සිය­නෑ­වෙන් ගොස් මහ­වැ­ලි­යෙන් ජීවි­තය දිනූ මිනිස්සු | Page 2 | සිළුමිණ

සිය­නෑ­වෙන් ගොස් මහ­වැ­ලි­යෙන් ජීවි­තය දිනූ මිනිස්සු

අප එහි යද්දී කිර­ලෝ­ගම වැවෙන් යෝධ ඇළට දිය­වර මුදා­හ­රින සොරොව්වේ දොර­වල් ප්‍රති­ස්ථා­ප­නය කර­මින් තිබිණි. මහැ­වැලි අධි­කා­රිය විසින් මේ කට­යුතු පව­රනු ලැබ තිබුණේ කොන්ත්‍රාත් ආය­ත­න­ය­ක­ටය.

මේවා කරන්න ඕන වතුර වහපු කාලෙට. මේ දොර­වල් ගල­වලා මාරු කර­න­කම් කොච්චර වතු­රක් වැඩි­පුර පහ­ළට ගල­න­වද? කොන්ත්‍රාත් දුන්න නම් මේ ගැන හොයන්න බලන්න, නිරී­ක්ෂ­ණය කරන්න අධි­කා­රියේ නිල­ධා­රීන් එන්න ඕන. බ්ලොක් ඔෆිස් එකෙ­න්වත් ඇළ බැම්මට ගොඩ­වෙන නිල­ධා­රි­යෙක් නැති එකේ කොළ­ඹින් මහ­ත්වරු මෙහෙ එයිද?”

- ගොවීන් පව­සන්නේ එලෙ­සය

අතී­තයේ යෝධ ඇළ ගලා­ගොස් ඇත්තේ ඉහ­ළ­ගම හන්දි­යෙනි. අද ඉහ­ළ­ගම හන්දියේ යෝධ ඇළක් නැත. අද වන විට ඉහළ ගම හන්දියේ වෙළ­ඳ­සැල් ඉදිව ඇත්තේ පැරණි යෝධ ඇළ බැම්ම ආශ්‍රි­ත­වය. එප්පා­වල තලාව පාරේ ඉහ­ළ­ගම හන්දි­යෙන් වමට හැරු­ණොත් හමු­වන්නේ මහ­වැලි නව ගම්මාන කිහි­ප­යකි. මේවායේ ඇත්තේ රටේ කඳු­ක­රයේ ඇති ප්‍රසිද්ධ ගම් සහ නග­ර­වල නම්ය. රත්තො­ට­ගම, මාතලේ කොළ­ණිය, මාත­ලේ­ගම, තිස්ප­නේ­පුර, දඹු­ලු­පුර ආදිය ඉන් කිහි­ප­යකි.

“1970-1980දි මහ­වැලි මහ ජලාශ හද­න­කොට මහ­නු­වර, මාතලේ දිස්ත්‍රි­ක්ක­වල ගම්මාන යට­වෙන්න ගත්තා. එත­කොට, ඒ පැති­වල පදිංචි වෙලා හිටපු මිනි­ස්සුන්ට අලුත් ජන­පද හැදුවේ රජ­රට මහ­වැලි කලා­ප­වල. අන්න ඒ විදි­යට, එක එක මැති­ව­රණ කොට්ඨාශ වලින් ගේ දොර අහිමි වෙලා, මෙහාට ආව අය පදිං­චි­කෙ­රුව අලුත් ගම් අද­ටත් හැඳි­න්වෙන්නේ පරණ මැති­ව­රණ කොට්ඨාශෙ නම් වලින්. ටිකක් එපි­ට­හට වෙන්න, අලුත් හඟු­ර­න්කෙත, නව­තෙ­ල්දෙ­ණිය වගේ ගම්මා­නත් තියෙ­නවා.” මේ අපූරු ග්‍රාම නාම වල පසු­බිම අපට පැහැ­දිලි කලේ රත්න බී. ඒක­නා­යක මහ­තාය.

ඉහ­ළ­ගම හන්දියේ සිට ජය­ගඟ බැම්මට යායුත්තේ රත්තො­ට­ගම, මාත­ලේ­ගම හරහා තඹු­ත්තේ­ගම ඉස­ව්වට දිය ගෙනි­යන වාරි ඇළක බැම්ම දිගේය. අපි එහි ගොස් ජය­ගඟ බැම්මට ගොඩවී තර­මක් දුර ආපසු ගමන් කළේ නව ජය­ගඟ මග­හැර ආ එප්පා­වල කොට­සේදී පැරණි යෝධ ඇළේ අව­ශේෂ දැක­ගත හැකි දැයි විම­ස­න්න­ටය.

බිම හෙළන තේක්ක කඳන්

එවිට දැක­ග­න්නට ලැබුණේ, විශාල යන්ත්‍ර සූත්‍ර යොදා­ග­නි­මින් ඇළෙන් එගොඩ පිහිටි යෝධ ඇළ රක්ෂි­තයේ තේක්ක වගා කපා හෙළන ආකා­ර­යයි. මේ ගැන විම­සි­ලි­මත්ව දකි­න්නට නම් අලි වැටෙන් රිංගා නව ජය­ග­ඟෙන් එතෙර වන්නට සිදුවේ. දෙගොඩ තලා යන යෝධ ඇළෙන් පහ­සු­වෙන් එගොඩ විය නොහැකි නිසා හැකි අයු­රෙන් ඡායා­රූ­ප­යක් පම­ණක් ගන්නට සිදු­විය.

යළි ටික දුරක් ඉදි­රි­යට ගිය අපට හුමු­වූයේ නව ජය­ගඟ බැම්මේ තණ­කොළ කපා දමන පුද්ග­ල­යෙකි. ඔහු මහ­වැලි අධි­කා­රියේ අනි­යම් සේව­ක­යෙකි. අපි ඔහු සම­ඟින් ආස­න්නයේ සිදු­වන ගස් කැපීම පිළි­බ­ඳව විම­සු­වෙමු.

“වන සංර­ක්ෂ­ණෙන් තේක්ක ගස් කප්ප­ව­නවා… අලු­තෙන් හිට­වන්න…” තේක්ක වගාව සිදු කරන්නේ වාණිජ අර­මුණු පද­නම් කර­ගෙන නිසා ඒවා නිසි කලදී කපා දැව වෙනු­වෙන් භාවිතා කරයි. යළි නැවැත වගා­ක­රයි. එම තත්ත්වය වන විනා­ශ­යක් ලෙස අර්ථ දැක්විය නොහැකි වුවද, එවැනි බිමක ස්ථීර ප්‍රාථ­මික වනා­න්ත­ර­යක් ගොඩ­නැ­ඟෙ­න්නට හැකි­යා­වක් කිසි­දි­නෙක ලැබෙන්නේ නැත.

පැරැණි ඇළ බැම්මේ තල් වැට

මේ ඉස­ව්වේදී නව ජය­ගග බැම්ම පාළුය. ජය­ගඟ ගලන්නේ යෝධ ඇළ රක්ෂි­තය මැදිනි. අත­රින් පතර තැන­කදී පම­ණක් නිව­සක් දෙකක් හමුවේ. ඒ පැරණි යෝධ ඇළ බැම්ම නව ජය­ග­ඟෙන් දෙකඩ වන ස්ථාන­යන් අස­ලය. නව ජය­ගඟේ බැම්ම දිගේ යන අප පැරණි යෝධ ඇළේ බැම්ම සොයා ගන්නට අපූරු උප­ක්‍ර­ම­යක් හඳු­නා­ගත්තේ මහ­ඉ­ලු­ප්ප­ල්ලමේ සිට මේ දක්වා සිදු­කළ විම­සුමේ ප්‍රති­ඵ­ල­යක් ලෙසය. පැරණි යෝධ ඇළ බැම්මේ රටා­ව­කට තල්ගස් සිටවා තිබූ නිසා, වන වැදී ගිය බැම්ම හඳු­නා­ගැ­නී­මට අපට උප­කාරී වූයේ තල් ගස් පෙළය. යෝධ ඇළ ගලන්නේ නැති නිසා, ආර­ක්ෂා­වක් රැක­ව­ර­ණ­යක් නොමැ­තිව වුවද තල්ගස් පෙළේ තල්ගස් අත­රින් බොහෝ­ම­යක් තව­මත් නිරු­ප­ද්‍රැ­තව හඳුනා ගත හැකිය. නමුත් සම­හර තල්ගස් අවට පදිං­චි­ක­රු­වන් විසින් කපා දමා තිබේ. ගිනි­තබා තිබූ තල් ගස් ගණ­නා­වක්ද මේ ඉස­ව්වේදී අපට දැක­ගත හැකි­විය.

එදා තිබූ අද නොමැති ගම්මැද්ද

“රජ­රට කියන්නේ අපූරු උප සංස්කෘ­ති­යක් තිබුණූ ප්‍රදේ­ශ­යක්… ඒ කාලේ මේ නුවර කලා­වියේ මිනිස්සු ජීවත් වුණේ ගම්මැ­ද්දක… ලොකු ගෙමි­දු­ලක් වට කර­ගෙන, පොඩි පොඩි ගෙවල් ගොඩ­කින් තමයි ගම්මැද්ද හැදෙන්නේ. ගෙද­රක තිබුණේ පිලත්, එක කාම­රේ­කුත් විත­රයි. උයා­ගෙන කෑවේ පොදු මඩු­වක… ඒකට කිව්වේ යාලත්ත කියලා. කැලෑ මද්දෑවේ හුද­ක­ලාව ඉන්නවා වෙනු­වට සුහ­ද­ත්වය වැඩි කර­න්නත්, පිරිමි අය රෑට හේන් රකින්න ගියාම ආර­ක්ෂා­ව­ටත් තමයි එහෙම ජීවත් වුණේ. මේ ක්‍රමය මුලින්ම වෙනස් වුණේ 1818 කැරැ­ල්ලෙන් පස්සේ, ඊළ­ඟට මැලේ­රියා වසං­ග­තේදි, ඊටත් පස්සේ මහ­වැලි ජනා­වා­ස­ක­ර­ණ­යේදී. දැන් දකි­න්නම නෑ..” ඒ රජ­රට ගැන පර්යේ­ෂණ කරන රත්න බී. ඒක­නා­යක මහ­තාගේ අද­හ­සයි.

අද නම් රජ­ර­ටට කියා උප සංස්කෘ­ති­යක් නැත. තිබේ නම් ඒ භාෂාවේ ඇති සියුම් වෙන­ස්කම් කිහි­ප­ය­කුත්, කෘෂි­ක­ර්මය හා බැඳුණු වත්පි­ළි­වෙත් කිහි­ප­ය­කුත් පමණි. දහ­සින් බැඳි පියලි පිරි­න­ම­මින් තර­ග­යට ශ්‍රව­ණය කර­වන කොළ­ඹින් විසු­රුවා හැරෙන ගුව­න්වි­දුලි නාලි­කාත්, රූප­වා­හිනී නාලි­කාත් විසින් රජ­රට උප සංස්කෘ­ති­යක අංග බිඳ දම­මින් රටම තනි යායක් කර­මින් සිටී. ලෝක­යම තනි යායක් වෙත්දී එය එසේ නොවිය යුතු­යැයි ප්‍රාර්ථනා කර­න්නට අපට නොහැක. ඒත් රස­ඥ­තා­ව­යත්, සංස්කෘ­තික අක්මු­ලුත් සිඳී ගිය ජාති­යක් යදම් බිඳ දමා ලෝකය සමග මුහුවූ කල සිදු­වන්නේ විනාශ වීම පම­ණක් බැවින් ඒ ගැන වරක් දෙව­රක් නොව කිහි­ප­ව­රක්ම විම­සිය යුතුය.

ඉහ­ළ­ගම දෙස සිට නව ජය­ගඟ දිගේ යද්දී ඊළ­ගට හමු­වන්නේ කිර­ලෝ­ගම ගම්මා­න­යයි. ඒ අත­රින් පතර විල්ලු වැනි ජලය රැඳුණු ඉසව් කිහි­ප­යක් හමු­වන අතර ඒ පුරාණ යෝධ ඇළේ අව­ශේ­ෂ­යන්ය. ඒවාද දැක බලා­ගත් අපි කිර­ලෝ­ගම වැව් බැම්මට පිවි­සු­ණෙමු.

හඳු­නා­ගත් පරිදි පැරණි යෝධ ඇළ කිර­ලෝ­ගම වැව ආස­න්න­යෙන් ඉදි­රි­යට ගලා­ගොස් ඇති අතර නව ජය­ගඟේ ජලය ගමන් කරන්නේ කිර­ලෝ­ගම වැව හර­හාය. කිර­ලෝ­ගම වැව සාපේ­ක්ෂව විශාල වැවකි. සවස් වරුවේ එහි දිය සැන­හෙ­න්නට ආ ගම් වැසි­යන් අත­රින් වෑබැම්ම දිගේ ඉදි­රි­යට ගිය අපි යළි නව ජය­ගඟේ බැම්මට පිවි­සි­යෙමු.

සොරොව් පිළි­ස­කර පෞද්ග­ලික අංශ­යට

අප එහි පිවි­සෙන විට, කිර­ලෝ­ගම වැවෙන්, යෝධ ඇළට දිය­වර මුදා­හ­රින සොරොව්වේ මහ කල­බ­ල­යකි. දස දෙනෙ­කු­ගෙන් පමණ සම­න්විත පිරි­සක් ලොරි­ය­කින් පැමිණ සොරොව් දොර­වල් ප්‍රති­ස්ථා­ප­නය කිරී­මක් එහි සිදුවේ. මහැ­වැලි අධි­කා­රිය විසින් මේ කට­යුතු සිදු­කි­රී­මට පව­රන්නේ කොන්ත්‍රාත් ආය­ත­න­ව­ල­ටය.මේ පැමිණ සිටින්නේ එම ආය­ත­නයේ සේව­ක­යින්ය. ඒ ආස­න්නයේ නාන තොටු­පො­ළ­කට නාන්නට ආ වැඩි­හි­ටි­යෙ­කු­ගෙන් අප මේ ගැන විම­සුවේ වැඩි විස්ත­ර­යක් දැන­ගැ­නී­ම­ටය.

“මේවා කරන්න ඕන වතුර වහපු කාලෙට. මේ දොර­වල් ගල­වලා මාරු කර­න­කම් කොච්චර වතු­රක් වැඩි­පුර පහ­ළට ගල­න­වද? කොන්ත්‍රාත් දුන්න නම් මේ ගැන හොයන්න බලන්න, නිරී­ක්ෂ­ණය කරන්න අධි­කා­රියේ නිල­ධා­රීන් එන්න ඕන. බ්ලොක් ඔෆිස් එකෙ­න්වත් ඇළ බැම්මට ගොඩ­වෙන නිල­ධා­රි­යෙක් නැති එකේ කොළ­ඹින් මහ­ත්වරු මෙහෙ එයිද?”

කිර­ලෝ­ග­මින් නව ජය­ග­ඟට ඔබ්බෙන් ගම්මාන කිහි­ප­යක්ම වෙයි. ඒවා යෝධ ඇළ රක්ෂි­තය තුළ පිහිටා තිබේ. රක්ෂි­තය තුළ පිහිටා ඇති මේ ගම්මා­න­ව­ලට සවස් වන විට වන අලි තර්ජන එල්ල වේ. ඒ නිසා මේ ගම්වැ­සි­යන්ගේ බොහෝ දෛනික කට­යුතු ඉරු බැස ගොස් නොබෝ වේලා­ව­කින් මතු­වන අඳු­රත් සම­ඟම අව­සන් වේ. නව ජය­ගඟ මායිමේ තේකක කැල­යට යාබ­දව කෙසෙල් වගා­වක් පව­ත්වා­ගෙන යන ගාමිණී මාමා ද ඇඳිරි වැටෙ­න්නට කලි­යෙන් සිය කෙසෙල් හේනට පාපැ­දි­යෙන් යන අත­ර­තුර අපට හමු­වූයේ බටු­ව­ත්තත්, කිර­ලෝ­ග­මත් මායි­මේ­දීය.

“මගේ ගම දිවු­ල­පි­ටිය. අපි තරුණ කාලේ ලොකු හාහෝ­වක් ගියා, තඹු­ත්තේ­ගම පැත්තේ මහ­වැලි වතු­රෙන් සරු­වෙලා වගා­ක­රලා, යහ­තින් ජීවත් වෙන්න පුළු­වන් කියලා. පුංචි කාලේ ඉඳන් කැත්ත උදැ­ල්ලට හුරු අත­පය තිබ්බ නිසා, නාහෙට නාහන වය­සෙදි වෙන­සක් හොයා­ගෙන මෙහාට ආවා. වැර­දුණේ නෑ. අක්කර දෙක තුනක කුඹු­රුත්, අක්කර දෙක තුනක ගොඩ ඉඩ­මත් බලා­ගෙන, පවුල් පන්සල් වෙලා, දරු මල්ලොත් හදා­ගෙන හොඳ ජීවි­ත­යක් ගෙනිච්චා.”

ඔහු එදා වෙහෙස මහන්සි වී ජීවි­තය ජය­ග­න්නට රජ­ර­ටට ආවාට අද දවසේ ඔහුගේ දරු­වන් පහ­සු­වෙන් ජීවි­තය ජය­ග­න්නට උප­න්බිම හැරදා කොළො­ම්තො­ට­ටත්, සිය­නෑ­ව­ටත් ගොසිනි. එහෙත් ඔහුගේ ජවය ඉති­රිව තිබෙන තුරු ගොවි­තැ­නින් ජීවි­තය දින­න්නට ඔහු අධි­ෂ්ඨාන කර­ගෙන සිටින බව කතා­වෙන් පැහැ­දිලි විය. ඔහුට ආශි­ර්වාද කර­මින්, වන අලි එළි බසි­න්නට පෙර වගාව වෙත යන්නට අව­සර දෙමින් අපි ඔහු­ගෙන් සමු­ග­තිමු.

රජ සමයේ ඉදිකළ යෝධ ඇළ

නව ජය­ගඟ දිගේ තව­දු­ර­ටත් ඉදි­රි­යට යන අපට ගාමිණී මාමා පැවැසූ මං සල­කුණු අනුව එහා ඉවුරේ පිහිටි ඔහුගේ කෙසෙල් වගාව දැක­ග­න්නට පුළු­වන් විය. එයත් දැක­ග­නි­මින් තව තවත් ඉදි­රි­යට ගිය අපි ඊළ­ඟට ළගා­වූයේ ජය­ගඟ හන්දි­ය­ටය.

බහු­ත­ර­යක් දන්නා ජය­ගග හන්දිය හමු­වන්නේ පාදෙ­ණිය - අනු­රා­ධ­පුර මාර්ගයේ තඹු­ත්තේ­ග­මත්, තලා­වත් අත­රය. එහෙත් එප්පා­වල සිට තලා­වට දිවෙන මාර්ග­යේත් ජය­ගඟ හන්දි­යක් හමුවේ. ඒ නව ජය­ගඟ එප්පා­වල සිට තලා­වට දිවෙන මාර්ගය හරහා යන ස්ථාන­යේ­දීය. නමුත් මෙම හන්දියේ නියම නම බටු­වත්ත හන්දි­යයි.

අතී­තයේ ජය­ගඟ හන්දිය කඩ මණ්ඩිය තිබී ඇත්තේ පැරණි යෝධ ඇළ බැම්මේ මෙපි­ටින්ය. එහෙත් දැන් එහි යෝධ ඇළක් තිබූ බවට හඳු­නා­ග­න්නට කිසිදු සල­කු­ණක් නැත. නව ජය­ගඟ පසෙ­කින් අනෙක් ඉවුරේ ඇත්තේ මහ­වැලි අධි­කා­රියේ ජල පාලන කාර්යා­ල­යයි. ඒ අස­ලින්ම ඇර­ඹෙන්නේ නව ජය­ග­ඟෙන් විහි­දෙන අතුරු ඇළකි. ඒ අප මේ ගම­නේදී සොයා ආ සුවි­ශේෂී මං සල­කු­ණකි. ඒ මං සල­කු­ණෙන් විහි­දෙන අතුරු ඇළ තවත් නොබෝ දුරක් ගලා ගිය පසු ඉපැ­රණි යෝධ ඇළට සම්බන්ධ වේ. එතැන් සිට යළිත් රජ සමයේ ඉදි­කළ යෝධ ඇළ දැක­ග­න්නට අපට වරම් ලැබෙනු ඇත.

දැන් අප නව ජය­ගඟ දිගේ ආ ගමන අහ­ව­රය. මෙතැ­නින් ඔබ්බේ අපට හමු­වන්නේ මහ­වැලි කලා­ප­යක් නොවේ. මහ­වැලි කලාප සරු කර­න්නට ඉදි­වුණු නව ජය­ගඟ තලා­වෙන් ඔබ්බට රාජං­ග­න­ය­ටත්, කලා­ඔ­ය­ටත් ජලය රැගෙන යද්දී එය මඟ­හැර අපේ අර­මුණ වන ඉපැ­රණි යෝධ ඇළේ බැම්ම දිගේ නිද­හසේ යන්නට අපට පුළු­වන.

එහෙත් එක පිම්මේ ඒ ගමන අර­ඹ­න්නට අපට නොහැක්කේ මද ඉසි­ඹු­වක් අවශ්‍ය නිසාය. වෙහෙ­ස­ටත් වඩා දැනෙන්නේ මේ ඉස­ව්වේදී යෝධ ඇළ ගලා ගිය ආකා­රය හඳු­නා­ගැ­නීමේ අව­ශ්‍ය­තා­වයි. අපි ජය­ගඟ හන්දියේ ඇති කුඩා වෙළ­ඳ­ස­ල­කට ගොඩවී අපේ අව­ශ්‍ය­තාව පැහැ­දිලි කෙරු­වෙමු.

“ඔය ජල­පා­ලන කාර්යාලේ ගාවින් යන්න. වම් පැත්තේ හමු­වෙන පළමු ගෙදර ඉන්නේ ස්ටීවන් මාමා. එයා­ගෙන් ඔක්කොම විස්තර අහ­ගත හැකියි.”

අපි ඒ මං සල­කුණු දිගේ ස්ටීවන් මාමා සොයා ගියෙමු.

යෝධ ඇළ දිගේ යන අපේ ගම­නට එක් කළ යුතු යමක් ඔබ­ටත් ඇත්නම් [email protected]

ලිපි­න­යෙන් අපට ලියන්න.

(සංචා­රය සඳහා අවශ්‍ය පාපැදි සම්බ­න්ධී­ක­ර­ණය කළ එප්පා­වල සුනිල් විල්සන් මහ­තා­ටත්, සම්බ­න්ධී­ක­රණ කට­යුතු කල තලාව ප්රදේ­ශිය සභා උප සභා­ප­ති­තුමා ඇතුළු අද­හස් දැක්වූ ගම්වැ­සි­ය­න්ටත් ස්තූතියි!)

[email protected]
ඡායා­රූප - චතුර හේමාල්

Comments