අම­ර­ණීය සප්ත ස්වර මැවු සොඳුරු කලා­ක­රුවා එච්. එම්. | Page 2 | සිළුමිණ

අම­ර­ණීය සප්ත ස්වර මැවු සොඳුරු කලා­ක­රුවා එච්. එම්.

සඳ තරු නිසලයි

ගහ කොළ නිහඬයි

මුළු ලොව සැතපෙයි

සිතුවිලි විතරක් අවදිවෙලා..

 

ඔහුගේ වියෝවෙන් සඳ, තරු, ගහ, කොළ පමණක් නොව මුළු ලොවම දුකෙන් සන්තාපයෙන් ඇළලී ගොසිණි. එහෙත් ඔහු ගැන සිතුවිලි සෑම හදවතකම යළි, යළි මතකයේ රැව්, පිළිරැව් දෙයි. මෙම ගීතයේ ගායකයාත්, සංගීතඥයාත් දෙදෙනාම අද අපහැර ගොසිණි. හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන පණ්ඩිත් අමරදේවයන් හා පසුගිය (08)දා අපෙන් සමුගත් සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන්ය.

එච්. එම් අපේ ගායන ක්ෂේත්‍රය වෙනස්ම මානයකට ගෙනගිය කලාකරුවෙකි. 1950 වසරේදී මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී උපතලද ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා අපෙන් සමුගත්තේ කලාවට පිරිමැසිය නොහැකි අඩුවක් ඉතිරි කරමිනි. ගී පද රචකයකු, තනු නිර්මාණ ශිල්පියකු ලෙස එච්. එම්. පළමුව ගී තනු නිර්මාණය කෙළේ මාලනී බුලත්සිංහල ගායනා කරන ‘රජමැදුරක ඉපදී සිටියානම්‘ ගීතයටය.

එදා සිට මියයන තුරුම මෙරට ගීත කලාවට අප්‍රමාණ දායකත්වයක් ලබා දුන්නේය. ඔහුගේ විශිෂ්ඨ නිර්මාණකරණයට ඔහුගේ නැසීගිය බිරිය ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහලගෙන් ලැබුණේ නොමද සහයෝගයකි. එමෙන්ම එච්. එම්. ජනප්‍රිය ගායක කසුන් කල්හාරගේ ආදරණීය පියා දවෙයි.

දශක ගණනක් පුරාවට මෙරට ගායන ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීතඥයකු ලෙසින් එච්. එම් මෙරට ගීත කලාවට සිදුකළ සේවය මෙතෙකැයි පැවසිය නොහැකි තරම්ය. ඔහු විසින් නිර්මාණය කළ ගී තනු දහස් ගණන අතුරෙන් හේමන්තයේදී, පෙම් ලොවේදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඬයි, ඔබයි රම්‍ය සඳ කිරණ, පූජාසනයේ ඔබ හිදුවා, කඩමණ්ඩියේ දොළ අයිනේ, මා එක්කලා අමනාප වී දබර, ඇය යන්න ගියා මැකිලා, ප්‍රේමය නම්, ලා දළු බෝපත්, ආදී ගිත රසික සිත් සතන් හී යුග යුග රැව් පිළිරැව්දෙන ගීත බව කිවයුතුමය. මේ ගී තනු දහස් ගණනේ හිමිකරුවා ඔහුය.

මිය යන විට 69වැනි වියේ පසු වු මේ නිහතමානී කලාකරුවා හැමදාමත් කලාවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. ඔහු කවදාවත් සම්මාන, පැසසුම් බලාපොරොත්තුවෙන් කලාව කළ කලාකරුවකුද නොවෙයි. සදාදරණීය සංගීතවේදියාණෙනි ඔබ නැති අඩුව මෙරට ගායන ක්ෂේත්‍රයට අද, හෙට පමණක් නොව මතුවටත් තදින්ම දැනෙනු ඇත. නමුත් ඔබ මිය ගියද ඔබ මැවු සප්ත ස්වරය සදාතනිකව මෙරට ගීත ක්ෂේත්‍රය තුළ සදා රැඳෙනු ඇත. දයාබර කලාකරුවාණෙනි ඔබට නිවන් සුව....

 


SIGNIS සිග්නිස් ශ්‍රී ලංකා උත්තමාචාර සම්මාන උළෙළ -2019

සිනමා සහ ටෙලි නාට්‍ය උත්තමාචාර උලෙළ සඳහා නිර්මාණ භාර ගැනේ

 සිග්නිස් (SIGNIS) ශ්‍රී ලංකා ආයතනය මගින් සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ ශිල්පීන් ඇගයීම වෙනුවෙන් සංවිධානය කරන සිග්නිස් උත්තමාචාර සම්මාන උලෙළ 2019 සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුකෙරේ.

මෙවර සිග්නිස් උත්මාචාර සම්මාන උලෙළේ දී සම්මාන සඳහා සලකා බලනු ලබන්නේ 2018 වසරේ තිරගත වූ චිත්‍රපට සහ 2018 දෙසම්බර් 31 වැනිදාට පෙර විකාශය නිමාකළ කොටස් 100කට නොවැඩි ප්‍රාසාංගික ටෙලි නාට්‍යයන්ය.

සිය නිර්මාණ මෙම උත්තමචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට කැමැති සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වන අයැදුම් පත් සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලයෙන් ලබා ගත හැකිය.

ඔබගේ සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ මෙම උත්තමාචාර සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට කැමැති නම් ඔබගේ නිර්මාණයේ DVD පිටපත් 03ක් 2019 අප්‍රේල් 25 වැනි දිනට පෙර සිග්නිස් ශ්‍රී ලංකා කාර්යාලය වෙත බාර දෙන මෙන් සිග්නිස් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමා ඉල්ලා සිටි.

වැඩි විස්තර දුරකතන අංක 0112693425 / 0718069085 ඇමතීමෙන් හෝ කාර්යාලයට (19, බැල්කම් පෙදෙස, බොරැල්ල කොළඹ 08) පැමිණීමෙන් ලබාගත හැකිය.


රිසි රැස් රැඟුම් 04

රිසි රැස රැඟුම් හතරවැනි ප්‍රසංගය සඳහා නර්තන හා ගායන හැකියාව ඇති නවක තරුණ තරුණියන් සඳහා අය­ැදුම් පත් කැඳවේ. සම්පුර්ණයෙන් නොමිලයේ පැවැත්වෙන වැඩමුළුව ගැන වැඩි විස්තර සඳහා අමතන්න ඉම්රාන් ශාන් 0777 19 63 37

Comments