තරු තොරතුරු | සිළුමිණ

තරු තොරතුරු

hit act රංගනයට අලුත් තැනක්

ගිහාන් ප්‍රනාන්දු කියන්නේ වේදිකාව, පුංචි තිරය, සිනමාව යන ත්‍රිත්වයම ජයගත් දක්ෂ රංගන ශිල්පියෙක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයින් ගිහාන්ගේ hit act ගැන අපෙන් තොරතුරු විමසනවා. මොකක්ද මේ hit act කියන්නේ.. මේ ගැන දැනගන්න වගේම ඔහුගේ අලුත්ම තොරතුරු විමසන්නටත් අපි ගිහාන්ට කතා කළා. ස්වර්ණවාහිනියේ විකාශය වන 'ආගන්තුකයා'ටෙලිනාට්‍යයේ රූගත කිරිම්වලට මේ දිනවල සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය 'ප්‍රසිඩන් ස්ටාර්' චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.බෙනට් රත්නායකගේ තවත් අලුත් චිත්‍රපටයකට දායක වුණා. ඒ අතර සුපුරුදු පරිදි වේදිකාවේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මොකක්ද මේ hit act කියන්නේ. නවක පරපුර වෙනුවෙන් මම බම්බලපිටියේ රංගන පාසලක් පවත්වාගෙන යනවා. එහි නම තමයි 'hit act කියන්නේ. එහි දෙවන කණ්ඩාමත් පසුගියදා බඳවා ගත්තා. ඔබත් රංගනය හදාරන්නට කැමැත්තෙන් ඉන්නවා නම් ගිහාන්ට කතාකරල වැඩි විස්තර දැනගන්න පුළුවන්.

නාළිකා තුනකින් තුන් විදිහකට

ඇය එදා මෙන්ම අදටත් ප්‍රේක්ෂක ආදරය නොමඳව ලබාගත් කලා ක්ෂේත්‍රයේ ඉන්න ‍සුන්දර රංගන ශිල්පිණියක්. ප්‍රේක්ෂකයන් ඇගේ රංගනයට කොතරම් ආදරය කලා දැයි කීවොත් තාමත් ඇයව ආමන්ත්‍රණය කරන්නේ 'පබා'කියලයි. කාලයකින් වැඩිය දක්නට නොලැබුණු ඇය එක්විටකම නිර්මාණ කිහිපයක දක්නට පුළුවන්. ඒ ගැන වගේම ඇගේ අලුත්ම තොරතුරු අහන්නට අප ඇයට කතා කළාම ඇය කීවේ මෙවැන්නක්. මේ දිනවල සිරස, හිරු, ස්වර්ණවාහිනි නාලිකා තුනකම එකම දවසේ ටෙලිනාට්‍ය තුනකින් වෙනස්ම විදිහේ චරිත තුනකින් ප්‍රෙක්ෂකයන් අතරට මම එනවා. ඊට අමතරව පසුගියදා තිරගත වුණු අලුත්ම සිනමා නිර්මාණය 'මානය' සිනමා පටයේ 'නෙතුලි' කියන ප්‍රධාන චරිතයට පණ පෙවීමේ අවස්ථාවත් මට හිමි වුණා.

 

මිස් ග්‍රෝගල් චීනයට යන්න සුදානමින්

ඩිශ්නි කියන්නේ නව පරපුරේ ඉන්න රංගන ශිල්පිණියක්. රංගනයට වගේම මෝස්තර නිරූපණ කලාවට ද ඇය ‍උනන්දුවක් දක්වනවා. ඔන්න ඩිශ්නිගේ ඒ උනන්දුවට වටිනා තෑග්ගක් හම්බුණා කියලා අපට දැනගන්න ලැබුණා. ඒ තමයි පසුගියදා පැවැත්වුණු මිස් ශ්‍රි ලංකා තරගයෙන් මිස් ග්‍රෝගල් සිටි පැජන්ඩ් එකේ කිරුළ දිනා ගන්නට සමත් වීමයි. කොළඹ ගලදාරී හෝට‍ල් පරිශ්‍රයේ පැවැති මේ තරගාවලියේ අවසන් තරගයට තරගකාරියන් දොළොස් දෙනකු පමණ සහභාගී වෙලා හිටියලු. කොහොම වුණත් අවසන් තරගයෙන් කිරුළු දැරූ ඩිශ්නි එළැඹෙන නොවැම්බර් මාසයේ චීනයේ පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලියට මුහුණදීමට මේ දිනවල සුදානම් වෙනවලු.

'අම්මා මගේ' හීනයක් සැබෑවුණා

තීක්ෂණ කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක්. අපි හැමෝටම හීන වගේම නොයෙකුත් බලා‍පොරොත්තු තියෙනවා‍නේ. ඔන්න අපේ තීක්ෂණගේත් ගායනය පැත්තෙන් හිතේ තිබුණු හීනයක් සැබෑ කරගන්නට හැකිවෙලා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ තමයි අපේ ගීත කෝකිලාවිය ලතා වල්පොළ ශූරීන් එක්ක ගීතයක් කරන්න ඔහුට හැකියාව ලැබීමයි. ඇය සමඟ ගායනා කළ 'අම්මා මගේ' ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි තීක්ෂණ අපට කීවේ. ඒ විතරක් නෙමෙයි විරාජ් පෙරේරා සහ කුෂාන් මලින්ද එක්ක කරපු අම්මා ගැන කියපු තවත් ගීතයක වීඩීයෝව තීක්ෂණ ළඟදීම නිකුත් කරන්නට හිතන් ඉන්නවා.

 

Comments