‘ඊ - ස්වාභිමානි’ සම්මාන උළෙලට ICTA අනුග්‍රහය | Page 2 | සිළුමිණ

‘ඊ - ස්වාභිමානි’ සම්මාන උළෙලට ICTA අනුග්‍රහය

ජාතික මට්ටමේ කටයුතු අතර නමක් දිනාගත් උත්සවයක් ලෙස ස්ථාපිත වී ඇති ඊ ස්වාභිමානී සම්මාන උළෙල 2018 තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කරන ලදුව ගෝල් ෆේස් හෝටලයේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සහ රජයේ නිලධාරීහු, කර්මාන්ත අංශයේ ප්‍රමුඛයෝ, ඩිජිටල් ව්‍යවසායකයෝ සහ තවත් විශේෂ අමුත්තෝ රැසක් සහභාගි වූහ.

රජය සහ පුරවැසි ප්‍රතිඥානයන්, සෞඛ්‍යය සහ යහපත, ඉගෙනීම සහ අධ්‍යාපනය, පරිසරය සහ හරිත ශක්තිය, සංස්කෘතිය සහ සංචාරක ව්‍යාපාරය, සුහුරු ජනාවාස සහ නාගරීකරණය, ව්‍යාපාර සහ වාණිජ්‍යය, ඇතුළත් වීම සහ බලගැන්වීම සහ ඩිජිටල් විනෝදාස්වාදය යන කාණ්ඩ නවයක් යටතේ මේ සඳහා නාමයෝජනා භාරගන්නා ලදී.

මෙම සම්මාන උළෙලේ දී සමාජ බලපෑමක් සහිත කැපී පෙනෙන ඩිජිටල් නවෝත්පාදනයන් පනස් එකක් සම්මානයට පාත්‍ර විය.

දේශීය ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඩිජිටල් විසඳුම් භාවිත කරන මෙම නාමයෝජකයන් නවෝත්පාදනයෙහි කොතරම් දක්ෂ ද? මෙම ව්‍යාපෘතිවලින් සිදු කරන බලපෑම කොතරම්ද? එතුළින් සමාජයේ වෙනසක් ඇති කරන්නේද? මෙම සියලු විකල්පයන් සලකා බලා කර්මාන්ත ක්ෂේත්‍රයේ, අධ්‍යයන ක්ෂේත්‍රයේ සහ රජයේ කීර්තිමත් විද්වතුන් දහහත් දෙනෙකුගෙන් සමන්විත වන මෙම විශිෂ්ට වූ ජූරිය ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි.

Comments