියා. එහෙම ගිහින් මේ ක්ෂේත්‍රයේ බොහෝ දේ හොඳින් දැනගෙන අධ්‍යක්ෂණයටත් යොමුවෙලා ලාල් පාගොඩ ආරච්චි තිර පිටපත රචනා කළ ‘ටිකිරි සුවඳ‘ චිත්‍රපටය නිර්මාණය කළා. මේ චිත්‍රපට සාර්ථක වුණා. ව්‍යාපාරිකයකු ලෙස මම ලබපු සාර්ථකත්වය නිර්මාණ තුළිනුත් මම ලැබුවා. ඊට පස්සේ මම කළ නිර්මාණය ‘හිතුවක්කාරී‘ තවම තිරගත කරගන්න හැකිවුණේ නැහැ. මම හිතනවා ළඟදීම එයත් තිරගත කරගන්න පුළුවන් වෙයි කියලා.
හිතුවක්කාරි කියන්නේ මොනවගේ නිර්මාණයක්ද?
තරුණ වියේ හිතුවක්කාරකම් එක්ක ආදරය, වීරත්වය, සම්මිශ්‍රණය වුණු කතා තේමාවක් තමයි මෙහි තිබෙන්නේ. මෙහි පිටපත ලාල් පාගොඩ ආරච්චිගේ. ජගත් චමිල, ශේෂාද්‍ර, ලකී ඩයස්, ශ්‍රියාණි අමරසේන, රම්‍යා වනිගසේකර, නිරෝෂන් විජේසිංහ, රොඩ්නි වර්ණකුල, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, දුලීකා මාරපන, සුජානි මේනකා වැනි දක්ෂ ජනප්‍රිය පිරිසක් මෙහි රඟපානවා. අප අතරින් වියෝ වූ ඇන්ටන් ජූඩ් කලාකරුවාගේ අවසන් චිත්‍රපටය වන්නේත් මේ චිත්‍රපටයයි.
සිනමාවේ අර්බුදයක් තිබෙන මෙවැනි කාලයක ඔබ සිනමා ශාලාවක් ගොඩනගනවා.
සිනමාවට ආදරය කරන පුද්ගලයකු වශයෙන් මම චිත්‍රපට නිෂ්පාදනයට, අධ්‍යක්ෂණයට ආසාවක් දක්වන නමුත් හොඳ වෙළෙඳපොළක් තියෙන්න ඕන මේ චිත්‍රපට කර්මාන්තය පවත්වාගෙන යන්න කියන දේ දැනගත්තා. කෙනෙක් මුදලක් වියදම් කරලා චිත්‍රපටයක් නරඹන්න එන්නේ පහසුකම් තිබෙන, ගෙවන මුදලට නියම රසවින්දනය ලැබෙන තැනක් තිබෙනවානම් පමණයි. සුදුසු තැනක් නැත්නම් නිර්මාණයක් එළියට දාගන්න බැහැනෙ. ඒ නිසා මම උත්සාහයක් ගත්තා ඒක අතිශයින් සාර්ථක වුණා. ඒ අනුව තමයි මාගේ ‘අරුණ සිනමා ශාලාව ‘ ගොඩ නැගෙන්නේ. මෙහි ආසන 150 ක් තිබෙනවා. 2 K ප්‍රක්ෂේපනය, ඩිජිටල්, 3 D තාක්ෂණය සහිත සිනමා ශාලාවකදී ලබන්න පුළුවන් ඉහළම රසය ලබාගන්න පුළුවන්. මෙය තිබෙන්නේ කිරිබත්ගොඩ මාකොළ පාර උදේෂි සිටි වෙළෙඳ සංකීර්ණය අසල. පුළුවන් හැමෝම මේ වගේ හොඳ සිනමා නිර්මාණ බිහිකරනවා වගේම හොඳ සිනමා ශාලා ඉදිකළොත් ඉස්සරහට සිනමාවේ අර්බුදය ගොඩක් දුරට නැතිවෙයි කියලා මම හිතනවා.
නන්දා මාලිනී සංගීත ආශ්‍රමයට ඇතුළත් වීමේ අවස්ථාවක්
නන්දා මාලනිය කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගායිකාවක මෙන්ම සම්මානලාභී ශිල්පිනියක්. ඇය එදා මෙදා තුර අපේ සංගීත ක්ෂේත්‍රයට කර ඇති සේවය අපමණයි. වර්තමානයේ සංගීතයේ මොනතරම් අර්බුද මතුවී තිබුණත් ප්‍රවීණයන් ලෙස තමන්ගේ යුතුකම ඉටුකරන්නට ඇය මැළිවන්නේ නැහැ. සංගීතයට කැමැති දූ දරුවනට නිවැරැදිව සංගීත ඥානය ලබා දෙන්න ඇය කටයුතු කරන්නේ ඒ නිසා. සංගීත විශාරද නන්දා මාලනී මහත්මිය මෙහෙයවන සංගීත ආශ්‍රමයට 2019 වසර සඳහා නවක සිසු සිසුවියන් බඳවා ගැනීම මේ දිනවල සිදු කෙරෙන බව ඇය රසඳුනට පැවසුවා.
යහපත් සංගීත රුචියක් ඇති ප්‍රබුද්ධ සංගීත රසික පිරිසක් බිහි කිරීමේ අභිප්‍රායෙන් වසර 32ක් පුරා මෙම ආශ්‍රමය පවත්වාගෙන යනු ලබන අතර ඒ සඳහා මවුපිය, ගුරුවරු හා වැඩිහිටි බොහෝ දෙනකුගේ පැසසුම් ඇයට පුද කර තිබේ. මෙම සංගීත පන්තිවලදී වයස අවුරුදු 08 සිට 12 දක්වා වූ කුඩා දරු දැරියන් සඳහා, ඒ වයස් සීමාවන්ටම විශේෂිත වූ මූලික ස්වර අභ්‍යාස සහිත දරුවන්ගේ මුවට පහසුවෙන් ගායනා කළ හැකි මධුර ගීත මාලාවක් ඔවුන්ගේ කටහඬ පුහුණුව සඳහාම උගන්වනු ලැබේ.
වයස අවුරුදු 12 සිට 15 දක්වා වූ දරුවන්ට පාසල් විෂය මාලාව හා සම්බන්ධ දේශීය ජන ගායනා සහ රාගධාරී විෂය ඇතුළත් සංගීත පාඨමාලාවක්ද, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා තම ගායන හැකියාවන් ප්‍රගුණ කර ගැනීම සඳහා ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයේ ප්‍රවේශිකා, ප්‍රථමා සහ ඩිප්ලෝමා යන පාඨමාලාවක්ද ඉගැන්වේ.
මේ සම්බන්ධ අයදුම්පත් නොවැම්බර් 30 වැනි දිනට පෙර ලේකම්, නන්දා මාලනී සංගීත ආශ්‍රමය, අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ යන ලිපිනයෙන් ලබාගත හැකිය.
අම්මා ජීවන උයන් තෙරේ... නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ...
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ වගේම ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඔහු ගයපු සෑම ගීතයක්ම, එම ගීතය ගයා කෙටි කාලයක් තුළදී රසික හදවත් දිනාගන්න සමත් වුණා. ඒ නිසාම රසික රසිකාවියන් ඔහුගේ ගීතවලට පුදුම විදියට ඇල්මක් දැක්වූවා. ඔහු තමන්ගේ ආදරණීය අම්මා වෙනුවෙන් ගීතයක් කියන්න අමතක කළේ නැහැ. ඒ ඔහු ඒ තරම්ම අම්මාට ආදරේ කළ නිසා.
‘‘අම්මා ජීවන උයන් තෙරේ - නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ...‘‘
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මේ ගීතය තමන්ගේ අම්මා වෙනුවෙන් ගැයූවත් සුවහසක් අම්මාවරුන් වෙනුවෙන් එය ප්‍රණාම ගීතයක් බවට පත් වුණා. ඒත් අපට පසුගියදා කනගාටුදායක පුවතක් දැනගන්න ලැබුණා. ඒ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්මයාගේ අම්මා දැයෙන් සමුගත්තා කියලා. අපි ඒ පුවත ගැන දැනගන්න චන්ද්‍රසේන මහත්මයට කතා කළා.
‘‘අම්මාගේ වයස අවුරුදු 84 යි. ටික දවසක් රෝගාතුරව ඉඳලා තමයි පසුගිය 18 වැනිදා අපෙන් සමුගත්තේ. අද මම වගේම මගේ සහෝදර සහෝදරියෝ මේ තැන ඉන්නේ අම්මා නිසා. අපිව මේ තැනට ගේන්න අම්මා නොගත්ත උත්සාහයක් නැහැ. රබර් කිරි කැපුවා. කැලෑ සුද්ද කළා. ඒ වගේ මහන්සි වෙලා තමයි අපිව මේ තැනට ගෙන ආවේ. ඇත්තටම පුදුම දුකක් තිබෙන්නේ. අම්මා අපෙන් වෙන් වෙලා ගියා කියල තාමත් හිතන්න බැහැ. ඒත් අපි හැමෝම ගෙනාපු ආයුෂ ඉවර වුණාම යන්න වෙනවා. ඒ වගේ අපේ අම්මත් ගියා. අවසන් කටයුතු සිදුකළේ යටියන්තොට සුසාන භූමියේදී. මාත් එක්ක දුක වේදනාව බේදාගන්න එක් වුණ හැමෝටම ස්තූතිය පුද කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.‘‘
ඔහුගේ අව්‍යාජ කලාකරුවකු මෙලොවට බිහි කළ ඒ මවට අපි නිවන් සුව පතමු!
නුවන් කොඩිකාර