යුනිපවර් වෙතින් යාරා මිලා ත්‍රී ස්ටාර් වෙළෙඳපොළට | Page 2 | සිළුමිණ

යුනිපවර් වෙතින් යාරා මිලා ත්‍රී ස්ටාර් වෙළෙඳපොළට

ශ්‍රී ලාංකේය කෘෂිකර්ම ක්ෂේත්‍රයට විශේෂිත පොහොර හඳුන්වා දුන් පුරෝගාමී ආයතනයක් සහ වර්තමාන විශේෂිත පොහොර වෙළෙඳපොළෙහි වැඩිම වෙළෙඳපොළ කොටසකට හිමිකම් කියනු ලබන සීමාසහිත යුනිපවර් පෞද්ගලික සමාගම, යාරා මිලා ත්‍රී ස්ටාර් නමින් ‍නවතම නිෂ්පාදනයක් ගොවි ජනතාවට හඳුන්වා දී ඇත. මෙය නෝර්වේ රාජ්‍යයේ යාරා ජාත්‍යන්තර සමාගම විසින් නිෂ්පාදිත එක් කැටයක් තුළ ප්‍රධාන පෝෂක තුනම එනම් නයිට්‍රජන් (N) පොස්පරස් (P) සහ පොටෑසියම් (K) සමාන ප්‍රමාණයෙන් අඩංගු වන (15-15-15 අනුපාතයට) උසස්ම තත්ත්වයේ විශේෂිත පොහොර වර්ගයකි.

වගාවේ ඕනෑම අවදියක භාවිතකළ හැකි මෙම පොහොර විශේෂය ඉක්මනින් ශාකයට උරාගෙන සමබර වර්ධනයක් ලබාගත හැකි ලෙස නිෂ්පාදනය කර ඇති අතර ඕනෑම සම්ප්‍රදායික පොහොර මිශ්‍රණයක් සමඟ මිශ්‍රකර යෙදීමෙන් වැඩි අස්වනු ප්‍රමාණයක් ලබාගත හැකිය. මූල මණ්ඩලය වර්ධනය වීමත් ශාකයේ වේගවත් වර්ධනය සමඟ මල් සහ පල හටගැනීම වේගවත් කිරීමට මෙම විශේෂිත පොහොර වර්ගය උපකාර වේ. සියලුම එළවළු, පලතුරු, මල් සහ විසිතුරු පැළ සඳහාත් තේ, පොල්, කුරුඳු, බුලත් සහ වී වැනි වෙනත් භෝග සඳහාත් මෙම පොහොර විශේෂය ඍජුව හෝ වෙනත් නිර්දේශිත පොහොර සමඟ මිශ්‍රකර භාවිතාර කළ හැකිවේ. එසේම මෙහි අඩංගු පොස්පරස් ජලයේ ඉක්මනින් දියවෙන පොලිපොස්පේට් සහ ඕතොපොස්පේට් සංයෝගයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක ඇති පස් වර්ග සමඟ හොඳින් ක්‍රියාත්මක වේ.

 

Comments