ඔබේ ආර්ථිකය නංවන්න අපි සූදානම් | Page 2 | සිළුමිණ

ඔබේ ආර්ථිකය නංවන්න අපි සූදානම්

මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන එල්බී ෆිනෑන්ස් සමාගමට පසුගියදා පැවැති පීපල්ස් අවෝඩ් සම්මාන උළෙලේ දී ‘ස්ලිම් නීල්සන් වසරේ මූල්‍ය සේවා සම්පාදකයා ජනතා සම්මානය’ හිමි විය. මේ නිමිත්තෙන් එම ආයතනයේ අලෙවි අංශ ප්‍රධානී සුදීප් පෙරේරා මහතා සිළුමිණ වෙත මෙසේ අදහස් දැක්වීය.

මේ සම්මානය හිමි වීමට ගැන ඔබට ඇත්තේ මොනවගේ අදහසක්ද?

එල් බී ෆයිනෑන්ස් කියන්නේ ආයතනයක් විදියට ඉතාම ස්ථාවර එකක්. අපේ රටේ ජනතාව වන අපගේ පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීමට විශේෂත්වයක් දක්වමින් කටයුතු කරනවා. අපට විවිධ සම්මාන ලැබුණු අවස්ථා තිබෙනවා ඒත් මෙම සම්මාන උළෙලේ ඇති වැදගත්කම තමයි රටේ සමස්ත දිස්ත්‍රික්කවල ජනතාව නියෝජනය වන සමීක්ෂණයක් පදනම් කරගෙන පුද්ගලයන් හෝ ආයතනයන් තෝරාගනු ලැබීම.

නීල්සන් ආයතනය ලංකාවේ තියෙන ප්‍රධානතම සමීක්ෂණ ආයතනයක්, ඔවුන් මාස 5ක කාලයක් තිස්සේ රටේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පිළිගත් ක්‍රමවේදයක් යටතේ මේ සමීක්ෂණය කිරීමෙන් තමයි මේ සම්මාන පුද කරන්නේ. මේ සම්මානය ජනතාව විසින් තීරණය කරන නිසා සෑම දෙයකටම වඩා වැදගත් වෙනවා.

අපි කතා කරමු ආයතනයේ ඉතිහාසය ගැන?

1971 ආරම්භ කළ මේ ආයතනයට දැන් වසර 48ක් වෙනවා. එල් බී ෆයිනෑන්ස් නාමය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ජනතාවගේ විශ්වාසය නොබිඳූ නිකැළැල් නාමයක්. මේ ඉතිහාසය ඇතුළත ජනතාවගේ මූල්‍ය සේවා සහ උපදේශන සේවා සපයමින් අංක එකේ මූල්‍ය සේවා සපයන්නා ලෙස සහ තැන්පතු අතින් ඉහළින්ම සිටින අප ගෙවුණු ඉතිහාසයේ වැඩිම ශාඛා ගණනක් සහ සේවක පිරිසක් සිටින අංක එකේ සේවා දායකයා වී සිටිනවා.

ඔබ ආයතනයෙන් මොන වගේ සේවයක්ද ලබාදෙන්නේ?

මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතනයකින් ලැබෙන සෑම සේවයක්ම අපගෙන් ලබාගත හැකියි. ඒවා, නම් වශයෙන් කියනවා නම් ලීසිං, වාහන ණය, නිවාස ණය, උගස් ණය, රන් භාණ්ඩ ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් තැන්පතු, ‍ෙජ්‍යෂ්ඨ පුරවැසි ගිණුම්, වැඩිහිටි ගිණුම්, ළමා ගිණුම්, විදෙස් මුදල් හුවමාරු, ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ කුඩා ව්‍යාපාර ණය සහ පුද්ගල ණය ආදිය අප ලබාදෙන සේවාවන් ලෙසින් දැක්විය හැකියි.

එල්බී ෆයිනෑන්ස් ලබාගෙන ඇති ජයග්‍රහණ ගැන කතා කරමු?

මෙවර හිමි වූ ස්ලිම් නීල්සන් සම්මානයට අමතරව, වරලත් ගිණුම්කරණ ආයතනය පැවැත් වූ වාර්ෂික වාර්තා තරගයේ දී බැංකු නොවන මූල්‍ය අංශයේ රන් පදක්කම දිනාගැනීමත් ලොව ප්‍රමුඛ පළේ සන්නාම වර්ගීකරණ ආයතනයක් වන ඉන්ටර් බ්‍රෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ රටේ හොඳම සමාගම්වලට ඉහළම සන්නාම 20 තේරීමේ දී එවකට 17 වැනි සන්නාමය ලෙසත් බැංකු නොවන මූල්‍ය අංශයේ එකම සන්නාමය ලෙසත් වර්ගීකරණයට ලක් වීමත් අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණ ලෙස දැක්විය හැකියි. මෙයට අමතරව අප ආයතනය සිදු කළ සමාජ සුබසාධන ව්‍යාපෘති වෙනුවෙන් ඇගැයීම් සහ සම්මාන රාශියක්ද හිමි වී තිබෙනවා. එදා විදේශීය විනිශ්චයකරුවකු අතිනුත් මෙවර ජනතාව සම්මානය හිමි වීම නිසා අප ආයතනය මේ රටේ අංක එකේ මූල්‍ය සමාගම බව වඩාත් තහවුරු වෙනවා. මේ නිසා අප මූල්‍ය හා ලීසිං ක්ෂේත්‍රයේ Top of the mind Brand බව නිසැකවම කිව හැකියි. ඉතාම ශක්තිමත් අපි ෆිච් රේටිං යටතේ A- LKA සහතිකය ලබා තිබෙනවා.

මේ සඳහා බලපෑ කාරණා ලෙස ඔබ හඳුනාගන්නා ආයතනයේ ඇති විශේෂ කාරණා මොනවාද?

අපගේ කළමනාකාරිත්වයේ සහ සෙසු කාර්ය මණ්ඩලයේ විශිෂ්ට කළමනාකාරිත්වය සහ වෘත්තිය නිපුණත්වය මේ සඳහා බලපෑ ප්‍රධානතම සාධකය බව කිව යුතුයි. පාරිභෝගිකයා සුරක්ෂිත කොට ඉතා උසස් මට්ටමේ සේවයක් ලබා දීමට හැකි වන පරිදි අපගේ කාර්ය මණ්ඩලයට හොඳ පුහුණුවක් ලබා දී තිබෙනවා. පාරිභෝගිකයාට උපරිම සේවයක් ලබාදීමේ අපගේ ඉලක්කය සාර්ථක කරගැනීමට අති නවීන තාක්ෂණය යොදාගැනීමටත් අප කටයුතු කරනවා. රටේ හැම පැත්තකටම සේවය ලබා දීමට හැකි පරිදි ශාඛා ජාලය ස්ථාපිත කර තිබෙනවා.

ආයතනයක් වශයෙන් ඔබ තම සමාජ කාර්ය භාරය හඳුනාගෙන සිටින්නේ මොනවගේ ද ඒ ගැන විස්තරයක් කරන්න?

2021 දී අප ආයතනයට වසර 50ක් සපිරෙනවා මේ වෙනුවෙන් පැළ 50,000ක් සිටුවීමට අප බලාපොරොත්තු වෙනවා. තුරු වවමු එල්බී “50ට 50,000” ක් යන තේමාව යටතේ ආරම්භ කළ මේ වැඩ සටහනෙන් පැළ සිටුවීමට සීමා නොවී ඒවා රැකගැනීමට ද කැපවීමට අප සූදානමින් සිටිනවා. මේ යටතේ දැනටමත් පැල 20, 000ක් පමණ සිටුවා තිබෙනවා. මේවා පාසල්, ආගමික ස්ථාන, පොදු ස්ථානවල සිදුකර තිබෙනවා. ඒ වගේම කෙනෙක් තමන්ගේ පරිශ්‍රයක සිට අපගේ මේ වැඩසටහනට සම්බන්ධ වී එහි ඡායාරූපයක් එවීමෙන් දායක විය හැකියි. මේ අයට ගනුදෙනු කටයුතුවල දී විශේෂ සහන ලබාදීමටත් අප සූදානම්. වි‍ශ්ෂයෙන්ම අධ්‍යාපනික සහ පරිසර කටයුතුවල දී අපි විශේෂ උනන්දුවකින් ඒවා වෙනුවෙන් කිසියම් කාර්යභාරයක් ඉටු කිරීමට අප සූදානම්.

ඉදිරි වැඩ කටයුතු මොනවගේද?

දැනට අපගේ ශාඛාවලින් සේවය ලබාගන්නා ජනතාවට වඩාත් ඉඩකඩ ඇති පහසු ස්ථානවල ශාඛා නැවත ස්ථාපනය කිරීමට ඉදිරි කාලයේ දී සැලැසුම් රැසක්ම සිදුකර තිබෙනවා පාරිභෝගිකයාට ලබාදෙන සේවය තිරසාර ලෙස ලබාදීමත් ඉතාමත් නවීන තාක්ෂණය මඟින් ඔවුන්ගේ කටයුතු වඩාත් පහසු කිරීමත් අපගේ තවත් අඛණ්ඩ ඉලක්ක බව කිව යුතුයි.

ඔබට පාරිභෝගික ජනතාව වෙත පැවැසීය යුත්තේ කුමක්ද?

මේ සම්මානයත් එක්ක මේ රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ අංක එකේ ආයතනය අප බවට විවාදයක් නැහැ. ඒ නිසා දිවයින පුරා විහිදුණු අපගේ ශාඛා ජාලය වෙත පිය නඟා අපගේ ඉහළම මූල්‍ය සේවාව ලබාගන්නා මෙන් රටේ ජනතාවගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මෙතෙක් අප සමඟ සිටි සියලු දෙනාටමත් අප කෘතඥ වෙනවා.

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments