වැඩිම වෛද්‍ය සිසු පිරිස ‌මේ වසරේ | Page 2 | සිළුමිණ

වැඩිම වෛද්‍ය සිසු පිරිස ‌මේ වසරේ

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සංඛ්‍යාව වැඩි කර, මේ වසරේදී වැඩි සිසු ප්‍රමාණයක් වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අපේක්ෂා කරන බව ඒ කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා පවසයි. මේ අනුව මේ වසරේ සිට සබරගමු විශ්වවිද්‍යාලයට හා වයඹ විශ්වවිද්‍යාලයට අලුතින්ම වෛද්‍ය පීඨ දෙකක් එක් වන අතර, මෙහි පළමු කටයුත්ත වන සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි.

මේ නව වෙද්‍ය පීඨ දෙක සඳහා නවක සිසුන් 150 දෙනෙකු බඳවා ගැනෙනු ඇත. ඒ අනුව මෙවසරේ සිට වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී එක් එක් අධ්‍යයන වර්ෂයක් වෙනුවෙන් සිසුන් 1480ක් බඳවාගන්නා අතර, ඉදිරියේදී මේ ප්‍රමාණය තවත් වැඩි කෙරෙනු ඇත. ලබන වසර ආරම්භයේ මොරටුව විශ්වවිද්‍යාලයේද වෛද්‍ය පීඨයක් ආරම්භ කෙරෙන අතර, ඒ අනුව ලබන වසරේ තවත් සිසුන් 75කට ආසන්න පිරිසකට වෛද්‍ය පීඨ සඳහා දොරටු විවෘත වෙයි.

Comments