රූප­වා­හිනී කලා රාජ්‍ය සම්මාන උලෙ­ළින් | Page 2 | සිළුමිණ

රූප­වා­හිනී කලා රාජ්‍ය සම්මාන උලෙ­ළින්

13 වැනි වරටත් පවත්වනු ලැබූ රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ පසුගියදා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. එහිදී ප්‍රශස්තම නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරා, ප්‍රශස්තම නිළිය ලෙස නදී කම්මැල්ලවීර, ප්‍රශස්තම අධ්‍යක්ෂ ලෙස ආනන්ද අබේනායක, ප්‍රශස්තම ටෙලි නාට්‍යය ලෙස බැද්දේ කුලවමිය සම්මානයට පාත්‍ර විය. එසේම ජූරියේ විශේෂ ඇගයීම් යටතේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී, රංගනය වෙනුවෙන් බිම්සරා ප්‍රේමරත්න, සමාධි ලක්සිරි සහ කැලුම් ගම්ලත් සම්මාන ලැබීය. මීට අමතරව රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රෙය් විවිධ වැඩසටහන් වෙනුවෙන් සම්මාන විශාල සංඛ්‍යාවක් පිරිනැමිණි.


 

Comments