දේපළ වෙළදාම් අංශය ශීඝ්‍රයෙන් දියුණුවට | Page 2 | සිළුමිණ

දේපළ වෙළදාම් අංශය ශීඝ්‍රයෙන් දියුණුවට

ව්‍යාපාර ලෝකයේ ප්‍රභලයින් මෙන්ම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩල හා සිද්ධීන්ගෙන් බලපෑමට පත් සංචාරක, දේපළ වෙළදාම් හා ඉදිකිරීම කර්මාන්ත ඇතුලුව බොහෝ කර්මාන්ත නැවතත් ක්‍රමක් ක්‍රමයෙන් හිස ඔසවමින් පවතී. එමෙන්ම ශ්‍රී ලංකාව පෙර පරිදි ආයෝජනයන්ට හිතකාමී ආයෝජන කලාපයක් ලෙස ජාත්‍යන්තරයට දොරගුළු විවෘත කර පවතී.

ශ්‍රී ලංකා පාස්කු ඉරු දින ප්‍රහාරය හේතුවෙන් ඇතැම් ව්‍යාපාර, ගමනාගමන හා සංචාරක මෙන්ම තවද නම් වශයෙන් සඳහන් කලහොත් දේපළ වෙළදාම්, ඉදිකිරීම්, ගුවන් ගමන් හා විවිධ ව්‍යාපාරයන් හට විවිධාකාරයෙන් වෙළදාම් හි සැලකිය යුතු ආකාරයේ ප්‍රභල පහලවැටීමක් දේශීයව හා විදේශීයව පසුගිය කාලයේදී දක්නට ලැබුනි.

Lonely Plant විසින් මෑතකදී නැවත තහවුරුකර ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 2019 වසරේ දී සංචාරය කිරීමට හා අයෝජනයට ඉතා අපූරු තෝතැන්නක් බවයි.

පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව ඔවුන් ලබාදුන් ප්‍රකාශයේ සටහන් වුයේ රට තුල දැනට කුමන අවුල් සහගත බවක් තිබුනද, පෙර පරිදිම සංචාරය කිරීමට ඉතාමත් අපූරු ස්ථානයක් හා තවමත් Lonely Plant හි සමීක්ෂන වාර්තා වලට අනුව සංචාර අතුරින් ප්‍රමුඛස්ථානය ශ්‍රී ලංකාව විසින් තවමත් හිමි කරගෙන ඇති බවයි.

Comments