බොලිවුඩ් චිත්‍රපටයක් පෘතුගාල පාලමක් හොල්ලයි! | Page 2 | සිළුමිණ

බොලිවුඩ් චිත්‍රපටයක් පෘතුගාල පාලමක් හොල්ලයි!

ත්‍රාස ජනක දර්ශන ඉතාම දක්ෂ ලෙස නිරූපණය කිරීමට උපන් හපන්කම් ඇති රංගන ශිල්පියෙකු තමයි, රිතික් රෝෂන්. මේ සුපිරි තරුව තමන්ගේ ප්‍රියතම නළුවා යැයි පැවසූ තවත් ජනප්‍රිය නළුවෙකු තමයි, ටයිගර් ශ්රොෆ්. රංගන ජීවිතයේ මුල්ම වතාවට ටයිගර් ශ්රොෆ්ට රිතික් සමඟ එකම චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයේ නම, ‘වෝ’ (WAR). මේ අලුත්ම චිත්‍රපටය ලබන ඔක්තෝබර් මාසයේදී ලොව පුරා තිරගත වීමට නියමිතයි.

‘වෝ’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූගත වුණේ පෘතුගාලයේ මුහුදුබඩ පෙදෙසකට ආසන්නව පිහිටි පෝටෝ නගරයේදීයි. එහිදී රිතික් සහ ටයිගර් අතර ත්‍රාසජනක සටන් ජවනිකා රැසක්ම රූගත වුණා. මේ දර්ශන සාමාන්‍ය පරිසරයකදී රූගත කිරීම අපහසු කාර්යයක්. අධ්‍යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් තීරණය කළේ දර්ශනවලට අවශ්‍යවූ පෝටෝ පාලම දින දෙකකට වසා දමන්නයි. පෘතුගාල බලධාරීන්ගේ අවසරය මත වසා දැමූ පෝටෝ පාලම මත එම ප්‍රවේගවත්, දුටුවන් ලොමු දැහැගැන්වෙන දර්ශන රූගත කෙරුණා.

“අධිවේගී ක්‍රියාදාම දර්ශන රැසක්ම අපි පෝටෝවල රූගත කළා. විශේෂයෙන් ම, පෝටෝ නගරයේ ප්‍රධාන පාලම උඩ ටයිගර්, රිතික්ව හඹා යන දර්ශනයට වැඩි ඉඩක් අවශ්‍ය වුණා. ඒ නිසයි ඒ පාලම දවස් දෙකක් යනතුරු වහන්න තීරණය කළේ. මේ රූගත කිරීම්වලට පෝටෝ නගරයේ පළාත් පාලන ආයතනයෙන් අපිට හොඳ සහයෝගයක් ලැබුණා. එහි නිලධාරි මහත්වරුන් දැකල තිබුණෙ නැතිලු මේ වගේ ත්‍රාස ජනක සිද්ධියක්.” අධ්‍යක්ෂ සිද්ධාර්ත් එලෙස ප්‍රකාශ කළා.

Comments